23. ශ්‍රද්ධාව නිවන් මගෙහි පිවිසුමයි Flashcards
කොසොල් රජතුමාගේ වඩුවන් දෙදෙනාගේ නම කුමක් ද?
පුරාණ හා ඉසිදත්ත
කොසොල් රජතුමා සිය වඩුවන් දෙදෙනාගේ ශ්‍රද්ධාව ගැන බුදුන්වහන්සේ සමඟ පැවසුවේ උන් වහන්සේ කොහේ වැඩ සිටින විට ද?
මේදතළුම්ප නම් ශාක්‍ය වංශිකයන්ගේ නියම් ගමෙහි වැඩ සිටින විට
සැදැහැවත්කම යනු කුමක් ද?
සසර දුකින් එතෙර වීමට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මගට පිවිසීමේ දොරටුවයි
සැදැහැවත් තැනැත්‍තා අවසන නිවන අවබෝධ කරගන්නා ආකාරය පැහැදිලි කරන්න
සැදැහැවත් තැනැත්තා දහම් ගුරුවරුන් වෙත එළඹෙයි. එළඹ, ඇසුරු කරයි. ඇසුරු කරන්නේ, කන් යොමු කරයි. කන් යොමු කරන්නේ, දහම් අසයි. දහම් අසා සිත තබා ගනියි. සිත තබා ගෙන අරුත් විමසයි.
අරුත් විමසා වටහා ගනියි. වටහා ගෙන ධර්මයෙහි කැමති වෙයි. එහි හැසිරෙයි. හාවනාවට යොමුවෙයි. කෙළවර පරම සත්‍ය විනිවිද දකියි. ප්‍රත්‍යක්ෂ කරයි. නිවන් අවබෝධ කරයි
ශ්‍රද්ධාව යනු කුමක් ද?
නුවණින් කරුණු විමසා තේරුම් ගෙන ත්‍රිවිධ රත්නයේ ගුණ මහිමය පිළිබඳ ව අප සිත් තුළ ඇති කරගන්නා පැහැදීම
කරුණු දැනගෙන ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇති වන පැහැදීම හඳුන්වන නම කුමක් ද?
අවෙච්චප්පසාදය
බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය දැක ඇති වූ ප්‍රසාදය හේතුවෙන් උන් වහන්සේ මග ගිය හිමි නම කවු ද?
වක්කලී හිමි
අවෙච්චප්පසාදය කෙනෙකු තුළ ඇති වන්නේ කෙසේ ද?
බුදුන් වහන්සේ දේශනා කරන ධර්ම මාර්ගය, තමාගේ වර්තමාන ආගමික විශ්වාස හා සැසඳීමෙන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම කෙරෙහි ඇතිවන සන්සන්දනාත්මක ඥානයෙන්
ධර්මය කෙරහි ඇතිවන ප්‍රසාදයෙන් පසු ඇති, නිර්වාණගාමී ප්‍රතිපදාවේ අවසන් පියවර දෙක කුමක් ද?
- සත්‍යය අවබෝධ කිරීම
- ප්‍රඥාවෙන් ත්‍රිලක්ෂණ අවබෝධය
දෙයාකාර ශ්‍රද්ධාව කුමක් ද?
- අමූලික ශ්‍රද්ධාව
- ආකාරවතී ශ්‍රද්ධාව
කරුණු නොදැන ඇතිවන ශ්‍රද්ධාව හඳුන්වන නම කුමක් ද?
අමූලික ශ්‍රද්ධාව
කරුණු දැන ගැනීමෙන් ඇතිවන ශ්‍රද්ධාව හෙවත් බුද්ධිමය ශ්‍රද්ධාව හැඳින්වෙන නම කුමක් ද?
ආකාරවතී ශ්‍රද්ධාව
ඇත් අඩි උඔඅමාව අඩංගු වන සූත්‍රය කුමක් ද?
චුල්ල හත්ථි පදෝපම සූත්‍රය
පරචිත්‍ත විජානන ඥානය යනු කුමක් ද?
අන්‍යයන්ගේ සිත් කියවීමට ඇති හැකියාව
රාගය යනු කුමක් ද?
අරමුණුවල ඇලෙන ගතිය