23. ලොව්තුරු සුවේ පදනම සම්මා දිට්ඨියයි Flashcards
බුදු දගමෙහි ආර්‍ය යන වචනය යොදා ඇත්තේ කුමන අර්ථයෙන් ද?
උතුම්, ශ්‍රේෂ්ඨ යන අර්ථයෙන්
අරිය මග්ග (දම්සක් පැවතුම් සූත්‍රය) = මජ්ජිම පටිපදා
ආර්‍ය අෂ්ටාංගික මාර්ගය නම් කරන්න
- සම්මා දිට්ඨි
- සම්මා සංකප්ප
- සම්මා වාචා
- සම්මා කම්මන්ත
- සම්මා ආජීව
- සම්මා වායාම
- සම්මා සති
- සම්මා සමාධි
නිවැරදි දැකීම හෙවත් සම්මා දිට්ඨිය යනු චතුරාර්‍ය සත්‍ය පිළිබඳ ඥානය බව සඳහන් වන සූත්‍රය කුමක් ද?
සච්චවිභංග සූත්‍රය
සච්චවිභංග සූත්‍රයට අනුව නිවැරදි දැකීම යනු කුමක් ද?
- දුක පිළිබඳ ඥානය
- දුක්ඛ සමුදය පිළිබඳ ඥානය
- දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානය
- දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳ ඥානය
අටුවාවල එන පස් ආකාර සම්මා දිට්ඨිය කුමක් ද?
- තමන් කරන ක්‍රියාවන්හි විපාක තමන් කරා පැමිණෙන බව දැකීම කම්මස්සකතා සම්මා දිට්ඨිය
- ලෞකික ධ්‍යාන උපදවාගත් පසු සිල් රැකීමෙන් හා සිත පිරිසිදු කර ගැනීමෙන් ඇතිවෙන විශේෂ ප්‍රතිලාභ නිවැරදි ව දැන ගැනීම ධ්‍යාන සම්මා දිට්ඨිය
- සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනත්ම වශයෙන් දැකීම විදර්ශනා සම්මා දිට්ඨිය
- සෝවන් ආදී මාර්ග සිත්වල පහළවන සිව්සස් අවබෝධ කරගැනීමේ දැක්ම මාර්ග සම්මා දිට්ඨිය
- සෝවන් ආදී ඵල සිත්වල ඇතිවන දැක්ම ඵල සම්මා දිට්ඨිය
කම්මස්සකතා සම්මා දිට්ඨිය යනු කුමක් ද?
තමන් කරන ක්‍රියාවන්හි විපාක තමන් කරා පැමිණෙන බව දැකීම
ධ්‍යාන සම්මා දිට්ඨිය යනු කුමක් ද?
ලෞකික ධ්‍යාන උපදවාගත් පසු සිල් රැකීමෙන් හා සිත පිරිසිදු කර ගැනීමෙන් ඇතිවන විශේෂ ප්‍රතිලාභ නිවැරදි ව දැන ගැනීම
විදර්ශනා සම්මා දිට්ඨිය යනු කුමක් ද?
සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස දැකීම
මාර්ග සම්මා දිට්ඨිය යනු කුමක් ද?
සෝවන් ආදි මාර්ග සිත්වල පහළ වන සිව්සස් අවබෝධ කරගන්නා දැක්ම
ඵල සම්මා දිට්ඨිය යනු කුමක් ද?
සෝවන් ආදි ඵල සිත්වල ඇති වන දැක්ම
අටුවාවල එන පස්වැදෑරුම් සම්මා දිට්ඨියෙන් ලෞකික ආර්‍ය අෂ්ටාංගික මාර්ගයට අදාළ වන කොටස් මොනවා ද?
- කම්මස්සකතා සම්මා දිට්ඨිය
- ධ්‍යාන සම්මා දිට්ඨිය
- විදර්ශනා සම්මා දිට්ඨිය
අටුවාවල එන පස්වැදෑරුම් සම්මා දිට්ඨියෙන් ලෝකෝත්තර පුද්ගලයන්ගේ සිත්වලට සීමා වන කරුණු මොනවා ද?
- මාර්ග සම්මා දිට්ඨිය
- ඵල සම්මා දිට්ඨිය
සම්මා සංකප්ප හෙවත් තෙවැදෑරුම් නිවැරදි සිතිවිලි ලියා දක්වන්න
- නෙක්ඛම්ම සංකප්ප
- අව්‍යාපාද සංකප්ප
- අවිහිංසා සංකප්ප
නෙක්ඛම්ම සංකප්ප යනු කුමක් ද?
වස්තු කාම සහ ක්ලේශ කාමයන්ගෙන් වෙන් වී ගිහි ගෙයි සම්බාධ අවබෝධ කරගෙන පැවිදි වීමට පහළ වන සිතිවිලි
අව්‍යාපාද සංකප්ප යනු කුමක් ද?
ද්වේශය, වෛරය, තරහව, ක්‍රෝධය ආදී සිතිවිලිවලින් බැහැර ව මෙත් සහගත් සිතිවිලිවලින් යුතු ව වාසය කිරීම
අවිහිංසා සංකප්ප යනු කුමක් ද?
හිංසාවේ ආදීනව දැක එයින් බැහැර වීමේ සිතිවිලි
අධිප්‍රඥා ශික්ෂාවට අයත් කරුණු මොනවා ද?
- සම්මා දිට්ඨි
- සම්මා සංකප්ප
ඉන්ද්‍රිය සංවරය යනු කුමක් ද?
සිතට ලැබෙන අරමුණු පාලනය කර ගැනීමේ හැකියාව
කායේන සංවරෝ සාධු යන ගාථාව ලියා දක්වන්න
කායේන සංවරෝ සාධු
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු
සාධු සබ්බත්ථ සංවරෝ
සබ්බත්ථ සංවුතෝ භික්ඛු
සබ්බ දුක්ඛා පමුච්චති
සම්මා වාචා යනු කුමක් ද?
නිවැරදි වචනය
- බොරු, පරුසවචන, කේලාම්, හිස් වචන නොකීම
- සත්‍ය වචන, අර්ථවත් වචන කතා කිරීම
සම්මා කම්මන්ත යනු කුමක් ද?
නිවැරදි කියා
- සතුන් නොමැරීම
- සොරකම් නොකිරීම
- කාමය වරදවා හැසිරීමෙන් වැළකීම
සම්මා ආජීව යනු කුමක් ද?
නිවැරදි දිවි පැවැත්ම
- භික්ෂුවක් නම් කුහනා, ලපනා ආදී විසි එක් වැදෑරුම් වංචනික ක්‍රියාවලින් වැළකීම
- ගිහියෙක් නම් දැහැමි ජීවන වෘත්තියක යෙදීම
ආජීව පාරිශුද්ධි ශීලය යනු කුමක් ද?
භික්ෂුවක් නැති ගුණ ඇඟවීමේ කුහනා, ලපනා ආදී විසිඑක් වැදෑරුම් වංචනික දුරාචාරවලින් වැළකී, දැහැමි අයුරින් සිව්පසය ලබා ජීවත් වීම
නිති පන්සිල් රකින පුද්ගලයා ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ කුමන කොටස් සුරකින පුද්ගලයෙක් ද?
- සම්මා වාචා
- සම්මා කම්මන්ත
- සම්මා ආජීව
ශීල ශික්ෂාව
සම්මා වායාම යනු කුමක් ද?
උතුම් උත්සාහය
- සිත අලුත් මුහුණුවරකට ගැනීමට ගන්නා උත්සාහය
සිව්වැදෑරුම් සම්මා වායාමය ලියා දක්වන්න
- නූපන් අකුසල් නූපදවීම
- උපන් අකුසල් නැති කිරීම
- උපන් කුසල් වැඩි දියුණු කිරීම
- නූපන් කුසල් ඉපිදවීමට ගන්නා උත්සාහය
අර්‍ය අෂ්ටාංගික මාර්ගයේ එන අධිශීල ශික්ෂාවට අයත් කිටස් මොනවා ද?
- සම්මා වාචා
- සම්මා කම්මන්ත
- සම්මා ආජීව
සම්මා සතිය යනු කුමක් ද?
යහපත් සිහිය
- අකුසලයෙන් සිත බැහැර කොට යහපත් අරමුණක සිත තබා ගැනීම
සම්මා සතිය හෙවත් යහපත් අරමුණක සිත පිහිටුවා ගන්නා ආකාරය දේශනා කර ඇති සූත්‍ර මොනවා ද?
- දම්සක් පැවතුම් සූත්‍රය
- සච්චවිභංග සූත්‍රය
- සතිපට්ඨාන සූත්‍රය
සම්මා සතිය නිවන් අවබෝධය පිණිස ඇති එක ම මාර්ගය ලෙස දක්වා ඇත්තේ කුමන දේශනාවේ ද?
සතර සතිපට්ඨානයේ
සතර සතිපට්ඨානය ලියා දක්වන්න
- කය අනුව බැලීම කායානුපස්සනාවයි
- වේදනාව අනුව බැලීම වේදනානුපස්සනාවයි
- ධර්මය අනුව බැලීම ධම්මානුපස්සනාවයි
- සිත අනුව බැලීම චිත්තානුපස්සනාවයි
සම්මා සතියෙන් සිදු වන්නේ කුමක් ද?
- අරමුණක් දෙස බලා ගෙන හෝ ඥාන ශක්තිය විහිදුවා කල්පනා කිරීමෙන්
- විවිධ අරමුණු කෙරෙහි විසිරී ගිය සිත එකමුතු කොට පිහිටුවා ගැනීම
සම්මා සමාධිය යනු කුමක් ද?
විවිධ අරමුණු කෙරෙහි සිත විසිරී යා නොදී එක ම අරමුණක සිත පිහිටුවා ගැනීම
කුසල ධර්ම මතු කරන ආකාරය අනුව සම්මා දිට්ඨිය බෙදා ඇති ආකාර මොනවා ද?
- සිව් ආකාරයකට : චතුර්ථ ධ්‍යාන
- පස් ආකාරයකට : පංචම ධ්‍යාන
සමථ භාවනාවේ දී නීවරණ ධර්ම යටපත් කරන විට පහළ වන ධ්‍යාන අංග මොනවා ද?
- විතක්ක
- විචාර
- පීති
- සුඛ
- ඒකග්ගතා
අධිචිත්තය යනු කුමක් ද?
විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා ආදී ධ්‍යාන අංග පහළ කර ගැනීමෙන් දියුණු මට්ටමකට පත් වූ සිත
ආර්‍ය මාර්ග යන්නෙහි අර්ථ මොනවා ද?
- උතුම් ශ්‍රේෂ්ඨත්වය කරා යන ගමන් මග
- ශ්‍රේෂ්ඨයින් විසින් අනුගමනය කළ ගමන් මග
සීල පරිභාවිතෝ සමාධි යන ගාථාව හා එහි තේරුම ලියන්න
සීල පරිභාවිතෝ සමාධි
මහප්ඵලෝ හෝති මහානිසංසෝ
සමාධි පරිභාවිතා පඤ්ඤා
මහප්ඵලා හෝති මහානිසංසා
පඤ්ඤා පරිභාවිතං චිත්තං
සම්මදේව ආසමේහි විමුච්චති
සීලයෙන් පිරිපුන් වීම සමාධියේ මහත් ඵල මහානිශංස බවට ද, සමාධියෙන් පිරිපුන් වීම ප්‍රඥාවේ මහත්ඵල මහානිශංස බවට ද හේතු වේ. ප්‍රඥාවෙන් පිරිපුන් වීමෙන් සිත මැනවින් ආශ්‍රමයන්ගෙන් (කාමාසව, භවාසව, අවිජ්ජාසව) මිදෙයි