05. විදසුන් වඩන්නෝ ඇති තතු දකින්නෝ Flashcards
'’ගෞතමයන් වහන්ස, ඇතුළත අවුල් ය; පිටත ද අවුල් ය. සත්ත්ව ප්‍රජාව අවුලෙන් වෙලී සිටියි. කවරෙක් නම් මේ අවුල් නිරවුල් කරන්නේ ද?”
මෙයට බුදුරදුන් දුන් පිළිතුර කුමක් ද?
“ශීල සංවරයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව ද වඩන, බුද්ධිමත් වූ, දක්ෂ වූ, කෙලෙස් නසන වීර්‍යය ඇති, විදර්ශනා ප්‍රඥාවෙන් යුක්‍ත වූ තැනැත්තා මේ අවුල් සියල්ල නිරවුල් කර ගන්නේ ය.”
රාගා දී කෙලෙස් මූලයන් උදුරා දමන නුවණ හඳුන්වන නම කුමක් ද?
විපස්සනා ඤාණය
විපස්සනා හෙවත් විදර්ශනා යන්නෙහි අරුත කුමක් ද?
- යථාර්ථය මනා නුවණින් විශේෂයෙන් දැකීම
- ඇත්ත ඇති සැටියෙන් දැකීම
බුදු දහමේ විදර්ශනා භාවනාව අර්ථ දක්වා ඇත්තේ කෙසේ ද?
විසේසේන පස්සතීති විපස්සනා
විශේෂ වශයෙන් බලයි, දකියි යන තේරුමෙන් විපස්සනා නම් වේ
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන විට දෙවි කෙනෙකු හා බුදුරජාණන් වහන්සේ අතර ‘අවුල් නිරවුල් කර ගැනීම පිළිබඳ සංවාදයක්’ ඇති විය. මෙහි අවුල් යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද?
- ජාති (ඉපදීම)
- ජරා (මහලු ව දිරාපත් වීම)
- ව්‍යාධි (රෝග පීඩාවන්ට ලක් වීම)
- මරණ
ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ බුදු දහමේ හඳුන්වා දී ඇත්තේ කෙසේ ද?
පඤ්ඤා යනුවෙන්
විදර්ශනා භාවනාව ප්‍රඥා භාවනාව ලෙස ද හැඳින්වෙන්නේ ඇයි?
- සියලු කෙලෙස් නසා ඇති කරගන්නා චිත්ත පාරිශුද්ධියෙන් ම ඇති තතු ඇති සැටියෙන් දකින විශේෂ දැක්ම ප්‍රඥාවය
- මේ විශේෂ දැක්ම විපස්සනා හෙවත් විදර්ශනාව නම් වේ
- මේ නිසා විදර්ශනා භාවනාව ප්‍රඥා භාවනාව ලෙස ද හැඳින්වේ
ලෝකය හා ජීවිතය පිළිබඳ ඇති කර ගත හැකි දෙයාකාර අවබෝධය කුමක් ද?
- සම්මුති සත්‍යාවබෝධය
- පරමාර්ථ සත්‍යාවබෝධය
සම්මුති සත්‍යාවබෝධය යනු කුමක් ද?
සාමාන්‍ය ලෝක ව්‍යවහාරය, මිනිසුන් අතර ඇති එකඟතාව
පදාර්ථය සෑදී ඇති සතර මහා භූතයන්* නම් කරන්න
- පඨවි (තද ගතිය)
- ආපෝ (ද්‍රව ගතිය)
- තේජෝ (උණුසුම් ගතිය, ශීතල ගතිය)
- වායෝ (සෙලවෙන ගතිය)
*භූත + ය = භෞතික ස්වරූපයේ**
පරමාර්ථ සත්‍යාවබෝධය යනු කුමක් ද?
විපස්සනාව හෙවත් ප්‍රඥාව ලබා ගැනීම, යථාවබෝධය
බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කර ඇති ස්කන්ධ පහ මොනවා ද?
- රූප (ශරීරය, කය, භෞතික සැකැස්ම)
- වේදනා (වින්දනය, විඳීම)
- සඤ්ඤා (සිත් තුළ උපදින සටහන්, නිමිති)
- සංඛාර (චේතනා, රැස් කිරීම්)
- විඤ්ඤාණ (අරමුණු දැන ගැනීම, විජානනය)
රූප ස්කන්ධය යනු කුමක් ද?
- ශරීරය, කය, භෞතික සැකැස්ම
- සතර මහා භූතයන්ගේ සහ ඇස හා රූප, කන හා ශබ්ද යනා දී සාධකවල එකතුව
වේදනා ස්කන්ධය යනු කුමක් ද?
- වින්දනය, විඳීම
- සැප, දුක් හා මැදිහත් විඳීම්
- ඇස, කන ආදී ඉඳුරන්ට රූපශබ්දා දී අරමුණු හමු වූ විට සිතෙහි ඇතිවන වින්දනය
සඤ්ඤා ස්කන්ධය යනු කුමක් ද?
- සිත් තුළ උපදින සටහන්, නිමිති
- රූප සංඥා, ශබ්ද සංඥා ආදී ලෙස බෙදා දැක්විය හැකි හඳුනා ගැනීම
සංඛාර ස්කන්ධය යනු කුමක් ද?
- චේතනා, රැස් කිරීම්
- කුසලාකුසල කර්ම වශයෙන් දිගු කලක් නැවත නැවත කිරීමෙන් ප්‍රබලත්වයට පත්වන චේතනාව පෙරටු කොට ගත් ක්‍රියා
විඤ්ඤාණ ස්කන්ධය යනු කුමක් ද?
- අරමුණු දැන ගැනීම, විජානනය
- ඇස, කන ආදී ඉන්ද්‍රියයන්ට රූප, ශබ්ද වැනි අරමුණු ලැබීමත් සමග ඇති වන චක්ඛු විඤ්‍ඤාණය, සෝත විඤ්ඤාණය ආදී වූ සයාකාර විජානනය
විදර්ශනා භාවනාව ත්‍රිලක්ෂණ භාවනාව ලෙස හැඳින්වෙන්නේ ඇයි?
- ලෝකයා ‘සත්ත්වයා’ යැයි හඳුන්වන ස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ ධර්මයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නා භාවනාව වන හෙයින්
විදර්ශනා භාවනාව වැඩිය යුත්තේ කෙසේ ද?
- පළමුව ශීල සංවරයෙහි පිහිටා සමාධි භාවනාව වැඩීම
- සමාධිය ඇති කර ගත් විට ඇති වන කුසල සිත මත පිහිටා අනිත්‍ය, දුක්ඛ, අනාත්මාදී වූ ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම
- ත්‍රිශික්ෂාව හා ත්‍රිලක්ෂණය අනුගමනය
බුදුරජාණන් වහන්සේ නිවනට මග යැයි සඳහන් කරමින් ත්‍රිලක්ෂණය පිළිබඳ කළ දේශනය කුමක් ද?
යම් කලෙක ආර්‍ය ශ්‍රාවකයා රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන සංස්කාර ධර්මයන් අනිත්‍ය යැයි ද, අනිත්‍ය බැවින් දුක් සහිත යැයි ද, දුක් සහිත බැවින් අනාත්ම යැයි ද මනා නුවණින් දකී ද, එය ම විශුද්ධිය වූ නිවනට මග වේ
(ප්‍රඥාවෙන් විමසා බලා ඇති කරගන්නා තිලකුණු අවබෝධය)
විදර්ශනා භාවනාව හැදින්වෙන වෙනත් නම් මොනවා ද?
- විපස්සනා භාවනාව
- ප්‍රඥා භාවනාව
- ත්‍රිලක්ෂණ භාවනාව
යථාභූතඤාණ දස්සනය යනු කුමක් ද?
ඇත්ත ඇති සැටියෙන් දැකීම
ත්‍රිලක්ෂණ අවබෝධ කරගැනීම මෙලොව ජීවිතයට ඵලදායී වන ආකාර මොනවා ද?
- චාම්, අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීම
- අසීමිත ආශාවෙන් හෙවත් මහිච්ඡතාවයෙන් තොර වීම
- සම්පත් කෙරෙහි ගිජු නොවීම
- ලද පමණින් සතුටු වීම
- පහසුවෙන් පෝෂණය කළ හැකි වීම
- කාර්‍යයබහුල නොවන, විවේකී අයෙක් වීම
- අටලෝ දහමෙන් කම්පා නොවීම
- උපේක්ෂාවෙන් යුක්ත වීම
- දර්ශනයෙන් මෙන් ම හැසිරීමෙන් ද මැදිහත් වීම
- ආචාරශීලී හා සමාජශීලී බව