03. තෙරුවන ගුණ හැඳින ගනිමු Flashcards
තෙරුවන නම් කරන්න
- බුද්ධ රත්නය
- ධම්ම රත්නය
- සංඝ රත්නය
තෙරුවන් ගුණ කීය ද?
24 යි
බුදු ගුණ කීය ද? ඒ මොනවා ද?
9 යි,
- අරහං
- සම්මා සම්බුද්ධ
- විජ්ජාචරණ සම්පන්න
- සුගත
- ලෝකවිදූ
- අනුත්තරපුරිසදම්ම සාරථි
- සත්ථා දේව මනුස්සානං
- බුද්ධෝ
- භගවා
බුදුගුණාලංකාරයේ අරහං බුදු ගුණය විස්තර කරන කවිය ලියන්න
රහසත් පව් නොකොට
කෙලෙසරයනුත් දුරුකොට
නිසි වූයෙන් පුදට
අරහ යන නම කියති මුනිඳුට
දහම් ගුණ කීය ද?
හයයි
ධර්මයේ ගුණ නම් කරන්න
- ස්වාක්ඛාත
- සන්දිට්ඨික
- අකාලික
- ඒහි පස්සික
- ඕපනයික
- පච්ච්ත්තං වේදිතබ්බ
ධර්මයේ ‘සන්දිට්ඨික’ ගුණය යනු කුමක් ද?
තමා විසින් ම පිළිපැද, ඇස් පනාපිට මෙලොව දී ම ප්රතිඵල දැක ගත හැකි බව
සඟ ගුණ කීය ද?
නවයයි
සඟ ගුණ නම් කරන්න
- සුපටිපන්න
- උජුපටිපන්න
- ඤායපටිපන්න
- සාමීචිපටිපන්න
- ආහුනෙයිය
- පාහුනෙයිය
- දක්ඛිනෙයිය
- අංජලිකරණීය
- අනුත්තර පුඤ්ඤක්කෙත්ත
සංඝ රත්නය සුපටිපන්න වන්නේ ඇයි?
මනා වූ පිළිවෙත් පුරන හෙයින්
‘පෙරයම බුද්ධං සරණේ ගඤ්ඤයි’ යන කවියේ ඉතිරි කොටස ලියා සම්පූර්ණ කරන්න.
පෙරයම බුද්ධං සරණේ ගඤ්ඤයි
මැදියම ධම්මං සරණේ ගඤ්ඤයි
අලුයම සංඝං සරණේ ගඤ්ඤයි
තුන්යමට ම තුන් සරණේ ගඤ්ඤයි
*තුන්සරණය*
‘බුද්ධං සරණේ’ සිරස දරා ගෙන යන කවිය ලියන්න.
බුද්ධ සරණේ සිරස දරාගෙන
ධම්මං සරණේ සිත පහදාගෙන
සංඝං සරණේ සිවුරු දරාගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන
- *තුන්සරණය*