21. බෞද්ධ සාහිත්‍යය රස විඳිමු Flashcards
අනුරාධපුර යුගයේ සිංහල බෞද්ධ සාහිත්‍ය පිළිබඳ තොරතුරු සඳහන් වන්නේ කුමන මූලාශ්‍රවල ද?
- අටුවා කතා
- වංශ කතා
පැරණිත ම සිංහල බෞද්ධ සාහිත්‍ය කෘති ලෙස සැලකෙන්නේ මොනවා ද?
සීහළට්ඨ කථා හෙවත් හෙළ අටුවා
සීහළට්ඨ කථා යනු කුමක් ද?
පාලි භාෂාවෙන් ලියා ඇති ත්‍රිපිටක ධර්මයට සිංහලෙන් සපයන ලද අර්ථකථන
අනුරාධපුර යුගයට අයත්, සාහිත්‍යකරණය සඳහා යොමුවන්නන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ග්‍රන්ථය කුමක් ද?
සියබස්ලකර
අනුරාධපුර යුගයට අයත් පැරණිත ම සිංහල පද්‍ය නිර්මාණ හමුවන්නේ කොහෙන් ද?
සීගිරි කැටපත් පවුරෙන්
සීගිරි කැටපත් පවුරේ ඇති කවි අතුරින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් කියවා ප්‍රකාශයට පත් කොට ඇති කවි ගණන කීය ද?
සියබස්ලකර ආරම්භයේ සඳහන් වන පාඨය කුමක් ද?
’‘පෙදෙන් බුදු සිරිතැ - බසින් වත් සිරිත් ඇ’’
දැනට ඉතිරි ව ඇති අනුරාධර යුගයේ රචිත ග්‍රන්ථ අතුරින් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා රචනා වී ඇති ග්‍රන්ථ මොනවා ද?
සිඛවළඳ හා සිඛවළඳවිනිස
ධම්මපදයේ එන බුද්ධ දේශනාවන්ට ගැටපද හා විවරණ සැපයීම සඳහා කරන ලද ග්‍රන්ථය කුමක් ද?
ධම්පියා අටුවා ගැටපදය
පොළොන්නරු යුගයට අයත් සාහිත්‍ය ග්‍රන්ථ මොනවා ද?
- අමාවතුර
- ධර්ම ප්‍රදීපිකාව
- බුත්සරණ
- මුවදෙව්දාවත
- සසදාවත
අමාවතුර රචනා කරන්නේ කවු ද?
ගුරුළුගෝමී පඬිතුමා
අමාවතුරෙන් නිරූපණය වන්නේ කුමක් පිළිබඳව ද?
බුදුරජාණන් වහන්සේගේ පුරිස දම්ම සාරථි ගුණය පිළිබඳව
පාලි භාෂාවෙන් ලියා පැවති දමන කථා දහ අට පිළිබඳ ව සිංහලෙන් රචනා කර ඇත
අමාවතුර පුරිස දම්ම සාරථි ගුණය ආශ්‍රයෙන් රචනා කර ඇති බව සඳහන්, එම ග්‍රන්ථයේ ම සඳහන් පාඨය කුමක් ද?
'’බුදුගුණ අනන්ත වන බැවින් නව ගුණ හැම කියත් නොපිළිවනින් එහි පුරිස දම්ම සාරථි යන පදය ගෙණ ද…’‘
ගුරුළුගෝමීන්ගේ විශාරද දැනුම ප්‍රකට කරවන ග්‍රන්ථය කුමක් ද?
ධර්ම ප්‍රදීපිකාව
ධර්ම ප්‍රදීපිකාව රචනා වන්නේ කුමන ග්‍රන්ථයක් පදනම් කර ගෙන ද?
එළු බෝධිවංශය පදනම් කරගෙන
ධර්ම ප්‍රදීපිකාවේ අන්තර්ගතය ලෙස සැලකෙන්නේ කුමක් ද?
බෝධීන් වහන්සේ වටා ගෙතුණු කතා
ධර්ම ප්‍රදීපිකාව අවසානයේ සඳහන් වන පාඨය කුමක් ද?
'’ගුරුළුගෝමීන් විසින් රචනා කරන ලද ධර්ම ප්‍රදීපිකාව නම් බෝධිවංශ පරිකථා නිමි’‘
බුත්සරණ කෘතියෙන් නිරූපණය වන්නේ කුමක් ද?
බුදුන් වහන්සේගේ නව අරහාදී ගුණ
බුත්සරණ ග්‍රන්ථය හඳුන්වන අනෙක් නම කුමක් ද?
අමෘතාවහ
අමෘතාවහ හෙවත් බුත්සරණ රචනා කරන්නේ කවු ද?
විද්‍යා චක්‍රවර්ති නම් පඬිවරයා
අමෘතාවහ ග්‍රන්ථය බුත්සරණ ලෙස හැඳින්වෙන්නේ ඇයි?
සෑම පාඨයක් අවසානයේ ම '’බුදුන් සරණ යෙමියි බුත්සරණ යායුතු’‘ ලෙස සඳහන් වී තිබීම
බුත්සරණ ග්‍රන්ථයේ ආරම්භක පරිච්ඡේදවලින් කියවෙන්නේ කුමක් පිළිබඳව ද?
- බුද්ධ චරිතය
- සමහර ජාතක කතා
- නව අරහාදී බුදු ගුණ
- බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාශයන්
අමෘතාවහ කෘතියේ දැකිය හැකි විශේෂ ලක්ෂණ මොනවා ද?
- පාලියෙන් ලියවුණු කතාවල ඍජු පරිවර්තනයක් නොවීම
- කෘතිය ගද්‍ය ආකෘතිය හා මුසු වූ කිසියම් ගීතවත් බවකින් යුතු ව, සාමූහික ව සවන් දීමේ රුචිය ඇතිවන ලෙස නිර්මාණය කර තිබීම
සිංහලයේ පැරණිත ම ගී කාව්‍ය දෙකක් නම් කරන්න
- මුවදෙව්දාවත
- සසදාවත
මුවදෙව්දාවතකතුවරයා ඒ සඳහා පාදක කරගන්නා ජාතක කතාව කුමක් ද
මඛාදේව ජාතකය
සසදාවත රචනා වන්නේ කුමන ජාතක කතාව මුල් කරගෙන ද?
සස ජාතකය
මුවදෙව්දාවත හා සසදාවත යන ග්‍රන්ථවල දැකිය හැකි ලක්ෂණ මොනවා ද?
- කර්තෘ අඥාත වීම
- මහා කාව්‍ය සම්ප්‍රදාය අනුගමය කරමින් බෞද්ධ මුහුණුවරත්, තම ස්වාධීනත්වයටත් රැක ගනිමින් කාව්‍යකරණයෙහි යෙදීම
- මුවදෙව්දාවත සඳහා යොදා ගෙන ඇති භාෂාව සසදාවතට වඩා මටසිලිටි වීම
බුදුගුණ වර්ණනා කිරීමේ දුෂ්කරතාව මුවදෙව්දාවත කවියා දක්වා ඇත්තේ කෙසේ ද?
හඟිම් ද මා මෙනෙන්
ගුණ හිමියා කියන්නට
පොහොනෙම් නෙළුඹැ’සිනවුනා
පලඳුත් හොත් තුසර හර
'’මා අනන්ත බුදුගුණ කියන්නට ගන්නා මෙම උත්සාහය නෙළුම් හුයකින් පිනිබිඳු අමුණා පැළඳීමට ගන්නා උත්සාහයක් වැනි ය’’
ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘති සිංහලෙන්, පාලියෙන් සහ සංස්කෘත භාෂාවලින් රචනා වූ සාහිත්‍ය යුගය කුමක් ද?
දඹදෙණි යුගය
දඹදෙණි යුගයේ රචිත සාහිත්‍ය ග්‍රන්ථ මොනවා ද?
- පූජාවලිය
- සද්ධර්මරත්නාවලිය
- දහම් සරණ
- සඟ සරණ
- කව්සිළුමිණ
පූජාවලිය රචනා කළේ කවු ද?
මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍ර හිමි
පූජාවලිය රචනා කිරීම සඳහා ආරාධනා කළේ කවු ද?
දෙවන පැරකුම් රජුගේ ඇමතියෙකු වූ දේවප්‍රතිරාජ
පූජාවලියට එම නම ලැබීමට හේතුව කුමක් ද?
බුදුරජාණන් වහන්සේට කරන පූජාවන් රැසක් පිළිබඳ ව එම ග්‍රන්ථයේ සඳහන් වීම
පූජාවලියේ ඇති පරිච්ඡේද ගණන කොපමණ ද?
34 කි
පූජාවලියේ අන්තර්ගතය විස්තර කරන්න
- 32 වන පරිච්ඡේදය දක්වා : ගෞතම බුදුන් වහන්සේ සුමේධ තාපස අවධියේ දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ගැනීමේ සිට පරිනිර්වාණය තෙක් වූ බුද්ධ චරිතය
- 33, 34 පරිච්ඡේද : දෙවන පැරකුම් රාජ්‍ය සමය තෙක් වූ ලංකා ඉතිහාසය
පූජාවලිය රචනාව සඳහා යොදාගෙන ඇති බස්වහර කෙබඳු ද?
පොදු ජන වහරට සමාන බස් වහරක් යොදා ගෙන ශ්‍රද්ධා භක්තිය වර්ධනය වන ලෙස රචනා කර ඇත
සද්ධර්මරත්නාවලියේ කතුවරයා කවු ද?
ධර්මසේන හිමි
සද්ධර්මරත්නාවලිය යන්නෙහි අරුත කුමක් ද?
‘සද්ධර්මය නමැති මිණි කැට අමුණූ මාලය’ යන්න
සද්ධර්මරත්නාවලිය රචනා කිරීම සඳහා මූලාශ්‍ර කරගෙන ඇති ග්‍රන්ථය කුමක් ද?
පාලි ධම්මපදට්ඨ කතාව
සද්ධර්මරත්නාවලියේ කතුවරයා එහි තම අරමුණ දක්වා ඇත්තේ කෙසේ ද?
'’එසේ හෙයින් යම් කෙනෙක් නුවණ මඳවත් කුසලච්ඡන්දය ඇති ව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම් හැසිර නිවන් සාදා ගනිත්නම් එසේ වූ සත් පුරුෂයින්‍ට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලී නම් ග්‍රන්ථයක් කරම් හ’‘
සද්ධර්මරත්නාවලියේ කතුවරයා අනුගමනය කර ඇති ප්‍රතිභාපූර්ණ රචනා ශෛලිය සඳහා උදාහරණ මොනවා ද?
- ගැමි වහරට සමාන වූ සුමට භාෂාව
- ගැමි වහරට ගැළපෙන උපමා භාවිතය
- මනා ලෙස චරිත හා අවස්ථා නිරූපණය
ධර්මසේන හිමි සද්ධර්මරත්නාවලියේ දී ථුල්ලතිස්ස හිමියන් මහලු වී පැවිදි වූ නිසා මගඵල ලැබිය නොහැකි වූ බව කීමට යොදාගත් උපමාව කුමක් ද?
'’ගොයම් කළ මනා වක තබා පියා කල් පසු කොට කරන ගොයමක් සේ’‘
විද්වත් මතය අනුව දහම් සරණ ලියැවී ඇත්තේ කුමන ග්‍රන්ථය පදනම් කොට ගෙන ද?
විශුද්ධි මාර්ගයේ එන ධම්මානුස්සතිය පදනම් කොට ගෙන
දහම් සරණ කෘතියට එම නම ලැබීමට හේතුව කුමක් ද?
බුත්සරණෙහි සඳහන් වනවාක් මෙන් දහම් සරණේ ද ‘දහම් සරණ යා යුතු’ යන්න නිතර භාවිත වන නිසා
සඟ සරණ කෘතියෙහි තේමාව කුමක් ද?
සංඝ රත්නය කෙබඳු ගුණ ඇති උතුම් පිරිසක් ද යන වග ජනතාවට ඉතා කෙටියෙන් පැහැදිලි කර දීම
සඟ සරණ ග්‍රන්ථයේ ඇතුළත් තොරතුරු ලබා ගෙන ඇති ග්‍රන්ථ මොනවා ද?
- ත්‍රිපිටක අට්ඨකථා
- විශුද්ධි මාර්ගය
සිංහලයේ විශිෂ්ටත ම මහා කාව්‍ය කුමක් ද?
කව්සිළුමිණ
කව්සිළුමිණ රචනා කළේ කවු ද?
දෙවන පැරකුම්බා රජු
කව්සිළුමිණ යන ග්‍රන්ථය හැඳින්වෙන අනෙක් නම කුමක් ද?
කුස දා කව
කුස දා කව ග්‍රන්ථය ‘කව්සිළුමිණ’ ලෙස හැඳින්වෙන්නේ ඇයි?
එය හෙළ කව්ලොවේ වටිනා ම කාව්‍යය වූ නිසා
(කාව්‍ය නමැති ඔටුන්න මස්තකයේ ඇති මැණික)
කව්සිළුමිණෙහි ඇති සර්ග ගණන හා ගී ගණන කීය ද?
සර්ග : 15
ගී : 770
කව්සිළුමිණ සඳහා පාදක වන ජාතක කතාව කුමක් ද?
කුස ජාතකය
කව්සිළුමිණෙහි දැකිය හැකි ලක්ෂණ මොනවා ද?
- මේඝදූතය වැනි සංස්කෘත මහා කාව්‍යයක අන්තර්ගත සර්ග, බන්ධන ආදී කාව්‍ය රීති භාවිතයට ගැනීම
- ශෘංගාර රසය දනවන ලෙස රචනා වීම