16. නිමල දහම රැකුණු අයුරු Flashcards
'’ආනන්දය, මා විසින් යම් ධර්මයක් දේශනා කරන ලද නම් විනයක් පනවන ලද නම් ඒ ධර්මය හා විනය මාගේ ඇවෑමෙන් ශාස්තෲවරයා වන්නේ යැ’‘ යි බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනාව කුමක් ද?
මහා පරිනිර්වාණ සූත්‍රය
විනයෝ නාම සාසනස්ස ආයු යන්නෙහි අර්ථය කුමක් ද?
විනය සසුනේ ආයුෂයි යන්න
ධර්ම සංගායනාවක් යනු කුමක් ද?
ධර්මධර හා විනයධර මහ තෙරුන් වහන්සේලා රැස් ව, ශාසන අභිවෘද්ධිය අපේක්ෂාවෙන්, බුද්ධ වචනය ඒකරාශි කොට සජ්ඣායනා කිරීම
ධර්ම සංගීතියක අරමුණ වන්නේ කුමක් ද?
ධර්ම විනයේ පිරිසිදු බව ආරක්ෂා කිරීම
ප්‍රථම ධර්ම සංගායනාව සිදු වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් කොපමණ කලකට පසු ද?
මාස තුනකට පසු
ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට හේතු වූයේ කුමක් ද?
සුභද්‍ර භික්ෂුවගේ නුසුදුසු වචන
ප්‍රථම ධර්ම සංගායනාව සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ කවු ද?
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ
ප්‍රථම ධර්ම සංගායනාව සඳහා දායකත්වය ලබා දුන්නේ කවු ද?
අජාසත්ත රජු
දෙවන ධර්ම සංගායනාව පැවැත්වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් කොපමණ කලකට පසු ද?
වසර 100කට පසු
දෙවන ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා ප්‍රධාන හේතුව වූයේ කුමක් ද?
වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස අකැප වස්තුව
දෙවන ධර්ම සංගායනාව සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ හිමි නම කවු ද?
සබ්බකාමී මහරහතන් වහන්සේ
දෙවන ධර්ම සංගායනාව සඳහා අනුග්‍රහය දැක්වූයේ කවු ද?
කාලාශෝක රජු
තෙවන ධර්ම සංගායනාව පැවැත් වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර කීයකට පසු ද?
වසර 236 කට පසු ව
තෙවන ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා ප්‍රධාන හේතුව වූයේ කුමක් ද?
ලාභ අපේක්ෂාවෙන් දුසිල්වත් භික්ෂූන් සසුන් ගත වීම
තෙවන ධර්ම සංගායනාව සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ කවු ද?
මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ
තෙවන ධර්ම සංගායනාව සඳහා දායකත්වය දැක් වූ රජු කවු ද?
ධර්මාශෝක රජු
සිව්වන ධර්ම සංගායනාව පැවැත් වූ කාලය කුමක් ද?
ක්‍රි. පූ. පළවන සියවසේ
සිව්වන ධර්ම සංගායනාව පැවත්වීමට හේතු වූයේ කුමක් ද?
ත්‍රිපිටකධාරී මහතෙරුන් වහන්සේලා හා ධර්මය විනාශ වීමේ අවධානම
සිව්වන ධර්ම සංගායනාව සඳහා දායකත්වය සැපයූවේ කවු ද?
ප්‍රාදදේශීය නායකයෙකු
ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ ස්ථානය කුමක් ද?
රජගහනුවර, වේභාර පර්වතය පාමුල, සප්තපර්ණී ගුහා ද්වාරය අසල
ප්‍රථම ධර්ම සංගායනාව සඳහා සහය වූ තෙරුන් වහන්සේලා කවු ද?
ආනන්ද, උපාලි ආදී තෙරුන් වහන්සේලා
ප්‍රථම ධර්ම සංගායනාව සඳහා ගත වූ කාලය කොපමණ ද?
මාස 7
ප්‍රථම ධර්ම සංගායනාව සඳහා සහභාගී වූ භික්ෂූන් වහන්සේලා ගණන කීය ද?
500 කි (පංචසතිකා සංගීතිය)
දෙවන ධර්ම සංගායනාව පැවැත් වූ ස්ථානය කුමක් ද?
විශාලා නුවර, වාලුකාරාමය
දෙවන ධර්ම සංගායනාව සඳහා සහය වූ භික්ෂූන් වහන්සේලා කවු ද?
- රේවත හිමි
- සබ්බකාමී හිමි
- යස හිමි
- සාළ්හ හිමි
- ඛුජ්ජිසෝභිත හිමි
- වසභගාමී හිමි
- සුමන හිමි
- සානවාසී හිමි
- සම්භූත හිමි
දෙවන ධර්ම සංගායනාව සඳහා ගත වූ කාලය කොපමණ ද?
මාස 8
දෙවන ධර්ම සංගායනාව සඳහා සහභාගී වූ භික්ෂූන් වහන්සේලා ගණන කීය ද?
700 කි (සත්තසතිකා සංගීතිය)
තෙවන ධර්ම සංගායනාව පැවැත් වූ ස්ථානය කුමක් ද?
පැළලුප් නුවර, අශෝකාරාමය
තෙවන ධර්ම සංගායනාව සඳහා සහය වූ පිරිස කවු ද?
- මහින්ද
- මහාරක්ඛිත
- මහාදේව තෙරුන් වහන්සේලා
තෙවන ධර්ම සංගායනාව සඳහා ගත වූ කාලය කොපමණ ද?
මාස 9
තෙවන ධර්ම සංගායනාව සඳහා සහභාගී වූ භික්ෂූන් වහන්සේලා ගණන කීය ද?
1 000 කි (සාහස්සිකා සංගීතිය)
සිව්වන ධර්ම සංගායනාව පැවැත් වූ ස්ථානය කුමක් ද?
මාතලේ අළුවිහාරය
සිව්වන ධර්ම සංගායනාව සඳහා සහභාගී වූ භික්ෂූන් වහන්සේලා ගණන කීය ද?
500 කි
සිව්වන ධර්ම සංගායනාව හඳුන්වන අනෙක් නම කුමක් ද?
පුස්තකාරූඪ සංගීතිය
ප්‍රථම ධර්ම සංගායනාවේ ප්‍රතිඵල මොනවා ද?
- විසිරී තිබූ ධර්ම විනය එක් රැස් කර සම්මුතියකට ගෙන ඒම
- ධර්ම විනය කොටස් කර භාණක පරපුරට පැවරීම
- නව විනය නීති නො පැනවීමටත් පැන වූ විනය නීති ආරක්ෂා කිරීමටත් ප්‍රතිඥා දීම
දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල මොනවා ද?
- විනය විරෝධී කටයුතු කළ භික්ෂූන්ට නිග්‍රහ කිරීම
- දස අකැප වස්තුව ප්‍රතික්ෂේප කිරීම
- අටළොස් නිකාය බිහි වීම
- පළමු සංගීතියේ දී ඇති කරගත් සම්මුතිය අනුව ශික්ෂා පද ලිහිල් නො කර ඉදිරියට පවත්වා ගෙන යාම
තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල මොනවා ද?
- දුසිල් මහණුන් හැටදාහක් සුදුවත් අන්දවා සසුනෙන් නෙරපා හැරීම
- ශාසනික පිළිවෙත් නැවත ආරම්භ කිරීම
- කථාවත්ථුප්පකරණය ඇතුළත් කර අභිධර්ම පිටකය සම්පූර්ණ කිරීම
- ත්‍රිපිටකය ම අංග සම්පූර්ණ වීම
- දේශීය විදේශීය ධර්ම ප්‍රචාරය
සිව්වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල මොනවා ද?
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම
’‘ඇවැත්නි, නො හඬව්, නො වැලපෙව්, අපි ඒ මහා ශ්‍රමණායගෙන් මැනැවින් මිදුණෝ වෙමු” ය යන නොමනා ප්‍රකාශය කළේ කවු ද?
සුභද්‍ර නම් භික්ෂුව
පළවෙනි ධර්ම සංගායනාවේ දී ධර්මය බෙදා වෙන් කරන ලද නිකාය පහ කුමක් ද?
- දීඝ නිකාය
- මජ්ඣිම නිකාය
- අංගුත්තර නිකාය
- සංයුක්ත නිකාය
- ඛුද්දක නිකාය
දීඝ නිකාය මුඛ පරම්පරාගත ව පවත්වා ගෙන ඒම සඳහා භාර කළේ කුමන හිමි නම ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට ද?
ආනන්ද තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාව
මජ්ඣිම නිකාය මුඛ පරම්පරාගත ව පවත්වා ගෙන ඒම සඳහා භාර කළේ කුමන හිමි නම ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට ද?
සැරියුත් තෙරුන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාව
අංගුත්තර නිකාය මුඛ පරම්පරාගත ව පවත්වා ගෙන ඒම සඳහා භාර කළේ කුමන හිමි නම ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට ද?
අනුරුද්ධ තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍ය පරමපරාව
සංයුක්ත නිකාය මුඛ පරම්පරාගත ව පවත්වා ගෙන ඒම සඳහා භාර කළේ කුමන හිමි නම ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට ද?
මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාව්
ඛුද්දක නිකාය මුඛ පරම්පරාගත ව පවත්වා ගෙන ඒම සඳහා භාර කළේ කුමන හිමි නම ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට ද?
සියලු ම භික්ෂූන් වහන්සේලාට
නිකාය යන්නෙහි අර්ථය කුමක් ද?
සමූහය; කොටස; එකතුව යන්න
දීඝ නිකාය යනු කුමක් ද?
ප්‍රමාණයෙන් දීර්ඝ වූ සූත්‍ර එකතුව
මජ්ඣිම නිකාය යනු කුමක් ද?
ප්‍රමාණයෙන් මධ්‍යම වූ සූත්‍ර එකතුව
අංගුත්තර නිකාය යනු කුමක් ද?
සංඛ්‍යාත්මක ව අංකයෙන් අංකයට වැඩි වන සේ ධර්ම කරුණු වදාළ සූත්‍ර එකතුව
සංයුක්ත නිකාය යනු කුමක් ද?
එකිනෙකට ගෙතූ ධර්ම කරුණු ඇතුළත් සූත්‍ර එකතුව
ඛුද්දක නිකාය යනු කුමක් ද?
ප්‍රමාණයෙන් කුඩා දේශනා එකතුව
පළවන ධර්ම සංගායනාවේ දී විනය කිටස් සංග්‍රහ කරන ලද පස් ආකාරය කුමක් ද?
- පාරාජික පාලි
- පාචිත්තිය පාලි
- චුල්ලවග්ග පාලි
- මහාවග්ග පාලි
- පරිවාර පාලි
විනය පිටකයට අයත් වන කරුණු මොනවා ද?
උපසම්පදා භික්ෂූන් වහන්සේලාට අදාළ විනය ශික්ෂාවන් හා පාලන ක්‍රම
පාරාජික පාලිය සහ පාචිත්තිය පාලිය තුළ අන්තර්ගත වන්නේ කුමක් ද?
උපසපන් භික්ෂූන් වහන්සේලාට අදාළ ශික්ෂා ප්‍රතිපත්ති
චුල්ලවග්ග පාලිය සහ මහාවග්ග පාලිය** තුළ ඇතුළත් වන්නේ මොනවා ද?
සංඝ සමාජයේ පැවැත්මට සහ උපසපන් භික්ෂූන් වහන්සේලාගේ පෞද්ගලික හා සාමූහික යන දෙඅංශයට අදාළ වගකීම්
පරිවාර පාලියේ ඇති පරිවාර කොටස් ගණන කීය ද?
16 කි
පරිවාර පාලියේ ඇති කරුණු මොනවා ද?
මහාවග්ග පාලියෙහි ඇතුළත් කරුණු සාරාංශකොට දක්වා ඇත
විනය පිටකය මුඛ පරම්පරාගත ව පවත්වා ගෙන ඒම පැවරුණේ කුමන හිමි නමට ද?
උපාලි තෙරුන් ප්‍රධාන ශිෂ්‍ය පරම්පරාවට
දස අකැප වස්තුව ධර්ම විනයට අනුකූල නො වන බව තීරණය කිරීම සඳහා සහභාගී වූ කමිටුවට අයත් ද්විපාර්ශ්වික භික්ෂූන් වහන්සේලා කවු ද?
පාචීනක හා පාවෙය්‍යක පාර්ශවයන්ට අයත් භික්ෂූන් වහන්සේලා
දස අකැප වස්තුව පිළිගැනීම නිසා ශාසනයෙන් නෙරපන ලද දස දහසක් වූ භික්ෂූන් වහන්සේලා පිළිගත් සංවිධානය කුමක් ද?
මහා සාංඝික නම් සංවිධානය
කථාවත්ථුප්පකරණයේ අන්තර්ගත වන්නේ කුමක් ද?
තුන්වැනි ධර්ම සංගායනාවේ දී විභාග කළ පරවාද පන්සියයක් හා ඒවා ඛණ්ඩනය කිරීම සඳහා වන සකවාද පන්සියයක්
කථාවත්ථුපකරණය සම්පාදනය කළ හිමි නම කවු ද?
මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ
අභිධර්ම පිටකයට අයත් ප්‍රකරණ ගණන කීය ද?
හතකි
අභිධර්ම පිටකයට අයත් ප්‍රකරණ නම් කරන්න
- ධම්මසංගණිප්පකරණය
- විභංගප්පකරණය
- ධාතුකථාප්පකරණය
- පුද්ගලපඤ්ඤත්තිප්පකරණය
- කථාවත්ථුපකරණය
- යමකප්පකරණය
- පට්ඨානප්පකරණය
කාශ්මීර ගන්ධාරයට ථේරවාද බුදු දහම රැගෙන යාමේ නායකත්වය ගත් භික්ෂූන් වහන්සේ කවු ද?
මජ්ඣන්තික තෙරුන් වහන්සේ
මහිස මණ්ඩලයට ථේරවාද බුදු දහම රැගෙන යාමේ නායකත්වය ගත් භික්ෂූන් වහන්සේ කවු ද?
මහාදේව තේරුන් වහන්සේ
වනවාසී දේශයට ථේරවාද බුදු දහම රැගෙන යාමේ නායකත්වය ගත් භික්ෂූන් වහන්සේ කවු ද?
රක්ඛිත තෙරුන් වහන්සේ
අපරන්ත දේශයට ථේරවාද බුදු දහම රැගෙන යාමේ නායකත්වය ගත් භික්ෂූන් වහන්සේ කවු ද?
යෝනක ධම්මරක්ඛිත තෙරුන්
මහාරට්ඨයට ථේරවාද බුදු දහම රැගෙන යාමේ නායකත්වය ගත් භික්ෂූන් වහන්සේ කවු ද?
මහා ධම්ම රක්ඛිත තෙරුන් වහන්සේ
යෝනක රට්ඨයට ථේරවාද බුදු දහම රැගෙන යාමේ නායකත්වය ගත් භික්ෂූන් වහන්සේ කවු ද?
මහා රක්ඛිත තෙරුන් වහන්සේ
හිමවන්ත ප්‍රදේශයට ථේරවාද බුදු දහම රැගෙන යාමේ නායකත්වය ගත් භික්ෂූන් වහන්සේ කවු ද?
මජ්ඣිම තෙරුන් වහන්සේ
ස්වර්ණභූමියට ථේරවාද බුදු දහම රැගෙන යාමේ නායකත්වය ගත් භික්ෂූන් වහන්සේ කවු ද?
සෝණ, උත්තර යන තෙරුන් වහන්සේලා
තම්බපණ්ණියට ථේරවාද බුදු දහම රැගෙන යාමේ නායකත්වය ගත් භික්ෂූන් වහන්සේ කවු ද?
මිහිඳු මහරහතන් වහන්සේ
කාශ්මීර ගන්ධාරයට බුදුදහම ගෙන වැඩම කළ භික්ෂූන් වහන්සේලා පළමුවෙන් දේශනා කළ සූත්‍රය කුමක් ද?
ආසිවිසෝපම සූත්‍රය
මහිස මණ්ඩලයට බුදුදහම ගෙන වැඩම කළ භික්ෂූන් වහන්සේලා පළමුවෙන් දේශනා කළ සූත්‍රය කුමක් ද?
දේවදූත සූත්‍රය
වනවාසී දේශයට බුදුදහම ගෙන වැඩම කළ භික්ෂූන් වහන්සේලා පළමුවෙන් දේශනා කළ කථා වස්තුව කුමක් ද?
අනමතග්ග සූත්‍රය
අපරන්ත දේශයට බුදුදහම ගෙන වැඩම කළ භික්ෂූන් වහන්සේලා පළමුවෙන් දේශනා කළ සූත්‍රය කුමක් ද?
අග්ගික්ඛන්ධෝපම සූත්‍රය
මහාරට්ඨයට බුදුදහම ගෙන වැඩම කළ භික්ෂූන් වහන්සේලා පළමුවෙන් දේශනා කළ සූත්‍රය කුමක් ද?
මහානාරද කස්සප ජාතකය
යෝනක රට්ඨයට බුදුදහම ගෙන වැඩම කළ භික්ෂූන් වහන්සේලා පළමුවෙන් දේශනා කළ සූත්‍රය කුමක් ද?
කාලකාරාම සූත්‍රය
හිමවන්ත ප්‍රදේශයට බුදුදහම ගෙන වැඩම කළ භික්ෂූන් වහන්සේලා පළමුවෙන් දේශනා කළ සූත්‍රය කුමක් ද?
ධම්මචක්කප්පවත්තන සූත්‍රය
ස්වර්ණභූමියට බුදුදහම ගෙන වැඩම කළ භික්ෂූන් වහන්සේලා පළමුවෙන් දේශනා කළ සූත්‍රය කුමක් ද?
බ්‍රහ්මජාල සූත්‍රය
තම්බපණ්ණියට බුදුදහම ගෙන වැඩම කළ භික්ෂූන් වහන්සේලා පළමුවෙන් දේශනා කළ සූත්‍රය කුමක් ද?
චූලහත්ථිපදෝපම සූත්‍රය
පර්‍යාප්තිය යනු කුමක් ද?
ත්‍රිපිටක බුද්ධ වචනය