01. අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ Flashcards
සිදුහත් කුමරා ඉගෙන ගත් ශිල්ප ශාස්ත්‍ර මොනවා ද?
- නීති ශාස්ත්‍රය
- කඩු ශිල්පය
- දුනු ශිල්පය
- ඇත්, අසුන් හැසිරවීම
සිදුහත් කුමරා ශිල්ප ඉගෙන ගත්තේ කාගෙන් ද?
සර්වමිත්‍ර බමුණු පඬිවරයාගෙන්
සිදුහත් කුමරුගේ ළමා අවධියේ දක්නට ලැබුණු විශේෂ ලක්ෂණ මොනවා ද?
- කීකරු බව
- කාරුණික බව
- උගන්වන දේ හොඳින් ධාරණය කර ගැනීම
- මෙත් සිතිවිලිවිලිවලින් යුක්ත වීම
- නිර්භීත බව
සිදුහත් කුමරුගේ ශිෂ්‍ය ජීවිතයේ ලක්ෂණ මොනවා ද?
- වයසට ගැළපෙන දේ කිරීම
- තමාට හෝ දෙමාපියන්ට අගෞරව වන කිසිවක් නොකිරීම
යසෝධරා දේවියට පුතකු ලැබුණු බව දැනගත් පසු සිදුහත් කුමරාගේ මුවින් පිට වූ වාක්‍යය කුමක් ද?
‘රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං’
‘රාහුලයෙක් ඇති වුණා, බන්ධනයක් ඇති වුණා.’
නිබ්බුත පද කීවේ කවු ද?
කිසා ගෝතමිය
සිදුහත් කුමරා මුහුණදුන් අභියෝග මොනවා ද?
- පංච මහා විලෝකනය කරමින් අවසන් උපතට සුදුසු පසුබිම විමසා බැලීම
- මවගේ වියෝව
- ඥාතීන් ඉදිරියේ ශිල්ප දැක්වීම
- ස්වයංවරයකින් සුදුසු කුල කුමරියක විවාහය සඳහා තෝරා ගැනීම
- රාහුලයන්ගේ උපත හමුවේ වුව ද නොසැලී අභිනිෂ්ක්‍රමණය කිරීම
සිදුහත් කුමාර සහ සිදුහත් බෝසත් චරිතයෙන් අපට ලබාදෙන ආදර්ශ මොනවා ද?
- තීරණ ගැනීමේ දී සිතා විමසා බලා කටයුතු කිරීම
- දූරදර්ශී බව
- කරන කටයුතු මැනවින් සිදු කිරීම
- විමසිලිමත් බව
- ඉවසීම
- කැපවීම
- අධිෂ්ටඨානය
‘ආරභථ නික්කමථ’ යන ගාථාව හා එහි තේරුම ලියන්න.
ආරභත නික්ඛමථ
යුඤ්ජත බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනෝ සේනං
නළාගාරංව කුඤ්ජරෝ
අරඹව් නික්මෙව් යෙදෙව් බුදු සසුන්හි, දිනව් මරසෙන් පරදා බට කැලයට වැදි ඇතෙකු සේ
‘ආරභථ නික්ඛමථ’ ගාථාව ඇතුළත් සූත්‍රය කුමක් ද?
අරුණවතී සූත්‍රය