15. සිව්සස් හැඳින සැනසුම ලබමු Flashcards
චතුරාර්‍ය සත්‍ය ආර්‍ය සත්‍ය ලෙස හැඳින්වෙන්නේ ඇයි?
ආර්‍ය භාවයට පත් බුද්ධා දී උතුමන් විසින් අවබෝධ කරගනු ලැබූ සත්‍ය වන හෙයින්
බුදු දහමේ මූලික ඉගැන්වීම කුමක් ද?
චතුරාර්‍ය සත්‍ය දේශනාව
බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූයේ කොහේ ද?
බරණැස ඉසිපතන මිගදායේ
චතුරාර්‍ය සත්‍ය නම් කරන්න
- දුක්ඛ ආර්‍ය සත්‍ය (දුක පිළිබඳ උතුම් සත්‍ය)
- දුක්ඛ සමුදය ආර්‍ය සත්‍ය (දුකට හේතුව පිළිබඳ උතුම් සත්‍ය)
- දුක්ඛ නිරෝධ ආර්‍ය සත්‍ය (දුක නැති කිරීම පිළිබඳ උතුම් සත්‍ය)
- දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්‍ය සත්‍ය (දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ උතුම් සත්‍ය)
දම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් දුක් මොනවා ද?
- ඉපදීම
- වයසට යාම
- ලෙඩ වීම
- මරණය
- ප්‍රියයන්ගෙන් වෙන් වීම
- අප්‍රියයන් හා එක් වීම
- කැමති දේ නොලැබීම
- කෙටියෙන් කිවහොත් පංච උපාදානස්කනධය ම දුකය
තුන් ආකාර සසර දුක මොනවා ද?
- දුක්ඛ දුක්ඛතා
- විපරිණාම දුක්ඛතා
- සංඛාර දුක්ඛතා
‘දුක්ඛ දුක්ඛතා’ යනු කුමක් ද?
සාමාන්‍ය දුක්
‘විපරිණාම දුක්ඛතා’ යනු කුමක් ද?
වෙනස් වීමේ දුක
‘සංඛාර දුක්ඛතා’ යනු කුමක් ද?
ඇති වීම නැති වීම හේතුවෙන් හටගන්නා දුක
දම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වන තෙයාකාර තණ්හාව කුමක් ද?
- කාම තණ්හාව
- භව තණ්හාව
- විභව තණ්හාව
‘කාම තණ්හාව’ යනු කුමක් ද?
පස්කම් සැපතට, ඉන්ද්‍රිය පිනවීමට ඇති ආශාව
‘භව තණ්හාව’ යනු කුමක් ද?
මම හෙවත් ආත්මය මුල් කරගෙන සසර පුරා සැප විඳිමි’යි යන ආශාව
‘විභව තණ්හාව’ යනු කුමක් ද?
‘පරලොවක් නැත’ යන පිළිගැනීම මත මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආශාව
‘භව නිරෝධය’ යනු කුමක් ද?
නැවත ඉපදීම නැති කිරීම, නිවන, මෝක්ෂය
චතුරාර්‍ය සත්‍ය දහමට අනුව දුක නැති කිරීමේ මාර්ගය කුමක් ද?
ආර්‍ය අෂ්ටාංගික මාර්ගය
ආර්‍ය අෂ්ටාංගික මාර්ගය නම් කරන්න
- සම්මා දිට්ඨි
- සම්මා සංකප්ප
- සම්මා වාචා
- සම්මා කම්මන්ත
- සම්මා ආජීව
- සම්මා වායාම
- සම්මා සති
- සම්මා සමාධි
ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ ‘ප්‍රඥා ශික්ෂාවට’ අයත් වන කොටස් මොනවා ද?
- සම්මා දිට්ඨි
- සම්මා සංකප්ප
ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ ‘සමාධි ශික්ෂාවට’ අයත් වන කොටස් මොනවා ද?
- සම්මා වායාම
- සම්මා සති
- සම්මා සමාධි
ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ ‘ශීල ශික්ෂාවට’ අයත් වන කොටස් මොනවා ද?
- සම්මා වාචා
- සම්මා කම්මන්ත
- සම්මා ආජීව
‘සම්මා දිට්ඨි’ යනු කුමක් ද?
- නිවැරදි දැක්ම
- චතුරාර්‍ය සත්‍ය පිළිබඳ ඥානය
- අකුසලය ද අකුසල මූලය ද, කුසලය ද කුසල මූලය ද, අකුසලය ද අකුසල විපාකය ද, කුසලය ද කුසල විපාකය ද දැන දැක ගන්නා ඥානය
‘සම්මා සංකප්ප’ යනු කුමක් ද?
- උතුම් සංකල්පනාවන්
- පස්කම් සැපතින් නික්මීම (නෙක්ඛම්ම), අනුන් නොනැසීම, හිංසා නොකිරීම
‘සම්මා වාචා’ යනු කුමක් ද?
- උතුම් කතා බහ, වචනය
- බොරු, කේලාම්, හිස් හා පරුෂ වචන කීම යන අකුසල් හතරින් වැළකීම
‘සම්මා කම්මන්ත’ යනු කුමක් ද?
- උතුම් ක්‍රියාව
- පරපණ නැසීම, අදත්තාදානය, කාම මිත්‍යාචාරය යන අකුසල් තුනෙන් වැළකීම
‘සම්මා ආජීව’ යනු කුමක් ද?
- උතුම් රැකියාව, ජීවනෝපාය, දැහැමි ලෙස ජීවත් වීම
- ආයුධ, මස්, වස ආදී වෙළෙඳාම් හා අනුන් රවටන ක්‍රියාවලින් ඈත් වීම
‘සම්මා වායාම’ යනු කුමක් ද?
- උතුම් උත්සාහය, ව්‍යායාමය
- නූපන් අකුසල් නො ඉපිදවීම, උපන් අකුසල් නැති කිරීම, නූපන් කුසල් ඉපිදවීම, උපන් කුසල් දියුණු කිරීමට ගන්නා සතරාකාර උත්සාහය
‘සම්මා සති’ යනු කුමක් ද?
- උතුම් සිහිය
- සතර සතිපට්ඨානය (කායනුපස්සනා, චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා) වැඩීම
‘සම්මා සමාධි’ යනු කුමක් ද?
- උතුම් සමාධිය, සමථය
- ධ්‍යාන වැඩීමෙන් සිත පිරිසිදු කර ගැනීම හා එකඟ කර ගැනීම
සතර සතිපට්ඨාන නම් කරන්න
- කායානුපස්සනා
- චිත්තානුපස්සනා
- වේදනානුපස්සනා
- ධම්මානුපස්සනා
සම්මා සමාධියට අයත් ධ්‍යාන මොනවා ද?
- ප්‍රථම ධ්‍යානය
- ද්විතීය ධ්‍යානය
- තෘතීය ධ්‍යානය
- චතුර්ථ ධ්‍යානය
බුද්ධකාලීන භාරතයේ පැවති ‘විමුක්තිකාමී’ යැයි හැඳින් වූ ප්‍රතිපදාවන් මොනවා ද?
- කාමසුඛල්ලිකානුයෝගය
- අත්තකිලමථානුයෝගය
‘කාමසුඛල්ලිකානුයෝගය’ යනු කුමක් ද?
අසීමිත ලෙස පස්කම් සුව විඳීම, ඉඳුරන් පිනවීම
අත්තකිලමථානු යෝගය’ යනු කුමක් ද?
- අධික ව අසීමිත ලෙස ඕනෑකමින් දුක් විඳීම
‘යථාපිමූලේ අනුපද්දවේ දළ්හේ’ යන ගාථාව ඇතුළත් ධම්මපද වග්ගය කුමක් ද?
තණ්හා වග්ගය
‘යථාපිමූලේ අනුපද්දවේ දළ්හේ’ යන ගාථාව ලියා එහි තේරුම ලියන්න
යථාපිමූලෙ අනුපද්දවේ දළ්හේ
ඡින්නෝපි රුක්ඛෝ පුනරේවරූහති
ඒවංපි තණ්හානුසයේ අනූහතේ
නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං
යම් සේ මුල නිරුපද්‍රිත ව තිබිය දී කපන ලද ගස නැවත නැවත ලියලයි ද එමන් සියුම් ලෙස හෝ ඇති තණ්හාව ඉවත් නොකළ කල්හි නැවත නැවත දුක හට ගනී