16. බුදු සිරිතයි පරිසරයයි Flashcards
පරිසරය බෙදෙන ප්‍රධාන කොටස් දෙක කුමක් ද?
- ජීව පරිසරය
- අජීව පරිසරය
ලුම්බිණි සල් උයන පිහිටා තිබුණේ කුමන නුවරවල් දෙක අතර ද?
කිඹුල්වත් නුවර හා දෙව්දහ නුවර අතර
සිදුහත් කුමරාගේ ජීවිතයේ පරිසරය ආශ්‍රයේ සිදු වූ වැදගත් සිදුවීම් මොනවා ද?
- මනහර ලුම්බිණි සල් උයනේ ඉපදීම
- වප් මඟුල් දින දඹ රුක යට ආනාපානසතිය වැඩීම
- දෙව්දත් කුමරුගේ හී පහර ලත් හංසයෙකු බේරා ගැනීම
- අන්‍ය කුමාරවරුන් උයන් කෙළියේ ගොස් සතුන්ට කරන හිංසා දැක කළකිරී, මිතුරු ඡන්න සමඟ පමණක් උයන් කෙළියෙහි යෙදීමට තීරණය කිරීම
සිදුහත් බෝසතාණන් වහන්සේ චරිතයේ පරිසරය ඇසුරු කරගනිමින් සිදු වූ සිදුවීම් මොනවා ද?
- අභිනිෂ්ක්‍රමණයෙන් වසර හයක් පුරා වනගත ව වාසය කිරීම
- අජපල් නුග රුක මුල දී සුජාතාවගේ කිරිපිඬු දානය පිළිගැනීම
- නේරංජනා ගං තෙර බුද්ධත්වයට පත්වීම
නේරංජනා නදී තීරයේ අලංකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති සූත්‍රය කුමක් ද?
අරියපරියසේන සුත්‍රය
(maybe ‘ආර්ය පර්යේෂණ සූත්‍රය’ which could mean Lord Buddha’s attempt, the noble experiment to gain Nirvana)
අරියපරියසේන සූත්‍රයේ දී බුදුන් වහන්සේ නේරංජාව පිළිබඳ කළ ප්‍රකාශය කුමක් ද?
(This is not a must to study, but it could help with answering long-format writing questions)
’‘**මහණෙනි මම කුසලය නම් කුමක් දැයි සොයන සුලු වූයෙම්. මගධ දනව්වෙහි පිළිවෙළින් සැරි සරන්නෙම්, උරුවේලාවෙහි සේනානි ගම වෙතැ පැමිණියෙමි. එහි වූ සිත්කලු භූමි භාගය ද සිත පහදවන වන ලැහැබ ද සුදු වැලිතලා මැදින් නිවී සැනසිල්ලේ ගලා බස්නා මහා තොටුපළින් යුත් නේරංජනා නදිය ද එසේ ම හාත්පස වූ ගොදුරු ගම ද දුටුයෙමි. ඒ දුටු මට මේ අදහස් පහළ විය.
මේ භූමි භාගය ඉතා රමණීයයි. වන ලැහැබ ද ඉතා ම ප්‍රසාදජනකයි. මනා කොට ඇති සුදු වැලිතලා මතින් ගලන නදිය ද සිත් සනසවනසුලු වෙයි. හාත්පස සොඳුරු ගම ද වෙයි. පධන් වීර්‍යය වඩන කුල පුත්‍රයෙකු හට ඒ සඳහා මෙයට වඩා සුදුසු තවත් තැනක් නැතැයි මට සිත් විය**’’
බුදුරජාණන් වහන්සේ බුදු බව ලැබීමට පෙර දින දිවා විහරණය කළේ කොහේ ද?
භද්‍ර වනයේ
බුදුරජාණන් වහන්සේ පරිසරය ආශ්‍රිත ව දිවි ගෙවූ, පරිසරය අගය කළ අවස්ථා මොනවා ද?
- බුදු වී දෙවන සතියේ දී ඇසතු වෘක්ෂයට අනිමිසලෝචනයෙන් ගරු කිරීම
- හයවන සතියේ දී මුචලින්ද විල අසල වැඩ සිටින විට ඇති වූ වර්ෂාවෙන් ආරක්ෂාව සැලසීමට මුචලින්ද නාග රාජයා ඉදිරිපත් වීම
- පන්සාළිස් වසක් පුරා පරිසරය ඇසුරේ වාසය කරමින්, දම් දෙසමින්, වස් වාසය කරමින් කාලය ගත කිරීම
- ධර්ම ප්‍රචාරණයේ යෙදී සිටිය දී ස්වභාවික පරිසර පද්ධතීන් නේවාසික හා විවේක ස්ථාන වීම
- කිඹුල්වතට වැඩි අවස්ථාවේ දී ‘නිග්‍රෝධ’ නම් ශාක්‍ය කුමාරයාගේ උයනේ වැඩ සිටීම
- ශාක්‍ය කුමාරවරුන්ගේ පැවිද්ද අනෝමා නදී තීරයේ ‘අනුපිය’ නම් අඹ වනයේ සිදු වීම
- මල්ල රට රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ දී පර්නිර්වාණයට පත් වීම
බුදුරජාණන් වහන්සේට භද්දවග්ගිය කුමාරවරුන් මුණ ගැසුණේ කොහේ දී ද?
බරණැස සිට උරුවේලාවට වඩින මාර්ගයේ පිහිටි කැප්පෙට්ටියා ලැහැබක දී
බිම්බිසාර රජු බුදුන් වහන්සේ හමු වූයේ කොහේ දී ද?
රජගහ නුවර අසල පිහිටි තල් වනයක දී
සුදත්ත (අනේපිඬු) සිටුතුමා බුදුරදුන් බැහැ දැකීමට පැමිණියේ කොහේට ද?
රජගහ නුවර සීත වනයට
බුදුරජාණන් වහන්සේ රජගහනුවර හා අවට ප්‍රදේශ අගයමින් කළ වර්ණනාව කුමක් ද?
'’ආනන්දයෙනි, මේ රජගහනුවර සිත් අලවන සුලු ය. එසේ ම නිග්‍රෝධය සිත්කලු ය. චෞර ප්‍රපාතය සිත්කලු ය. වේහාර පර්වත පර්ශවයෙහි වූ සප්තපර්නී ගුහාව ද සිත්කලු ය. ඉසිගිලි පාර්ශවයේ කාලශිලාව ද සිත්කලු ය. ශීත වනයෙහි වූ සබ්බ සොණ්ඩික පබ්භාරය ද මනරම් ය. තපෝදාරාමය ද එබඳු ම ය. තව ද කන්දක නිවාපි නම් වූ වේළුවනයත්, මද්දකුච්ඡි නම් මුව වනයත් සිත් ඇදගන්නා සුලු ය. එපරිද්දෙන් ම ආනන්දය, ජීවකයන්ගේ අඹ උයන ද මනරම් ය’‘
පෙළ දහමේ වර්ණිත විශාලා මහනුවර පිහිටි රමණීය චෛත්‍ය මොනවා ද?
- උදේන
- ගෝතමක
- සත්තම්බක
- සාරන්දද
බුදුරජාණන් වහන්සේ නිහඬතාවය අගය කළ බවට උදාහරණ මොනවා ද?
- පොට්ඨපාද පිරිවැජියාගේ ආශ්‍රමයට බුදුරදුන් වැඩම කරන විට ඔහු සෙසු පිරිවැජියන් නිශ්ශබ්ද කිරීම
- දෙව්රම් වෙහෙරට වැඩම කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් උස් හඬින් කතා කරන විට කොවුලන් සේ ඝෝෂා නොකර ආරාමයෙන් පිට ව යන ලෙසට අවවාද කිරීම
- අජාසත් රජු ජීවක වෛද්‍යතුමාත් සමඟ බුදුන් බැහැ දැකීමට වෙදැදුරුගේ අඹ උයනට පැමිණි විට එක්දහස් දෙසියක් පමණ වූ බුද්ධ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ඉතා නිශ්ශබ්ද ව වැඩ සිටීම
බුදුරජාණන් වහන්සේ පරිසරයේ වෙසෙන සත්ත්වයන්ගේ ජීවිත ආරක්ෂා කළ අවස්ථා සඳහා උදාහරණ මොනවා ද?
- ළමුන් පිරිසක් හිරිහැර කරමින් සිටි ගැරඬියෙකු ඉන් මුදා ගැනීම
- උදේනි රජතුමාගේ ඇත්හලේ සිටි භද්‍රවතිකා නම් ඇතින්නට සුපුරුදු උවටැන් ලැබීමට සැලැස්වීම