04. කුසල් සිත් වැඩි දියුණු කරමු Flashcards
නීවරණ යනු මොනවා ද?
කුසල් සිත්වලට බාධා කරන සිතිවිලි
පංච නීවරණ නම් කරන්න
- කාමච්ඡන්ද (කාම වස්තු කෙරෙහි බහුල ආශාව
- ව්‍යාපාද (තරහව)
- ථිනමිද්ධ (නිදිබර බව, උදාසීන බව)
- උද්ධච්ච කුක්කුච්ච (නොසන්සුන්කම, නොකළ දේ පිළිබඳ ඇති වන පසුතැවිල්ල)
- විචිකිච්ඡා (සැකය)
බුදුන් වහන්සේ කාමච්ඡන්දය උපමා කළේ කුමකට ද?
ජලයට යම් කිසි වර්ණයක් එක් කළ විට ඒ තුළ කිසිවක් නොපෙනෙන ආකාරයට
විචිකිච්ඡාව යනු කුමක් ද?
අතීත පැවැත්ම, අනාගත පැවැත්ම, අතීත හා අනාගත පැවැත්ම කෙරෙහි සිතේ ඇති වන සැකය
භාවනාවේ ආකාර දෙක කුමක් ද?
සමථ භාවනාව හා විදර්ශනා භාවනාව
සමථය යන්නෙහි සිංහල අර්ථය කුමක් ද?
සිත සන්සුන් කිරීම, විසිරී ඇති සිත එක්තැන් කිරීම
පාඩමේ සමථ භාවනාවේ ලක්ෂණ නිරූපණය සඳහා දී ඇති උද්ධෘත ලියා දක්වන්න.
'’භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායතාති භාවනා’‘
කුසල් දහම් වැඩි දියුණු කරන මානසික අභ්‍යාසය භාවනාවයි
'’චිත්තං සමේතීති සමථෝ’‘
සිත සංවර කරන්නේ සමථයයි
සමථ භාවනාව හැඳින්වෙන වෙනත් නම් මොනවා ද?
චිත්ත භාවනාව, සමාධි භාවනාව
සිත දියුණු කිරීමේ පදනම කුමක් ද?
ශීලය
‘ශීලය’ යනු කුමක් ද?
කය වචනය සංවර කිරීම හෙවත් ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා හා සම්මා කම්මන්ත අනුව හික්මීම
සමාධි භාවනාවට යොමු වීම සඳහා ශීලයට අමතර ව තිබිය යුතු වෙනත් ගුණාංග මොනවා ද?
- ඉන්ද්‍රිය සංවරය
- සති සම්පජඤ්ඤ (හිඳීම, සිටීම, ඇවිදීම ආදී සියලු සියලු ක්‍රියාවන්හිදී අවබෝධයෙන් කටයුතු කිරීම)
- සන්තුට්ඨිතා (ලද දෙයින් සතුටු වීම)
පුද්ගල චරිතය අනුව තෝරා ගත හැකි කර්මස්ථාන ගණන කීය ද?
40 යි
පුද්ගල චරිත කීය ද? ඒවා නම් කරන්න
හයකි,
- රාග, දෝස, මෝහ චරිත
- සද්ධා, බුද්ධි, විතක්ක චරිත
මඟ පෙන්වීමකින් තොර ව සිව් මසක් තිස්සේ භාවනා කොට ප්‍රතිඵල නොලැබූ සැරියුත් තෙරුන්ගේ ගෝල හිමි නම කවු ද?
ස්වර්ණකාර හිමි
භාවනාවට පිවිසෙන තැනැත්තෙකු ඉටු කරගත යුතු පූර්ව අවශ්‍යතා මොනවා ද?
- සිල්වත් වීම
- ධර්ම ශ්‍රවණය
- කල්‍යාණ මිත්‍ර ආශ්‍රය
- වීර්‍යය
- ප්‍රඥාව
භාවනා කළ හැකි සතර ඉරියව්ව කුමක් ද?
- වාඩි වී හිඳීම
- සිටගෙන හිඳීම
- වැතිරී සිටීම
- සක්මන් ඉරියව්ව
බුද්ධ කාලයට පෙර සිටි ධ්‍යානලාභීන් සඳහා උදාහරණ මොනවා ද?
- අසිත තවුසා උසස් ධ්‍යාන ලාභියෙකු වීම
- ආලාර කාලාම සහ උද්දකරාම තවුසන් අභිඥාලාභීන් වීම
ආලාරකාලාම තවුසා කුමන අභිඥා ලාභියෙක් ද?
සප්ත සමාපත්ති ලාභියෙකි
බුදුරජාණන් වහන්සේ කිං කුසලගවේසී ව ගත කළ කාලයේ උන් වහන්සේට ඇදුරෙකු වූ අෂ්ට සමාපත්ති ලාභී තවුසා කවු ද?
උද්දකරාම තවුසා
සමථ භාවනාවෙන් දෛනික ජීවිතයට ලැබෙන ප්‍රයෝජන මොනවා ද?
- ලෝභ, ද්වේශ, මෝහ ආදී කෙළෙස් සිතුවිලි පාලනය වීම
- ධාරණ ශක්තිය වැඩි වීම
- පොත පත පාඩම් කිරීමේ දී පහසුවක් දැනීම
- සිතෙහි තෘප්තිමත් භාවයක් ඇති වීම
- අසහනය නැති වී ප්‍රසන්න පෙනුමක් ඇති වීම
- කායික රෝග පීඩා අඩු වී නිරෝගී වීම
- සිත විසිරී යාමට නොදී එකඟ කර ගැනීමට උපකාරී වීම