14. පටිච්ච සමුප්පාද න්‍යාය හැඳින ගනිමු Flashcards
සැරියුත් මහරහතන් වහන්සේ පැවිදි ව සිටියේ කුමන පිරිවැජියාගේ ශිෂ්‍යයෙක් ලෙස ද?
සංජය පිරිවැජියාගේ ශිෂ්‍යයෙක් ලෙස
අගසව් දෙනමගේ ගිහි නම් මොනවා ද?
සැරියුත් හිමි : උපතිස්ස
මුගලන් හිමි : කෝලිත
රජගහ නුවර දී අස්සජි හිමියන් දක්නට ලැබුණු උපතිස්ස පරිව්‍රාජකයා උන් වහන්සේගෙන් විමසුවේ කුමක් ද?
'”ඔබ වහන්සේ පැවිදි වූයේ කවරකු උදෙසා ද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක් ද? කාගේ දහමක් ද ඔබ වහන්සේ රුචි කරන්නේ?’“
අස්සජි හිමියන් උපතිස්ස පිරිවැජියාට දේශනා කළ ගාථාව සහ එහි තේරුම ලියන්න
යේ ධම්මා හේතුප්පභවා
තේසං හේතුං තථාගතෝ ආහ
තේසං ච යෝ නිරෝධෝ
ඒවං වාදී මහාසමණෝ
හේතුවෙන් උපදින යම් ධර්ම කෙනෙක් වෙත් ද ඒ ධර්මයන්ගේ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළ සේක. ඒ ධර්මයන්ගේ යම් නිරෝධයක් වෙත් ද එය ද දේශනා කළ සේක. මහාශ්‍රමණ වූ ඒ තථාගතයන් වහන්සේ මෙබඳු දේශනාවක් කරන්නෙකි.
බුදු දහමේ මූලික හරය කුමක් ද?
පටිච්ච සමුප්පාද දහම
පටිච්ච සමුප්පාද න්‍යාය හැඳින්වෙන වෙනත් නම් මොනවාද?
- බෞද්ධ හේතුඵල දහම
- ප්‍රතීත්‍ය සමුත්පාද න්‍යාය
හේතු නැති වන විට ඒ හේතු නිසා හටගත් දේ ද නැතිවන බව සඳහන් දේශනාව කුමක් ද?
'’හේතුං පටිච්ච සම්භූතං, හේතු භංගා නිරුජ්ඣති’‘
හේතුව සහ ඵලය යන්න අර්ථ දක්වන්න
හේතුව : දෙයක් ඇති වීමට, හට ගැනීමට බලපාන දෙය
ඵලය : හේතුවෙහි ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන දෙය
පටිච්ච සමුප්පාදය යනු කුමක් ද?
හේතුව සහ ඵලය අතර ඇති අන්‍යෝන්‍ය සබඳතාව පැහැදිලි කරන ධර්ම ක්‍රමයකි
පටිච්ච සමුප්පාද යන්නෙහි අර්ථය කුමක් ද?
සහේතුක බව, හේතු සහිත බව, අහේතුක නොවන බව
බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය පිළිබඳ දේශනා කර ඇති ගාථාව හා එහි තේරුම ලියන්න
ඉමස්මිං සති ඉදං හෝති
ඉමස්ස උප්පාදා ඉදං උප්ජ්ජති
ඉමස්මිං අසති ඉදං න හෝති
ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති
මෙය ඇති කල්හි මෙය ඇති වෙයි
මෙය ඉපදීමෙන් මෙය උපදී
මෙය නැති කල්හි මෙය නොවේ
මෙය නැති වී යාමෙන් මෙය නැති ව යයි
‘ඉමස්මිං සති’ ගාථාවේ එන පරිදි හේතුඵල සම්බන්ධය දක්වා ඇති ආකාර දෙක මොනවා ද?
- පැවැත්මේ සම්බන්ධය
- උප්පාද සම්බන්ධය