06. සසුන් කෙත සරු කළ, උතුමෝ ගුණැති පෙර කල Flashcards
වැලිවිට සරණංකර හිමියන්ගේ උපත කවදා ද?
1698 ජුනි 18
සරණංකර හිමියන්ගේ ගිහි නම කුමක් ද?
කුලතුංග බණ්ඩාර
සරණංකර හිමියන් පැවිදි වන විට වයස කීය ද?
අවුරුදු 16
සරණංකර හිමියන් පැවිදි වූ විහාරස්ථානය කුමක් ද?
සූරියගොඩ විහාරය
කුලතුංග බණ්ඩාරගේ පැවිදි නම කුමක් ද?
වැලිවිට සරණංකර
සරණංකර හිමියන්ගේ ගම් ප්‍රදේශය කුමක් ද?
උඩරට, තුම්පනේ ප්‍රදේශයේ, වැලිවිට නම් ගම
සරණංකර හිමියන් ඉගෙන ගත් විෂයන් මොනවා ද?
- සිංහල
- පාලි
- සංස්කෘත
- බුද්ධ ධර්මය
- කාව්‍ය ශාස්ත්‍රය
සරණංකර හිමියන් ප්‍රසිද්ධ වූ වෙනත් නම් මොනවා ද?
- පිණ්ඩපාතික සරණංකර හිමි
- අසරණ සරණ සරණංකර හිමි
සරණංකර හිමියන් ‘පිණ්ඩපාතික සරණංකර හිමි’ ලෙස හැඳින්වීමට හේතුව කුමක් ද?
පැවිදි වූ දා සිට පිඬු සිඟා වැඩීමෙන් යැපීම
සරණංකර හිමියන් ‘අසරණ සරණ සරණංකර හිමි’ ලෙස හැඳින්වීමට හේතුව කුමක් ද?
ගමින් ගමට වඩිමින් ධර්ම දේශනා පවත්වමින් අසරණයන්ට පිහිට වීම
සරණංකර හිමියන් විසින් පිහිටුවන ලද සංවිධානය කුමක් ද?
සිල්වත් සමාගම
සරණංකර හිමියන්ට උපසපන් භික්ෂූන් වහන්සේලා මෙරටට වැඩමවා ගැනීම සඳහා උදව් කළ රජු කවු ද?
කීර්ති ශ්‍රී රාජසිංහ රජු
සියම් රට රජතුමා විසින් මෙරට උපසම්පදාව ඇති කිරීම සඳහා එවන ලද භික්ෂු කණ්ඩායමේ නායක හිමි නම වූයේ කවු ද?
උපාලි හිමි
සියම් රට යන ප්‍රදේශය වර්තමානයේ හැඳින්වෙන නම කුමක් ද?
තායිලන්තය
සියම් රටේ සිට පැමිණි උපසම්පදාලාභී විසිනම අතින් සරණංකර හිමියන් ඇතුළු හය නමක් උපසපන් වූ වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1753
සරණංකර හිමියන් ඇතුළු හය නම උපසම්පදා වීමෙන් පසුව මෙරට ඇති වූ නිකාය කුමක් ද?
සියම් මහා නිකාය
සරණංකර හිමියන්ට සඟරජ තනතුර පිරිනැමූ රජු කවු ද?
කීර්ති ශ්‍රී රාජසිංහ රජු
සරණංකර හිමියන්ගේ අනතිමානී ගුණය ප්‍රකට වන අවස්ථාවක් නම් කරන්න
උපසම්පදා වීමේ දී තමා ප්‍රමුඛස්ථානය නොගෙන සිලවත් සමාගමේ අනෙක් භික්ෂූන්ට මුල් තැන ලබා දීම
සඟරජ පදවිය ලබා සිය ආරාමයට වැඩි සරණංකර හිමි පිවිසුම් දොරටුවෙහි ලියා ඇලවූයේ කුමක් ද?
උඩඟු නොව මහණ යන වචන තුන
සරණංකර හිමියන්ගේ සේවාවන් මොනවා ද?
- සිල්වත් සමාගම පිහිටුවා බොහෝ පිරිසක් සසුන්ගත කරවීම
- සසුන්ගත දරුවන්ගේ ශාසනමාමක බව දියුණු කිරීමට කටයුතු කිරීම
- ලක්දිව උපසම්පදාව නැවත ඇති කිරීමට කටයුතු කිරීම
- උඩුනුවර කන්දේ පිරිවෙණක් පිහිටු වීම
- අනුරාධපුර, පොළොන්නරුව හා දඹුල්ල ආදී බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කරවීම
- මහනුවර දේවාල පෙරහැරට දළදා මාලිගාවේ පෙරහැර ද එක් කිරීම
සරණංකර හිමි විසින් රචිත ග්‍රන්ථ මොනවා ද?
- මුණිගුණාලංකාරය
- සාරාර්ථ සංග්‍රහය
- රතනත්‍රය ප්‍රණාම ගාථා සන්නය
- සතර බණවර සන්නය
සරණංකර හිමියන් අපවත් වූයේ කවදා ද?
ක්‍රි. ව. 1778 ඇසළ පුර පසළොස්වක පොහෝ දින
සරණංකර හිමියන්ගේ චරිතයෙන් අපට ලබා ගත හැකි ආදර්ශ මොනවා ද?
- ශික්ෂාකාමී ව හා අල්පේච්ඡ ව ජීවත් වීම
- විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුව ද අධ්‍යාපනයට තිබූ ඇල්ම
- ත්‍රිවිධ රත්නය කෙරෙහි තිබූ අපරිමිත ශ්‍රද්ධාව
- ස්ථිර අධිෂ්ඨානය
- නිරහංකාර බව
- සිසු දරුවන්ට උදව් කිරීමට තිබූ කැමැත්ත
දුටුගැමුණු රජතුමාගේ සටන් පාඨය කුමක් ද?
“මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මිස කිසි කලෙකත් රජ සැප පිණිස නොවන්නේ ය”
ගැමුණු කුමාරයාගේ මව්පියන් කවු ද?
මව : විහාරමහා දේවිය
පියා : කාවන්තිස්ස රජු
ගැමුණු කුමාරයාගේ සහෝදරයාගේ නම කුමක් ද?
තිස්ස කුමරු (සද්ධාතිස්ස)
එළාරට පෙර මෙරට පාලනය කළ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් කවු ද?
සේන හා ගුත්‍තික
ගැමුණු කුමරු පියාගෙන් ඈත් ව වාසය කළ ප්‍රදේශය කුමක් ද?
කොත්මලේ
දුටුගැමුණු රජු හා එළාර රජු අතර යුද්ධය සිදු වූ ස්ථානය කුමක් ද?
විජිතපුර
දුටුගැමුණු රජු කළ සේවාවාන් මොනවා ද?
- එළාර පරදවා ශ්‍රී ලංකාව එක්සේසත් කිරීම
- රුවන්වැලි මහාසෑය, ලෝවාමහාපාය, මිරිසවැටිය ආදී නිර්මාණ කරවීම
- මහා විහාරය අංග සම්පූර්ණ සුවිසල් බෞද්ධ මන්දිරයක් කිරීම
- සෑම ගමක ම ධර්ම දේශනා පවත්වා දේශකයන් වහන්සේලාට ධර්ම පූජා පැවැත්වීමට කටයුතු කිරීම
- රජකළ සූවිසි වසර තුළ වෙසක් උත්සව විසි හතරක් පැවැත්වීම
- ආරෝග්‍යශාලා පිහිටුවා ගිලන්හල් සේවාවක් ඇරඹීම
අසරණ සරණ සිරි සරණංකර සංඝරාජ හිමි පිළිබඳ ව කෙටි සටහනක් ලියන්න1
අසරණ සරණ සිරි සරණංකර සංඝරාජ හිමි පිළිබඳ ව කෙටි සටහනක් ලියන්න2
දුටුගැමුණු රජු හා එතුමාගෙන් සිදු වූ සේවා පිළිබඳ ව කෙටි සටහනක් ලියන්න1
දුටුගැමුණු රජු හා එතුමාගෙන් සිදු වූ සේවා පිළිබඳ ව කෙටි සටහනක් ලියන්න2