12. කර්මය සහ එහි ප්‍රභේද හැඳින ගනිමු Flashcards
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි උන්වහන්සේ හමුවට පැමිණ ලෝකයේ මිනිසුන් අතර වෙනස්කම් ඇති වීමට හේතුව විමසූ මාණවකයා කවු ද?
සුභ මානවකයා
සුභ මාණවකයා බුදුන් වහන්සේ හමු වී කළ ප්‍රකාශය කුමක් ද?
“භවත් ගෞතමයන් වහන්ස, මේ මිනිස් ලෝකයේ ජීවත් වන හැම දෙනා ම එක සමාන නැහැ. සමහරුන්ට ආයුෂ අඩුයි. සමහරුන්ට වැඩියි. සමහරුන්ට ලෙඩ දුක් අඩුයි. සමහරුන්ට වැඩියි. සමහරු නොපැහැපත්. සමහරු පැහැපත්.මේ විදිහට අල්පේශාක්‍ය හා මහේශාක්‍ය, දුප්පත් හා පොහොසත්, සමාජ සම්මතයෙන් උසස් හා පහත්, නුවණ අඩු හා වැඩි මිනිස්සු ඉන්නවා. මේ විදිහට ලෝකේ මිනිස්සු අතර වෙනස්කම් ඇති වෙන්න හේතුව කුමක් ද?”
සත්ත්වයා උස් පහත් වශයෙන් බෙදන්නේ කුමක් මගින් ද?
කර්මය මගින්
කර්මය යනු කුමක් ද?
- සිතා මතා කරන සචේතනික ක්‍රියාව
බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳ දේශනා කළේ කුමක් ද?
“මහණෙනි, මම චේතනාව ම කර්මය යැයි කියමි”
මිනිසුන්ගේ සචේතනික ක්‍රියා ප්‍රකට වන, කර්ම රැස් කරගන්නා, කර්ම ක්‍රියාත්මක වන දොරටු මොනවා ද?
- කය
- වචනය
- මනස (චේතනා)
කර්මය ක්‍රියාත්මක වන, ප්‍රකට වන දොරටු අනුව තෙවැදෑරුම් කර්මය නම් කරන්න.
- කාය කම්ම (කයින් සිදුවන සචේතනික ක්‍රියා)
- වචී කම්ම (වචනයෙන් සිදුවන සචේතනික ක්‍රියා)
- මනෝ කම්ම (මනසින් සිදුවන සචේතනික ක්‍රියා)
අකුසල කර්ම යනු මොනවා ද?
සසර දුක් උපදවන, නරක, අවැඩදායක, සචේතනික ක්‍රියා
කුසල කර්ම යනු මොනවා ද?
- සසර සැප උපදවන වැඩදායක ක්‍රියා
- අකුසල් නොවන්නේ කුසල් ය (This has a deeper meaning though it seems pretty obvious)
දස අකුසල කර්ම නම් කරන්න
- ප්‍රාණඝාතය
- අදත්තාදානය
- කාමමිත්‍යාචාරය
- මුසාවාදය
- පිසුණාවාචය (කේලාම් කීම)
- පරුසාවාචය (පරුෂ, රළු වචන කීම)
- සම්පප්පලාප (හිස්, නිසරු වචන කීම)
- අභිධ්‍යාව (දැඩි ලෝභය හා මසුරු බව)
- ව්‍යාපාදය (තරහව)
- මිත්‍යාදෘෂ්ටිය (වැරැදි දැකීම)
අකුසල මූල නම් කරන්න
- ලෝභය
- ද්වේශය
- මෝහය
ලෝභය යනු කුමක් ද?
සම්පත් පිළිබඳ ඇති ඇල්ම
ද්වේශය යනු කුමක් ද?
අන් අය කෙරෙහි ඇති විරුද්ධවාදී බව
මෝහය යනු කුමක් ද?
මුලාව හෙවත් පින් පව් විපාක නැතැයි සිතීම
කුසල මූල නම් කරන්න
- අලෝභ
- අද්වේශ
- අමෝහ
විපාක දෙන කාලය අනුව කර්මය බෙදා ඇති ආකාර හතර නම් කරන්න
- දිට්ඨධම්මවේදනීය කර්ම
- උපපජ්ජවේදනීය කර්ම
- අපරාපරියවේදනීය කර්ම
- අහෝසි කර්ම
ප්‍රවෘත්ති විපාක යනු කුමක් ද?
උපතේ සිට මරණය දක්වා ලැබෙන්නා වූ කර්මානුරූපී විපාක
ප්‍රතිසන්ධි විපාක යනු මොනවා ද?
මරණින් මතු නැවත උපතක් ලබා දීමට අදාළ කර්මානුරූප බලපෑම
දිට්ඨධම්මවේදනීය කර්මයේ ලක්ෂණ මොනවා ද?
- මෙලොව දී ම විපාක දෙන කුසාලකුසල කර්ම වේ
- ප්‍රවෘත්ති විපාක ලබා දෙන අතර ප්‍රතිසන්ධි විපාක ලබා දීමට සමත් වේ
උපපජ්ජවේදනීය කර්මයේ ලක්ෂණ මොනවා ද?
- මරණින් මතු පළමු ආත්ම භාවයේ දී විපාක දෙන කර්ම වේ
- ප්‍රවෘත්ති විපාක මෙන් ම ප්‍රතිසන්ධි විපාක ද ලබා දෙයි
උපපජ්ජවේදනීය කර්මයට අදාළ වන අකුසල පක්ෂයේ ක්‍රියා මොනවා ද?
පඤ්චානන්තරීය පාප කර්ම වන,
- මව මැරීම
- පියා මැරීම
- බුදුන්ගේ ලේ සෙලවීම
- රහතුන් නැසීම
- සංඝ භේදය
උපපජ්ජවේදනීය කර්මයට අදාළ වන කුසල පක්ෂයේ කර්ම මොනවා ද?
- පඤ්ච අභිඥා
- අෂ්ට සමාපත්ති
ආදී ධ්‍යාන උපදවා ගැනීම
අපරාපරියවේදනීය කර්ම යනු මොනවා ද?
දෙවන ආත්ම භවයෙන් පසු කවර හෝ ආත්මභාවයක දී විපාක දෙන කර්ම
අහෝසි කර්ම යනු කුමක් ද?
නිශ්චිත අවස්ථාවේ දී විපාක දීමට ඉඩ නොලැබීමෙන් අවිපාක බවට පත් වන කර්ම
විපාක දෙන ආකාරය අනුව සතරාකාර කර්මය කුමක් ද?
- ගරුක කර්ම
- ආසන්න කර්ම
- ආචිණ්ණ කර්ම
- කටත්තා කර්ම
ගරුක කර්ම යනු මොනවා ද
වෙනත් කර්මයකින් වළක්වාලිය නොහැකි වඩාත් ශක්තිමත් බලසම්පන්න කුසලාකුසල කර්ම
ගරුක අකුසල කර්ම මොනවා ද?
- පඤචානන්තරීය පාප කර්ම
- නියත මිත්‍යාදෘෂ්ටිය
ගරුක කුසල කර්ම නම් කරන්න
- පඤ්ච අභිඥා
- අෂ්ට සමාපත්ති
- මාර්ගඵල
ආදිය උපදවාගෙන ඉන් නොපිරිහී මිය යාම
ආසන්න කර්ම යනු මොනවා ද?
මරණාසන්න අවස්ථාවේ දී කරන ලද්දා වූ හෝ කලින් කරන ලදු ව මරණාසන්න මොහොතේ දී සිහියට නැගුණා වූ කර්ම වේ
ගරුක කර්ම විපාක දීමට ඉදිරිපත් වී නොමැති විට දී ප්‍රතිසන්ධිය ලබා දීමට ඉදිරිපත් වන කර්මය කුමක් ද?
ආසන්න කර්ම
ආසන්න කර්ම විපාක සඳහා උදාහරණ මොනවා ද?
- මට්ටකුණ්ඩලී තරුණයා මරණාසන්න මොහොතේ බුදුරදුන් දැක උපදවාගත් පිනෙන් දෙව්ලොව ඉපදීම
- කෝසල රජුගේ බිසව වූ මල්ලිකා දේවියට මරණාසන්න මොහොතේ සිතට නැගුණු අකුසල කර්මයක් නිසා දුගතිගාමී වීම
ආචිණ්ණ කර්ම යනු මොනවා ද?
ජීවිතයේ පුරුද්දක් ලෙස සිදු කරන ලද කුසලාකුසල කර්ම හෝ කලින් කරන ලදු ව නිරන්තරයෙන් සිහි කරන ලද කුසලාකුසල චේතනා
ආචිණ්ණ කර්මය ප්‍රතිසන්ධිය ලබා දීමට ඉදිරිපත් වන්නේ කුමන අවස්ථාවල දී ද?
ගරුක හෝ ආසන්න කර්ම විපාක ලබා දීමට ඉදිරිපත් වී නොමැති අවස්ථාවක දී
කටත්තා කර්ම යනු මොනවා ද?
දැඩි චේතනාවක් නොමැති ව සිදුවන අසම්පූර්ණ කුසලාකුසල කර්ම
කටත්තා කර්මවල ලක්ෂණ මොනවා ද?
- ප්‍රතිසන්ධි විපාක ලබා දීමට අසමත් වන අතර ප්‍රවෘත්ති විපාක ලබා දෙයි.
- ගරුක, ආසන්න හා ආචිණ්ණ යන කර්ම විපාක ලබා දීමට ඉදිරිපත් වී නැති අවස්ථාවල දී විපාක ලබා දීමට ඉදිරිපත් වෙයි
කෘත්‍ය හෙවත් කාර්‍යය අනුව සතරාකාර වන කර්මය නම් කරන්න
- ජනක කර්ම
- උපත්ථම්භක කර්ම
- උපපීලක/ උපපීඩක කර්ම
- උපඝාතක කර්ම
ජනක කර්ම යනු මොනවා ද?
ප්‍රතිසන්ධිය ලබා දීමට ඉවහල් වන කර්ම වේ
උපත්ථම්භක කර්ම යනු මොනවාද?
ජනක කර්මය කරණ කොටගෙන උපන් තැනැත්තාට එම ජීවිතය තවදුරටත් පවත්වා ගැනීමට උපකාරී වන කර්මය වේ
දුක්ඛිත උපතක් ලබා එම ජීවිතය තවත් දුක්ඛිත කිරීමටත්, සැපවත් උපතක් ලබා එම ජීවිතය තවත් සැපවත් කිරීමටත් කටයුතු කරන කර්මය කුමක් ද?
උපත්ථම්භක කර්ම
උපපීඩක කර්මය යනු කුමක් ද?
ජනක කර්මයට බාධා පමුණුවන, එහි බලය හීන කරන කර්ම
උපපීඩක කර්මයේ ලක්ෂණ මොනවා ද?
- ප්‍රවෘත්ති විපාක පමණක් ලබා දීම
- උපපීඩක කුසලය ජනක අකුසලයටත්, උපපීඩක අකුසලය ජනක කුසලයටත් හානි කරයි
උපඝාතක කර්ම යනු කුමක් ද?
ජනක කර්මයේ විපාක දීමේ හැකියාව නැති කොට තමා ම විපාක ලබා දෙන කර්මය
උපඝාතක කර්මය ජනක කර්මයට බලපෑම් ඇති කරන්නේ කෙසේ ද?
උපඝාතක කුසල කර්ම ජනක අකුසල කර්මයේත්, උපඝාතක අකුසලය ජනක කුසලයේත් විපාක දීමේ ශක්තිය නැති කරයි
වර්තමාන ක්‍රියා සහ පරිසර සාධක නිසා අතීත කර්ම ශක්තිය මතුකර ගැනීමට, වෙනස් කර ගැනීමට හෝ නැතිකර ගැනීමට හැකියාව ඇති අවස්ථා මොනවා ද?
- ගති සම්පත්ති
- උපධි සම්පත්ති
- කාල සම්පත්ති
- ප්‍රයෝග සම්පත්ති
ගති සම්පත්ති යනු කුමක් ද?
යස ඉසුරින් පිරි ස්ථානයක ඉපදීම
උපධි සම්පත්ති යනු කුමක් ද?
මනා වූ රූප ශෝභාවකට හිමිකම් කීම
කාල සම්පත්ති යනු කුමක් ද?
සෞභාග්‍යමත් කාලයක ඉපදීම
ප්‍රයෝග සම්පත්තිය යනු කුමක් ද?
ස්ථානෝචිත ප්‍රඟාවෙන් හා උත්සාහවන්ත ව කටයුතු කිරීම නිසා අකුසල කර්ම මඟ හැරීම
අහිතකර කර්ම විපාකවල බලපෑම අඩු කරගැනීමට හේතුවන සතර සම්පත්ති අකුසල පක්ෂයෙන් ගත්විට ඒවා හැඳින්වෙන නම කුමක් ද?
විපත්‍ති
(ගති විපත්ති, උපධි විපත්ති, … ආකාරයෙන්)
‘යාදිසං වපතේ බීජං’ යන ගාථාව හා එහි තේරුම ලියන්න1
යාදිසං වපතේ බීජං
තාදිසං හරතේ පලං
කල්‍යාණකාරි කල්‍යාණං
පාපකාරීච පාපකං
යම් බීජයක් වපුරා ද ඒ අනුව ඵල ලැබේ. එසේ ම යහපත් ක්‍රියා තුළින් යහපත් විපාක ලැබේ. අයහපත් ක්‍රියා තුළින් අයහපත් විපාක ලැබේ.