17. නීරෝගී බව උතුම් ලාභයයි Flashcards
බුදු දහමට අනුව පුද්ගලයාට වැළඳෙන රෝග හැඳින්වෙන නම කුමක් ද?
ව්‍යාධි
දෙයාකාර රෝග මොනවා ද
- කායික රෝග
- චේතසික රෝග
ගිරිමානන්ද නම් භික්ෂූන් වහන්සේට බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සිරුරේ හටගන්නා විවිධ රෝගාබාධ මොනවා ද?
ඇස් රෝග, ශ්‍රවණ රෝග, නාසා රෝග, දිවෙහි රෝග, සිරුරෙහි, හිසෙහි, කනෙහි, මුඛයෙහි හට ගන්නා රෝග, දත් රෝග, ක්ෂය රෝගය, ඇදුම, පීනස, දැවිල්ල, උණ කුසෙහි රෝග, සිහි මූර්ඡා වීම, ලේ අතීසාරය, කොළරාව, කුෂ්ඨ, ගඩු, හමේ රෝග, ශ්වසන රෝග, අපස්මාර, දද, කඩුවේගන්, ගෙඩි, කැසීම, පණු හොරි, රත් පිත්, දියවැඩියාව, අංශභාග, පිළිකා, භගන්දලා
බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන්ට දේශනා කළ රෝග වැළඳීමට හේතු මොනවා ද?
- පිත් ධාතුව කිපීමෙන් වැළඳෙන රෝග
- සෙම් ධාතුව කිපීමෙන් වැළඳෙන රෝග
- වාතය කිපීමෙන් වැළඳෙන රෝග
- වා, පිත්, සෙම් යන තුන් දොස් කිපීමෙන් හට ගන්නා රෝග
- ඍතු විපර්‍යාස නිසා වැළඳෙන රෝග
- වැරැදි කායික ක්‍රියාකාරකම් නිසා හට ගන්නා රෝග
- අනුන්ගේ උපක්‍රම නිසා හට ගන්නා රෝග
- කර්ම විපාක අනුව හට ගන්නා රෝහ
රාග, ද්වේශ, මෝහා දී කෙලෙස් නිසා ඇතිවන මානසික දුර්වලතා බුදුදහමේ හඳුන්වා ඇති නම් මොනවා ද?
- නීවරණ
- උපක්ලෙශ
- සංයෝජන
බුදුරජාණන් වහන්සේ තමා ශ්‍රේෂ්ඨත ම ශල්‍ය වෛද්‍යවරයා බව සඳහන් කළ ප්‍රකාශය කුමක් ද?
“මම සම්බුද්ධ වෙමි. ශ්‍රේෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයා ද වෙමි”
භික්ෂූන් වහන්සේලාගේ කායික නිරෝගිභාවය වෙනුවෙන් බුදුන් වහන්සේ ලබා දී ඇති උපදෙස් සඳහා උදාහරණ මොනවා ද?
- භික්ෂූන් වහන්සේලාගේ රෝග සඳහා නියම කළ බෙහෙත් පිළිබඳ ව විනය පිටකයේ සඳහන් වීම
- පෞද්ගලික පවිත්‍රතාව (පිරිසිදු ව සිටීම, නිතර ස්නානය, සිවුරු අඳන පොරෝනාදිය පිරිසිදු ව තබා ගැනීම) පවත්වා ගැනීමට වදාළ තැන් රැසක් විනය ග්‍රන්ථවල තිබීම
- ගිලන්පස ගැනීමට අනු දැන වැදෑරීම
- සිවුපසය පරිහරණයේ දී සිය නිරෝගිභාවය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව දැක්වීම
- කුසට ඔරොත්තු දෙන තරමට ආහාර ගත යුතු බවබව දැක්වීම
- කැඳ පානයෙහි ආනිසංස සඳහන් කිරීම
- සිවුරු පෙරවීම, පාවහන් භාවිතය, ජලය පරිහරණය ආදී සියලු පෞද්ගලික කාර්‍යයන්හි දී සෞඛ්‍ය සම්පන්න ව ක්‍රියා කිරීමට අනුදැන වැදෑරීම
භික්ෂූන් වහන්සේලාට පනවා ඇති පරිසර සංරක්ෂණයට උපකාරී වන වත් (ශික්ෂා) මොනවා ද?
- ආගන්තුක වත
- ආවාසික වත
- ගමික වත
- භත්තග්ග වත
- වැසිකිළි වත
බුදු දහම ඇසුරින් නිරෝගි වීම පිළිබඳ කෙටි විස්තරයක් ලියන්න
(Not answered yet)
’‘ආරෝග්‍යා පරමා ලාභා’’ යන ගාථාව අයත් වන්නේ ධම්මපදයේ කුමන වග්ගයට ද?
සුඛ වග්ගයට
’‘ආරෝග්‍යා පරමා ලාභා’’ යන ගාථාව හා එහි තේරුම ලියා දක්වන්න
ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ඨී පරමං ධනං
විස්සාස පරමා ඤාති
නිබ්බාණ පරමං සුඛං
ලාභයන් අතරින් නිරෝගී බව උතුම් ය. ධන සම්පත් අතරින් සතුට ශ්‍රේෂ්ඨ ය. ඥාතීන් අතරින් විශ්වාසවන්තයා උතුම් ය. ලෝකයේ හැම සැපතට ම වඩා නිවන් සැපය උතුම් වේ
ධම්මපදය - සුඛ වග්ගය