19. සසුන සුරැකි සංගායනා Flashcards
ධර්ම සංගායනාවක් යනු කුමක් ද?
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා පනවන ලද විනය භික්ෂූන් වහන්සේලා එක් වී සජ්ඣායනා කිරීම
ශාසනාභිවෘද්ධිකාමී මහ තෙරවරුන් විසින් බුද්ධ වචනය ඒකරාශී කොට, වැරැදි අදහස් ඇතුළත් වී ඇත්නම් ඒවා නිවැරදි කොට, ඇති වන ධර්ම ගැටළු විනයට අනුව විසඳමින්, ශාසන ශෝධනයක් ඇති කරලීම
දැනට සිදු කර ඇති ථේරවාද සංගායනා ගණන කීය ද?
හයකි
දැනට සිදුකර ඇති ථේරවාද සංගායනා මොනවා ද?
- පංචසතිකා සංගීතිය
- බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු රජගහනුවර දී
- සප්තසතිකා සංගීතිය
- බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයකට පසු විශාලා මහනුවර දී
- සාහස්සිකා සංගීතිය
- බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු පැළලුප් නුවර දී
- පුස්තකාරූඪ සංගීතිය
- ක්‍රි.පූ. පළමුවැනි සියවසේ දී ලංකාවේ මාතලේ අලුවිහාරයේ දී
- පස්වන සහ හයවන සංගායනා
- බුරුමය හෙවත් වර්තමාන මියන්මාරයේ පවත්වා ඇත
භාරතයේ දී සිදුකළ හතරවන ධර්ම සංගායනාව හඳුන්වන නම කුමක් ද?
කණිෂ්ක ධර්ම සංගායනාව
වළගම්බා රජුට දෙවන වරට රජ වීමට උදව් කළ භික්ෂූන් වහන්සේ කවු ද?
කුපික්කල මහා තිස්ස තෙරුන්
වළගම්බා රජ සමයේ දී සම්බුද්ධ ශාසනයෙහි ලා මහා විහාරීය භික්ෂූන් වහන්සේලා අතින් සිදු වූ කාර්‍යභාරයට බලපෑම් එල්ල වූයේ කෙසේ ද?
- වළගම්බා රජු අභයගිරි පාර්ශවයේ භික්ෂූන් වහන්සේලාට හිතවත් ව කටයුතු කිරීමෙන් මහා විහාරික භික්ෂූන් වහන්සේලාට ථේරවාද බුදුදහම පවත්වා ගැනීමට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය නොලැබී යාම.
- අභයගිරි පාර්ශවයේ භික්ෂූන් ඉන්දියාවේ සිට පැමිණි ධර්මරුචි තෙරුන්ගේ ථේරවාද දහමට පටහැනි වන ඉගැන්වීම් ගුරුකොට කටයුතු කිරීම නිසා මහාවිහාරික භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරමින් පැමිණි ථේරවාද බුදුදහමට හානිවිය හැකි වීම
වළගම්බා රජුගේ කාලයේ දී අභයගිරි භික්ෂූන් ගුරු කොට ක්‍රියා කළ හිමිගේ නම කුමක් ද?
ධර්මරුචි තෙරුන්
වළගම්බා රජු කුපික්කල මහා තිස්ස හිමියන්ට ප්‍රත්‍යුපකාරයක් ලෙස කරවා පූජා කළ විහාරය කුමක් ද?
අභයගිරිය විහාරය
වළගම්බා රජසමයේ ඇති වූ සාගතයේ නම කුමක් ද?
බැමිණිතියාසාගතය
වළගම්බා රාජ්‍ය සමයේ භික්ෂූන් වහන්සේලා බෙදී සිටි කණ්ඩායම් දෙක කුමක් ද?
- ග්‍රන්ථ ධුරය වඩන භික්ෂූන් (Considered as slightly more powerful)
- විදර්ශනා ධුරය වඩන භික්ෂූන්
අලුවිහාර සංගීතිය හෙවත් සිව්වන ථේරවාද සංගීතිය පැවැත්වීමට හේතු වූ කරුණු මොනවා ද?
- වළගම්බා රජු අභයගිරි පාර්ශවයට හිතවත් ව කටයුතු කිරීම නිසා බුදුදහම ලැබුණු දා පටන් එය ආරක්ෂා කර ගෙන පැමිණි මහා විහාරයට රාජානුග්‍රහය නොලැබී යාම
- අභයගිරි භික්ෂූන් වහන්සේලා ඉන්දියාවෙන් පැමිණි ධර්මරුචි තෙරුන්ගේ ථේරවාද ධර්මයට පටහැනි වන ඉගැන්වීම් ගුරු කොට කටයුතු කිරීම නිසා අනාගතයේ දී ථේරවාද බුදුදහමට හානි වීමට ඉඩක් තිබීම
- වළගම්බා රජ සමයේ වසර දොළහක් පුරා පැවති බැමිණිතියා නම් සාගතය නිසා ධර්මය මුඛ පරම්පරාවෙන් පවත්වා ගෙන ඒම අනතුරුදායක වීම
- යුද ගැටුම්වලින් ගහන වූ වළගම්බා රජ සමයේ ධර්මය කට පාඩම් කරමින් පැමිණි භික්ෂූන් වහන්සේලා දිවි රැක ගැනීමට විසිර යාම හා වනපොත් කිරීමට අවශ්‍ය කාය, චිත්ත විවේකය නොමැති වීම නිසා ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමේ වැදගත්කම පෙනී යාම
- සමකාලීන ඇතැම් භික්ෂූන් වහන්සේලා ශාසනික පිළිවෙතින් පිරිහී යාම
- ග්‍රන්ථ ධුරය වැඩීම සඳහා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම වඩාත් වැදගත් වීම
- ධර්මය ඉගෙනීමට, ඇසීමට හා පර්යේෂණ කිරීමට ඇතැමුන්ට උනන්දුවක් ඇති වීම හා ඒ සඳහා ත්‍රිපිටකය ලේඛනගත කිරීම පහසුවක් වීම
හතරවන ථේරවාද සංගායනාව හඳුන්වන වෙනත් නම් මොනවා ද?
- පුස්ථකාරූඪ සංගීතිය
- අලුවිහාර සංගීතිය
අලුවිහාර සංගීතියට අනුග්‍රහය දැක්වූයේ කවු ද?
ප්‍රාදේශීය පාලකයෙකි
අලුවිහාර සංගීතිය පැවැත් වුණේ කුමන සියවසේ ද?
ක්‍රි. පූ. පළවන සියවසේ
අලුවිහාර සංගීතියට සහභාගී වූ භික්ෂූන් වහන්සේලා ගණන කොපමණ ද?
පන්සියයකි
හතරවන ථේරවාද ධර්ම සංගායනාවේ ප්‍රතිඵල මොනවා ද?
- ත්‍රිපිටක ධර්මය වාචෝත්ගත ව පවත්වාගෙන යාමෙන් එහි කිසි යම් විකෘතිතාවයක් ඇති වීමට තිබූ ඉඩකඩ අවම වීම
- භික්ෂූන් වහන්සේලා නිකාය වශයෙන් බෙදී විවිධ මතවාදයන්හි පිහිටා ධර්මය විවරණය කිරීම තුළින් ථේරවාද බුදු දහම විෂයෙහි එල්ල වීමට තිබූ අභියෝග අවම වීම
- පසුකාලීන ව ලංකාවේ මෙන් ම ලෝකයේ වෙනත් රටවල ථේරවාදී බුදුදහම අභාවයට ගිය අවස්ථාවල දී එය නැවත ස්ථාපිත කිරීමට මෙම ධර්ම ග්‍රන්ථ උපයෝගී වීම
- බුදු දහම ව්‍යාප්ත නො වූ බටහිර රටවලට පසු කාලයේ දී ඒ පිළිබඳ දැනුම බෙදා හැරීමට ධර්ම ග්‍රන්ථ උපකාරී වීම
(To spread Buddhism through Pali Text Society, which was founded by Thomas William Rhys Davids)
භාරතයේ පැවති හතරවන ධර්ම සංගායනාව කුමක් ද?
කණිෂ්ක ධර්ම සංගායනාව
(සාර්වාස්තිවාදී සංගායනාවකි)
කණිෂ්ක ධර්ම සංගායනාව හඳුන්වන අනෙක් නම කුමක් ද?
සාර්වාස්තිවාදී සංගායනාව
කණිෂ්ක ධර්ම සංගායනාවට අනුග්‍රහය දැක්වූයේ කවු ද?
කණිෂ්ක රජු
කණිෂ්ක සංගායනාව පැවැත්වීමට හේතු වූ කරුණු මොනවා ද?
- භික්ෂූන් වහන්සේලා නිකාය වශයෙන් බෙදී ඒ ඒ නිකාය විසින් විවිධාකාරයෙන් බුදු දහම විවරණය කිරීම
- ත්‍රිපිටක පොත් පත් එක් රැස් කිරීම හා ඒවාට සර්වාස්තිවාදී ධර්මයට අනුව අටුවා සම්පාදනය කිරීමේ අවශ්‍යතාව
කණිෂ්ක ධර්ම සංගායනාවේ ප්‍රධානත්වය දැරූ හිමි නම කවු ද?
පාර්ශව තෙරුන්
කණිෂ්ක ධර්ම සංගායනාවේ සභාපතිත්වය දැරුවේ කවු ද?
වසුමිත්‍ර තෙරුන්
කණිෂ්ක ධර්ම සංගායනාවට සහභාගී වූ භික්ෂූන් වහන්සේලා ගණන හා පැවැත්වූ කාලය කොපමණ ද?
සර්වාස්තිවාදී නිකායට අයත් උගත් භික්ෂූන් වහන්සේලා පන්සිය දෙනෙක් විසින් මාස හයක කාලයක් පවත්වන ලදි
(මෙයට සහභාගී වූ සියලු ම භික්ෂූන් වහන්සේලා බෝධිසත්ත්වවරුන් ලෙස සැලකේ)
සර්වාස්තිවාදී සංගීතියේ ප්‍රතිඵල මොනවා ද?
- සූත්‍ර, විනය හා අභිධර්ම යන තුන් පිටකයට විභාෂා නම් සර්වාස්තිවාදී අටුවා ග්‍රන්ථ සම්පාදනය වීම
- අටුවා ග්‍රන්ථ තඹපත් ඉරුවල ලියවා සෙල්මුවා මංජුසාවල බහා ස්තූපයක තැන්පත් කරමින් ඒවායෙහි සුරක්ෂිතතාව තහවුරු කිරීම
- පාලියෙන් පැවති ත්‍රිපිටක බුද්ධ ධර්මය සංස්කෘත භාෂාවට පරිවර්තනය වීම
- විසිර පැවති ගුරු කුල එක නිකායක් යටතට ගැනීම නිසා මහායාන සම්ප්‍රදාය ආරම්භ වීම
- මධ්‍යම ආසියාවේ ධර්ම ප්‍රචාරය සඳහා දූත පිරිස් යෙදවීම
සංගායනාවලින් සමාජයට ලබා දෙන ආදර්ශ මොනවා ද?
- සමාජය තුළ ඇතිවන ඕනෑ ම ගැටලුවක දී සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබා ගැනීමට හැකි බව
- සුරක්ෂිත කළ යුතු දෑ නිසි අවස්ථාන්හි දී සුරක්ෂිත කිරීමට පෙළඹීම තුළින් පසුකාලීන ව ඇති වන බොහෝ ගැටලු අවම කර ගත හැකි බව
ත්‍රිපිටකය සඳහා සර්වාස්තිවාදී සංගායනාවේ දී ලියැවුණු අටුවා ග්‍රන්ථ මොනවා ද?
- සූත්‍ර පිටකය : උපදේශ ශාස්ත්‍රය
- විනය පිටකය : විනය විභාෂා
- අභිධර්ම පිටකය : අභිධර්ම විභාෂා ශාස්ත්‍රය
මහායාන බෞද්ධ සම්ප්‍රදාය ආරම්භ වූයේ කුමන සංගායනාවෙන් පසුව ද?
කණිෂ්ක ධර්ම සංගායනාවෙන් පසුව