09. සබඳතා රකින මිනිස් යුතුකම් Flashcards
විවිධ සමාජ කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය වශයෙන් තිබිය යුතු සාරධර්ම දක්වා ඇති සූත්‍ර දේශනාව කුමක් ද?
සිඟාලෝවාද සූත්‍රය
සිඟාලෝවාද සූත්‍රය දේශනා කළේ කාට ද?
උදෑසන සය දිසාවකට නමස්කාර කරමින් සිටි සිගාල නම් තරුණයෙකුට
සිඟාලෝවාද සූත්‍රයට අනුව සයාකාර සමාජ කොටස් මොනවා ද?
- මව්පියන්
- ගුරුවරුන්
- ස්වාමි භාර්‍යාවන්
- හිත මිතුරන්
- සේව්‍ය සේවකයන්
- පැවිදි උතුමන්
සිඟාලෝවාද සූත්‍රයේ එන සයාකාර සමාජ කොටස් අදාළ දිශාව ද සමඟ දක්වන්න
- නැගෙනහිර දිශාව - මව්පියන්
- දකුණු දිශාව - ගුරුවරුන්
- බටහිර දිශාව - ස්වාමි භාර්‍යාවන්
- උතුරු දිශාව - හිත මිතුරන්
- යට දිශාව - සේව්‍ය සේවකයන්
- උඩ දිශාව - පැවිදි උතුමන්
මව්පියන් හැඳින්වෙන විශේෂ නම් මොනවා ද?
- පුබ්බාචරිය
- පුබ්බදේව
- බ්‍රහ්ම
දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටුවිය යුතු යුතුකම් මොනවා ද?
- මවුපියන් පෝෂණය කිරීම
- මව්පියන්ගේ කටයුතු සොයා බලා ඉටු කර දීම
- දෙමාපියන් රැක ගෙන ආ කුල පරපුර හා ඊට සම්බන්ධ සිරිත් විරිත් ආරක්ෂා කිරීම
- දෙමාපියන්ගෙන් හිමි වූ දේ රැක ගැනීම
- මව්පියන් පරලොව ගිය පසු පින් අනුමෝදන් කිරීම
දෙමාපියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් මොනවා ද?
- දරුවන් වරදෙන් මුදවා ගැනීම
- ඔවුන් යහපත් කටයුතුවල යෙදවීම
- ඉගෙනීමේ කටයුතුවල යෙදවීම
- ගැළපෙන ආවාහ-විවාහ කර දීම
- සුදුසු කල්හි සම්පත් පවරා දීම
සිඟාලෝවාද සූත්‍රයේ ගුරුවරුන් දකුණු දිශාවට උපමා කර ඇත්තේ ඇයි?
- ශිෂ්‍යන්ගේ පුද සැලකිලි (දක්ෂිණාව) ලබන්නට සුදුසු හෙයින්
- ශිෂ්‍යන්ගේ අභිවෘධියට අවශ්‍ය හුරුපුරුදුකම් මනා සේ ප්‍රදානය කිරීම
ශිෂ්‍යයෙකු විසින් ගුරුවරයාට ඉටු කළ යුතු යුතුකම් මොනවා ද?
- දුටු විට හුනස්නෙන් නැගිටීම
- අවශ්‍ය උපස්ථාන කිරීම
- අවවාද අනුශාසනාවලට මැනැවින් ඇහුම්කන් දීම
- අවශ්‍ය කටයුතු ඉටු කර දීම
- මැනැවින් ඉගෙන ගැනීම
ගුරුවරයා විසින් ශිෂ්‍යයන්ට සැලකිය යුතු ආකාර පහ කුමක් ද?
- මැනැවින් හික්මවීම
- මැනැවින් ඉගැන්වීම
- දන්නා සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම
- තම මිත්‍රයන්ට ශිෂ්‍යයා හඳුන්වා දීම
- ශිෂ්‍යයා ආරක්ෂා කර ගැනීම
සැමියාගෙන් බිරිඳට ඉටු විය යුතු යුතුකම් මොනවා ද?
- ගරු කිරීම
- අවමන් නොකිරීම
- පරදාර සේවනයේ නොයෙදීම
- ගෙදර වගකීම් පැවරීම
- ඇඳුම් පැළඳුම් සපයා දීම
බිරිඳගෙන් සැමියාට ඉටුවිය යුතු යුතුකම් මොනවා ද?
- ගෙදර කටයුතු මැනැවින් සංවිධානය කිරීම
- ඇසුරු කරන පිරිසට මැනැවින් සංග්‍රහ කිරීම
- පරපුරුෂ සේවනය නො කිරීම
- උපයන ලද ධනය ආරක්ෂා කිරීම
- සෑම කටයුත්තක ම දක්ෂ වීම හා අනලස් වීම
බුදු දහමේ යහපත් මිත්‍රයන් හඳුන්වන නම කුමක් ද?
කල්‍යාණ මිත්‍රයන්
බුදු දහමේ ව්‍යාජ මිත්‍රයන් හඳුන්වන නම කුමක් ද?
මිත්‍ර ප්‍රතිරූපකයන්
බුදුරජාණන් වහන්සේ යහපත් මිතුරන් උතුරු දිශාවට උපමා කර ඇත්තේ ඇයි?
‘උවදුරුවලින් එතෙර කරනවාය’ යන අර්ථයෙන්
කුල පුත්‍රයෙක් සිය මිතුරන්ට සැලකිය යුතු පස් ආකාරය කුමක් ද?
- මිතුරාට අවශ්‍ය දේ දීම
- ප්‍රිය වචනයෙන් කථා කිරීම
- දියුණුව සඳහා කටයුතු කිරීම
- සමානාත්මතාව දැක්වීම
- නොරැවටීම
තමාට ප්‍රිය වචනයෙන් කථා කරන, තමාගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන මිතුරාට අනෙක් මිතුරන් පෙරළා සැලකිය යුත්තේ කෙසේ ද?
- දුසිරිතෙහි වැටී ප්‍රමාද වූ මිතුරා ආරක්ෂා කර ගැනීම
- එබඳු මිතුරාගේ වස්තුව ආරක්ෂා කර දීම
- බියට පත් මිතුරා ඉන් මුදා ගැනීම
- විපතට පත් මිතුරා අත් නොහැරීම
- මිතුරාගේ අඹුදරුවන්ට සැලකීම
සේව්‍යයා විසින් සේවකයන්ට සැලකිය යුත්තේ කෙසේ ද?
- සේවකයාගේ ශක්ති ප්‍රමාණයට වැඩ පැවරීම
- සුදුසු පරිදි ආහාර හා වැටුප් ලබා දීම
- සෞඛ්‍ය පහසුකම් ලබා දීම
- මිහිරි ආහාරපාන ආදිය නිසි ලෙස බෙදා දීම
- සුදුසු අවස්ථාවන්හි දී විවේක දීම
සේවකයින් ස්වාමියා කෙරෙහි සංග්‍රහ කළ යුතු ආකාරය කුමක් ද?
- ස්වාමියාට පළමු ව පිබිදීම
- ස්වාමියාට පසු ව නින්දට යාම
- ස්වාමියා දුන් දේ පමණක් ගැනීම
- වැඩ කටයුතු ඉතා හොඳින් කිරීම
- ස්වාමියාගේ ගුණ වර්ණනා කිරීම
බුදු දහමේ ගිහි පක්ෂය හා පැවිදි පක්ෂය හඳුන්වා ඇති නම් (සිව්වණක් පිරිස) මොනවා ද?
ගිහි පක්ෂය : උපාසක, උපාසිකා
පැවිදි පක්ෂය : භික්ෂු, භික්ෂුණී
බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි සම්බන්ධතා උඩ දිශාවට උපමා කොට දේශනා කර ඇත්තේ ඇයි?
ගිහියන් හා පැවිද්දන් අතර සම්බන්ධතාවය අනෙක් සමාජ කණ්ඩායම්වලට වඩා උත්තරීතර තත්‍ත්වයක් මත ගොඩනැගී තිබීම
ගිහියන් විසින් පැවිද්දන්ට සංග්‍රහ කළ යුතු ආකාරය සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කර ඇත්තේ කෙසේ ද?
- මෛත්‍රී සහගත ව ක්‍රියා කිරීම
- මෛත්‍රී සහගත ව කථා කිරීම
- මෛත්‍රී සහගත සිත් පහළ කර ගැනීම
- නිවසට පැමිණි විට සතුටින් පිළිගැනීම
- ආමිසයෙන් සංග්‍රහ කිරීම
පැවිදි උතුමන් විසින් ගිහි පක්ෂයට සැලකිය යුතු ආකාර හය මොනවා ද?
- පවින් වැලැක්වීම
- යහපත් ක්‍රියාවල යෙදවීම
- හොඳ හිතින් ම අනුකම්පා කිරීම
- අසා නොමැති දෙය කියා දීම
- අසා ඇති දේ වඩාත් පැහැදිලි කර දීම
- සුගතියට මග පෙන්වීම
‘මාතා පිතා දිසා පුබ්බා’ යන ගාථා යුගලය ලියන්න1
මාතා පිතා දිසා පුබ්බා
ආචරියා දක්ඛිණා දිසා
පුත්තදාරා දිසා පච්ඡා
මිත්තාමච්චා ච උත්තරා
දාස කම්මකරා හෙට්ඨා
උද්ධං සමණ බ්‍රාහ්මණා
ඒතා දිසා නමස්සෙය්ය
අලමත්ථෝ කුලේ ගිහි
-* සිඟාලෝවාද සූත්‍රය*
මාතා පිතා දිසා පුබ්බා යන ගාථාව ඇතුළත් සූත්‍රය කුමක් ද?
සිඟාලෝවාද සූත්‍රය
‘මාතා පිතා දිසා පුබ්බා’ යන ගාථා යුගලය ලියන්න2