20. හෙළ කලාවන් සුරකිමු Flashcards
ත්‍රිවිධ චෛත්‍යය නම් කරන්න
- දාගැබ
- බෝධිය
- පිළිමය
අනුරාධපුර හා පොළොන්නරු යුගවලට අයත් කලා නිර්මාණවල භාරතීය ආභාසය දක්නට ලැබෙන්නේ ඇයි?
දුමින්දාගමනයෙන් මෙරටට පැමිණි දහ අට කුලයක ශිල්පීන් ගෙන ආ ශිල්පීය ඥානය නිසා
ලංකාවේ ඉදිකරන ලද මුල් ම දාගැබ කුමක් ද?
ථූපාරාමය
ථූපාරාමයේ නිධන් කර ඇත්තේ කුමන ධාතු ද?
බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව
ථූපාරාමය කර වූයේ කවු ද?
මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි දේවානම්පියතිස්ස රජු විසින්
ගර්භයේ ස්වරූපය අනුව සයාකාර ස්තූප මොනවා ද?
- ඝණ්ටාකාර : ඝන්ටාරයක හැඩය
- ඝටාකාර : කළයක හැඩය
- බුබ්බුලාකාර : දිය බුබුලක හැඩය
- ධාන්‍යාකාර : ධාන්‍ය ගොඩක හැඩය
- පද්මාකාර : නෙළුමක හැඩය
- ආමලාකාකාර : නෙල්ලි ගෙඩියක හැඩය
සයාකාර ස්තූප ආකෘති අතරින් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන ආකෘති තුන කුමක් ද?
- ඝන්ටාකාර
- ධාන්‍යාකාර
- බුබ්බුලාකාර
ඝන්ටාකාර ස්තූප සඳහා නිදසුන් මොනවා ද?
- ථූපාරාමය
- මහියංගණ ස්තූපය
වර්තමානයේ දැකිය හැකි ධාන්‍යාකාර ස්තූපය කුමක් ද?
කැලණි රජ මහා විහාර ස්තූපය
බුබ්බුලාකාර ස්තූප සඳහා නිදසුන් මොනවා ද?
- රුවන්වැලිසෑය
- අභයගිරිය
විද්වත්හු පෙන්වා දෙන ආකාරයට කතරගම කිරිවෙහෙර මුලින් තිබී ඇති හැඩය කුමක් ද?
ඝටාකාර හැඩය
දැදිගම කොටවෙහෙර චෛත්‍යය මුලින් තිබී ඇති හැඩය කුමක්ද?
පද්මාකාර හැඩය
සෙනරත් පරණවිතාන මහතා සාමාන්‍ය ස්තූප ආකෘති හයට පරිබාහිර චතුරස්‍රාකාර ස්තූපයක් ලෙස හඳුන්වන ගොඩනැගිල්ල කුමක් ද?
පොළොන්නරුව සත්මහල් ප්‍රාසාදය
ස්තූපයක දක්නට ලැබෙන අංග මොනවා ද?
- තුන් මහල් පේසාව
- ගර්භය
- සතරැස් කොටුව
- දේවතා කොටුව
- කොත් කැරැල්ල
- චූඩාමාණික්‍යය
වටදාගෙය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද?
ස්තූපය සඳහා ඉදිකර ඇති වෘත්තාකාර පියස්සක් සහිත ගෘහය
වටදාගෙයක් ඉදි කිරීමේ අරමුණු වී ඇත්තේ මොනවා ද?
- ස්තූපයේ ආරක්ෂාව
- බැතිමතුන්ගේ ආරක්ෂාව
වටදාගෙය හඳුන්වන අනෙක් නම කුමක් ද?
චේතියඝර
වටදාගෙය තිබෙන්නට ඇතැයි සැලකෙන කුඩා පරිමාණයේ ස්තූප මොනවා ද?
- ථූපාරාමය
- අම්බස්තලය
- ලංකාරාමය
කලාත්මක බවින් යුතු වටදාගෙවල් මොනවා ද?
- පොළොන්නරුව
- මැදිරිගිරිය්
ස්තූපය යන්න හඳුන්වන වෙනත් නම් මොනවා ද?
- චෛත්‍යය
- වෙහෙර
- දාගැබ
- සෑය
- ථූපය
- චේතිය
ත්‍රිවිධ චෛත්‍ය අතරින් දාගැබ නිරූපණය කරන්නේ කුමක් ද?
ශාරීරික චෛත්‍යය
වාහල්කඩ යනු කුමක් ද?
ඇතැම් ස්තූපවල ගර්භයට සම්බන්ධ සිව් දිසාවට මුහුණලා තනන ලද අලංකාර තොරණ වැනි අංගයකි
වාහල්කඩ හැඳින්වෙන වෙනත් නමක් ලියන්න
ආයක
වාහල්කඩක ලක්ෂණ මොනවා ද?
- වාහල්කඩක දෙපස මල් ලියකම් පිහිටි ශිලා ස්ථම්භ දෙකක් පිහිටා ඇත
- එහි මැද කොටස සමාන්තර තීරු යොදා හංස රූප, වාමන රූප, ඇත් හිස් සහ බොරදම් යොදා අලංකාර කොට ඇත
කලාත්මක වශයෙන් උසස් වාහල්කඩක් සඳහා උදාහරණයක් දෙන්න
මිහින්තලේ කණ්ඨක චෛත්‍යයෙහි නැගෙනහිර වාහල්කඩ
බෝධිඝරය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?
බෝධීන් වහන්සේ වටා නිමවන ලද පටු පියස්සකින් යුතු මණ්ඩපයකි
බෝධිඝරයක් ඉදිකිරීමේ අරමුණ වූයේ කුමක් ද?
බෝධි වෘක්ෂයේ ආරක්ෂාව තහවුරු කිරීම
කලාත්මක බවින් උසස් ම බෝධිඝරය පිහිටා ඇත්තේ කොහේ ද?
කුරුණෑගල නිල්ලක්ගම
පියගැටපෙළක දැකිය හැකි ලක්ෂණ මොනවා ද?
- අලංකාර කැටයම්වලින් සරසා තිබේ
- පියගැට දෙකක් අතර බරක් උසුලාගෙන සිටින ඉරියව්වෙන් නෙළා ඇති වාමන රූප දැකිය හැක
- පලාපෙති කැටයම්වලින් අලංකාර කරන ලද පියගැට පේළි ද දක්නට ලැබේ
සඳකඩපහණ යනු කුමක් ද?
බෞද්ධ සිද්ධස්ථානයකට පිවිසෙන පියගැටපෙළක ආරම්භයේ දක්නට ලැබෙන අර්ධ කවාකාර ගල් පුවරුව
සඳකඩපහණ පාලියෙන් හඳුන්වන නම කුමක් ද?
අඩ්ඪචන්දපාසාණ
කලාත්මක බවින් අනූන සඳකඩපහණ කුමක් ද?
අනුරාධපුර බිසෝ මාලිගාව අසල ඇති සඳකඩපහණ
අනුරාධපුර සඳකඩපහණේ දක්නට ලැබෙන කැටයම් මොනවා ද?
- ශෛලිගත පලා පෙති මෝස්තරය
- එකිනෙකා පසුපස දිවයන ඇත්, අස්, සිංහ හා ගව යන සතුන් සිව් දෙනා
- සංකීර්ණ ලියවැලක්
- තුඩින් නෙළුම් පොහොට්ටු ගෙන එකිනෙකා පසුපස ගමන් කරන හංස පේළියක්
- ශෛලිගත ලියවැල
- මැද නෙළුම් මල් අර්ධය
(පිටත සිට ඇතුළට කැටයම් දක්වා ඇත)
පොළොන්නරු යුගයේ දී හින්දු ආභාසය ලාංකේය සංස්කෘතියට එක්වීමත් සමඟ සඳකඩපහණේ සිදු වූ වෙනස කුමක් ද?
ගව රූපය ඉවත් වීම
මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට අනුව අනුරාධපුර යුගයේ සඳකඩපහණින් නිරූපණය වන්නේ කුමක් ද?
භව චක්‍රය
මුරගල් යනු මොනවා ද?
විහාර මන්දිරයක හෝ රාජකීය ගොඩනැගිල්ලක දොරටු අලංකාර කරන, අර්ධ කවාකාර මුදුන සහිත ගල්පුවරු දෙක
මුරගල දැකිය හැකි ස්ථාන මොනවා ද?
- සඳකඩපහණක හෝ පියගැටපෙළක ආරම්භක පිය ගැටය දෙපස
මුරගලේ කැටයම්වල විකාශය කෙටියෙන් ලියන්න
- මුරගල කැටයම් සහිත හෝ රහිත වේ
- කොරවක්ගලේ ආරක්ෂාවට තබා ඇති මුරගල් ආරම්භයේ දී කැටයම් රහිත වුව ද පසු ව පුන්කලස, බහිරව රූප හෙවත් වාමන රූප, පෙණය සහිත නාග රූප ආදිය එයට එක් විය
- මුරගල්වල දැක්වෙන මිනිස් වෙස්ගත් නා රජ කැටයම මුරගල විකාශයේ දියුණු ම අවස්ථාව පෙන්නුම් කරයි
මිනිස් වෙස්ගත් නා රජ දක්නට ලැබෙන මුරගල්වල කැටයමේ ස්වභාවය විස්තර කරන්න
- නා රජුගේ හිස වටා නයි පෙණ මාලාවක් ඇත
- ත්‍රිභංග ලීලාවෙන් නැගී සිටින නා රජගේ වැලමිටෙන් ඉහළට එසවුණු අතක ඇත්තේ මල් පිර වූ පුන්කළසකි, අනෙක් අතේ දලුලන ශාඛාවක් හෝ මල් ඉත්‍තක් වැනි දෙයක් දක්නට ලැබේ
- නා රජුගේ දෙපා මුල වාමන රූප එකක් හෝ දෙකක් දක්නට ලැබේ
විද්වතුන්ගේ සම්භාවනාවට ලක් වූ කලාත්මක ම මුරගල හමුවන්නේ කොහෙන් ද?
අභයගිරියට අයත් රත්නප්‍රසාදය නම් ගොඩනැගිල්ල සමීපයෙන්
කොරවක් ගල යනු කුමක් ද?
මුරගලට පිටුපසින් පියගැට පෙළ දෙපස කැටයම් සහිත ව හෝ රහිත ව අත්වැලක් ලෙස දිගැටි ව ඇති ගල් පුවරුව
කොරවක්ගල ඉදි කිරීමෙහි අරමුණු මොනවා ද?
- පියගැටපෙළ නඟින්නන්ගේ ආරක්ෂාව
- පියගැටපෙළේ ආරක්ෂාව
කොරවක්ගලක දක්නට ලැබෙන සුලභත ම කැටයම කුමක් ද?
මකර මුඛයකින් නිකුත් වන ලිය වැලක්, වෘත්තාකාර දඟරයකින් අවසාන වන ලෙස නිර්මාණය කර තිබීම
කොරවක්ගලේ දක්නට ලැබෙන කැටයම් මොනවා ද?
- පිටට පෙනෙන බිත්තියේ **සිංහ, හස්ති, නාග හෝ වාමන කැටයම්වලින් විසිතුරු කර තිබෙනු දක්නට ලැබේ
- පියගැටපෙළේ දිග ප්‍රමාණය අනුව කොරවක්ගලේ ප්‍රමාණය සහ දිගේ ස්වභාවය තීරණය වී ඇත
බෞද්ධ සිතුවම් කලාවේ ආරම්භය සිදුවූයේ කුමන යුගයක ද?
අනුරාධපුර යුගයේ
ඉන්දියාවේ පැරණි අජන්තා ගුහා සිතුවම්වලට සමානතාවයක් දක්වන සිතුවම් ඇත්තේ කොහේ ද?
සීගිරියේ
සීගිරි සම්ප්‍රදායට අයත් චිත්‍ර දක්නට ලැබෙන අනෙක් ස්ථානය කුමක් ද? (අජන්තා ලෙන් හැර)
හිඳගල විහාරස්ථානය
පොළොන්නරු යුගයේ පැරණිත ම චිත්‍ර දක්නට ලැබෙන ස්ථාන මොනවා ද?
- මහියංගණ ස්තූපයේ ධාතු ගර්භය
- දිඹුලාගල ලෙන්
- තිවංක පිළිමගෙය
අනුරාධපුර යුගයට අයත් චිත්‍ර දක්නට ලැබෙන ස්ථාන මොනවා ද?
- සීගිරිය
- හිඳගල
පොළොන්නරු යුගයේ චිත්‍රවලින් නිරූපණය වන්නේ කුමක් ද?
බෝධිසත්ත්ව චරිතයේ සහ බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන්
පොළොන්නරු යුගයට අයත් විශාලත ම චිත්‍රාවලිය දක්නට ලැබෙන්නේ කොහෙන් ද?
තිවංක පිළිම ගෙයින්
තිවංක පිළිම ගෙය කර වූයේ කවු ද?
මහා පරාක්‍රමබාහු රජු
තිවංක පිළිම ගෙය නමින් හඳුන්වා ඇත්තේ කුමක් ද?
ජේතවනාරාමයේ පිළිම ගෙය
(Therefore, Jethavanaraamaya was also built by King Parakramabahu The 1st)
ජේතවනාරාමයේ පිළිමගෙය හෙවත් තිවංක පිළිම ගෙයි සිතුවම්වලින් නිරූපණය වන්නේ කුමක් ද?
- ගර්භගෘහයේ සිතුවම් : බුද්ධ චරිතය
- අන්තරාලයේ සිතුවම් : ජාතක කතා
තිවංක පිළිම ගෙයි අන්තරාලයේ ඇති චිත්‍රවලින් නිරූපණය වන කතා මොනවා ද?
- බුදුන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කිරීම
- සස ජාතකය
- වෙස්සන්තර ජාතකය
- සාම ජාතකය