19. බුදු සමයෙන් පෝෂණය වූ සිංහල සාහිත්‍යය Flashcards
දඹදෙණි යුගයේ දී රචනා වී ඇති ග්‍රන්ථ මොනවා ද?
- සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයක් වූ සිදත් සඟරාව
- පියුම්මල් නමැති නිඝණ්ඩුව
- ඡන්දස් අලංකාර විස්තර කරන එළු සඳැස් ලකුණ
කුරුණෑගල රාජධානි ප්‍රදේශය හැඳින්වෙන අනෙක් නම කුමක් ද?
හස්ති ශෛලපුර
කුරුණෑගල සාහිත්‍ය යුගයේ රචනා වී ඇති ග්‍රන්ථ මොනවා ද?
- පන්සිය පනස් ජාතක පොත් වහන්සේ
- සිංහල බෝධි වංසය
- ථූපවංසය
ථූපවංසය නම් ග්‍රන්ථය රචනා කර ඇත්තේ කවුරුන් විසින් ද?
විද්‍යා චක්‍රවර්තී පරාක්‍රම පණ්ඩිත
ථූපවංසය ග්‍රන්ථයේ දැක්වෙන්නේ කුමක් ද?
රුවන්සැලි සෑය පිළිබඳ තොරතුරු
ගම්පොළ සාහිත්‍ය යුගයේ ඇති විශේෂතාව කුමක් ද?
සිංහල සංදේශ කාව්‍ය ලියැවීම ආරම්භ වීම
ගම්පොළ යුගයේ ලියා ඇති සංදේශ මොනවා ද?
- මයුර සංදේශය
- තිසර සංදේශය
මයුර සංදේශය ලියැවෙන්නේ කුමන රජුගේ කාලයේ ද?
පස්වන බුවනෙකබාහු රජුගේ කාලයේ
මයුර සංදේශයේ පණිවිඩය යැවෙන්නේ කා හට ද?
ගම්පොළ සිට දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙතට
නිකාය සංග්‍රහය හඳුන්වන අනෙක් නම කුමක් ද?
ශාසනාවතාරය
නිකාය සංග්‍රහය රචනා කර ඇත්තේ කවු ද?
ද්විතීය ධර්මකීර්ති නාහිමිපාණන්
ගම්පොළ සාහිත්‍ය යුගයේ රචනා වූ ග්‍රන්ථ මොනවා ද?
- නිකාය සංග්‍රහය
- සද්ධර්මාලංකාරය
- එළු අත්තනගලුවංසය
සව්සත කෙළ පැමිණි යන කවිය සම්පූර්ණ කරන්න
සව්සත කෙළ පැමිණි
ගුරුවරුන් දෙරණ සපැමිණි
පිරිසිදු සිල් ගිහිණි
සියල්ලෝ වියතුන්ට සිළුමිණි
ලෝවැඩ සඟරාව ග්‍රන්ථය රචනා කළේ කවු ද?
වීදාගම මෛත්‍රේය නාහිමිපාණන්
මුල් ම කවි බණ පොත ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
ලෝවැඩ සඟරාව
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත ග්‍රන්ථ මොනවා ද?
- පරවි සංදේශය
- සැළලිහිණි සංදේශය
- කාව්‍යශේඛරය
- පඤ්චිකා ප්‍රදීපය
- බුද්ධිප්පසාදිනිය
වීදාගම මෛත්‍රේය නාහිමිපාණන් විසින් රචිත ග්‍රන්ථ මොනවා ද?
- ලෝවැඩ සඟරාව
- බුදුගුණාලංකාරය
කෝට්ටේ යුගයේ ලියැවුණු ග්‍රන්ථ මොනවා ද?
- ගිරා සංදේශය
- කෝකිල සංදේශය
- හංස සංදේශය
- දහම්ගැටමාලාව
- චූලබෝධිවංසය
- පැරකුම්බා සිරිත
- ගුත්තිල කාව්‍ය
කෝට්ටේ යුගයේ රචිත සංදේශ කාව්‍ය මොනවා ද?
- හංස සංදේශය
- සැළලිහිණි සංදේශය
- ගිරා සංදේශය
- පරවි සංදේශය
- කෝකිල සංදේශය
කය නම් අසාර ය යන කවිය ලියන්න
කය නම් අසාර ය
බව නම් භයංකාරය
කියනුව දිවා රැය
කෙරෙම් බුදුගුණ අලංකාරය
කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ආරම්භ කළේ කවු ද?
අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්
කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කළේ කවු ද?
අතිපූජ්‍ය රත්මලානේ ධර්මාලෝක මාහිමියන්
සිදත් සඟරාව ලියැවුණු යුගය කුමක් ද?
දණදෙණි යුගය
ථූපවංසය ලියැවුණු යුගය කුමක් ද?
කුරුණෑගල යුගය
එළු සඳැස් ලකුණ ලියැවුණු යුගය කුමක් ද?
දඹදෙණි යුගය
මයුර සංදේශය ලියැවුණු යුගය කුමක් ද?
ගම්පොළ යුගය
කාව්‍යශේඛරය ලියැවුණු යුගය කුමක් ද?
කෝට්ටේ යුගය
ලෝවැඩ සඟරාව ලියැවුණු යුගය කුමක් ද?
කෝට්ටේ යුගය
තිසර සංදේශය රචනා වූ යුගය කුමක් ද?
ගම්පොළ යුගය
පියුම්මල් නමැති නිඝණ්ඩුව රචනා වූ යුගය කුමක් ද?
දඹදෙණි යුගය
සිංහල බෝධිවංසය රචනා වූ යුගය කුමක් ද?
කුරුණෑගල යුගය