02. බුදුගුණ අනන්ත ය Flashcards
බුදුරදුන් සියතින් ම ප්‍රතිකාර කරනු ලැබූ භික්ෂූන් වහන්සේලා නම් කරන්න
- පූතිගත්ත තිස්ස තෙරුන්
- උදරාබාදයකින් පෙළුණු භික්ෂූන් වහන්සේ නම
- කාශ්‍යප මහරහතන් වහන්සේ
- මුගලන් මහරහතන් වහන්සේ
තිස්ස තෙරුන්ට පූතිගත්ත තිස්ස යැයි පටබැඳුනේ කුමන අර්ථයෙන් ද?
‘වණ වූ සිරුරක් ඇති තිස්ස’ යන අර්ථයෙන්
උදරාබාධයකින් පෙළෙමින් සිටි භික්ෂූන් වහන්සේට කිසිවෙකුත් උපස්ථාන නොකළේ ඇයි?
එම භික්ෂුව නිරෝගී ව සිටි කාලයේ දී, රෝගී වූ අනෙක් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන නො කිරීම
බුදුරජාණන් වහන්සේ ගිලානෝපස්ථානය පිළිබඳ ව භික්ෂූන් වහන්සේලාට කළ විශේෂ අනුශාසනාව කුමක් ද?
'’මහණෙනි, ඔබට දැන් මවක නැත. පියකු නැත. එහෙයින් මෙබඳු අවස්ථාවක දී එකිනෙකා ඔවුනොවුන්ට උපකාරී ව සහයෝගයෙන් ක්‍රියා කළ යුතු ය. මගේ මෙම අවවාදය පිළිපදින තැනැත්තා ගිලනුන්ට උපස්ථාන කරන්නේ ය. ගිලනුන්ට උපස්ථාන කරන්නා මට උපස්ථාන කරන්නේ ය’‘
බුදුරජාණන් වහන්සේ කාශ්‍යප හිමියන් සුවපත් කරන විට උන් වහන්සේ වැඩ වාසය කළ ගුහාව කුමක් ද?
පිප්ඵලී ගුහාව
බුදුරජාණන් වහන්සේ කාශ්‍යප හිමියන්ගේ රෝගය දුරු කළේ කුමක් දේශනා කිරීමෙන් ද?
සත්ත බොජ්ඣංගය දේශනා කිරීමෙන
බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට ප්‍රතිකාර කරන විට උන් වහන්සේ වැඩ සිටියේ කොහේ ද?
කලන්දක නිවාප නම් ස්ථානයේ
(වේළුවනාරාමය)
බුදුරජාණන් වහන්සේ දවස වෙන් කරගෙන සිටි කොටස් පහ මොනවා ද?
- පෙරබත් කිස
- පසුබත් කිස
- පෙරයම් කිස
- මැදියම් කිස
- පැසුළුයම් කිස
බුදුරජාණන් වහන්සේ පැසුළුයම් කිස ආරම්භයේ දී මහා කරුණා සමාපත්තියට සම වැදීමේ අරමුණ කුමක් ද?
එදින තමන් වහන්සේට පිහිට විය හැකි, අනුග්‍රහය දැක්විය යුතු අය කවුරුන්දැයි සොයා බැලීම
බුදුරජාණන් වහන්සේ අසරණ වූ පිරිස් සොයා ගෙන යාම භඳුන්වන නම කුමක් ද?
නිබද්ධ චාරිකා
බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබූ අය කවු ද?
- සුනීත
- සෝපාක
- කහවණු පොදියක් නිසා වරදකරු වූ ගොවියා
- ආලවක කුමාරයා
- දීඝායු කුමාරයා
- රජ්ජුමාලා
- මට්ටකුණ්ඩලී
- ඡත්ත මානවක
- පේෂකාර දියණිය
- බාහියදාරුචීරිය
- භද්‍රවතිකා ඇතින්න
- ළමුන් පිරිසකගෙන් හිරිහැර ලබමින් සිටි ගැරඬියා
බුදුරජාණන් වහන්සේ විසින් අකාල උවදුරු වලින් බේරා ගන්නා ලද අය කවු ද?
- ආලවක කුමාරයා
- දීඝායු කුමාරයා
බුදුරජාණන් වහන්සේ විසින් කර්ම ශක්තිය මත ජීවිත අහිමි වූ අයට පිහිට වූ අවස්ථා මොනවා ද?
- මට්ටකුණ්ඩලි
- ඡත්‍ත මානවක
- පේෂකාර දියණිය
- බාහියදාරුචීරිය
බුදුරජාණන් වහන්සේ සතුන්ට පිහිට වූ අවස්ථා මොනවා ද?
- උදේනි රජතුමාගේ භද්‍රවතිකා නම් වූ ඇතින්නට නැවතත් සුදුසු පරිදි සැලකුම් ලැබීමට සැලැස්වීම
- ළමයින් පිරිසකගේ හිංසාවට ලක් වෙමින් සිටි ගැරඬියෙක්ට පිහිට වීම
බුදුරජාණන් වහන්සේ සතු ව තිබූ නොහික්මුණු පුද්ගලයන් හික්මවීමේ ගුණය හඳුන්වන නම කුමක් ද?
පුරිසදම්ම සාරථි ගුණය
නොහික්මුණු පිරිස් හික්මවීම සඳහා බුදුරජාණන් වහන්සේ භාවිතා කළේ කුමන ගුණාංග ද?
- කරුණාව
- මෛත්‍රිය
- ඉවසීම
- ප්‍රඥාව
අංගුලිමාලගේ ක්‍රියාකාරකම් නිසා බියෙන් ඇළලී ගිය රාජ්‍යය කුමක් ද?
කෝසල රාජ්‍යය
බුදුරජාණන් වහන්සේ විසින් දමනය කරන ලද අය කවු ද?
- තුන් බෑ ජටිලයන්
- අංගුලිමාල
- ආලවක යක්ෂයා
- සුචිරෝම හා ඛරරෝම යක්ෂයන්
- නාලාගිරි හස්තිරාජයා
- සච්චක නිගණ්ඨ පුත්‍රයා
- උපාලි ගෘහපති
බුදුරජාණන් වහන්සේ විසින් දමනය කරන ලද විවිධ දෘෂ්ටිවාද දැරූ අය කවු ද?
- සච්චක නිගණ්ට පුත්‍රයා
- උපාලි ගෘහපති
නිගණ්ඨනාතපුත්ත ශාස්තෲවරයාගේ දැඩි අනුගාමිකයෙකු ලෙස ක්‍රියා කළ ගෘහපති කවු ද?
උපාලි ගෘහපති
*අමාවතුර** රචනා කරනු ලබන්නේ කවු ද?
ගුරුළුගෝමී පඬිතුමා
තාදි ගුණය යනු කුමක් ද?
මධ්‍යස්ථ ව සියල්ල දර ගැනීම; අටලෝ දහමෙන් කම්පා නොවීම
තාදි ගුණය හැඳින්වෙන වෙනත් නමක් ලියන්න
අකම්ප්‍ය ගුණය
බුදුරජාණන් වහන්සේට අසදෘශ දානය නම් මහා දානයක් දුන් රජු කවු ද?
කොසොල් රජු
බුදුරජාණන් වහන්සේට ජේතවනාරමය කරවා පූජා කළේ කවු ද?
අනේපිඬු හෙවත් සුදත්ත සිටුතුමා
පූර්වාරාමය කරවා පූජා කළේ කවු ද?
විශාකා මහෝපාසිකාව
බුදුරජාණන් වහන්සේට වේරංජා නුවර වස් වැසීමට ආරාධනා කළ බමුණා කවු ද?
උදය බමුණා
බුදුරජාණන් වහන්සේ වේරංජාවෙහි ගත කළේ කී වැනි වස් කාලය ද?
12 වැනි වස් කාලය
වේරංජාවේ වස් වාසය කළ කාලය තුළ බුදුරජාණන් වහන්සේට වළඳන්නට වූයේ මොනවා ද?
අශ්ව වෙළෙඳුන් පිරිසක් ලබා දුන් යව නම් කටුක ආහාර විශේෂය
බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමඟ චාරිකා කළ එක් අවස්ථාවක දී ත්‍රිවිධ රතනයට දොස් කියමින් ගිය බමුණාගේ නම කුමක් ද?
සුප්පිය බමුණා
ත්‍රිවිධ රත්නයේ ගුණ කියමින් පැමිණි සුප්පිය බමුණාගේ අන්තේවාසිකයාගේ නම කුමක්ද?
බ්‍රහ්මදත්ත
සුප්පිය බමුණාගේ හා ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්‍තගේ ප්‍රකාශ පිළිබඳ ඇසූ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දුන් උපදේශය කුමක් ද?
“අනුන් මට දොස් කියතොත් ඔබ එයට කෝප නොවිය යුතු ය; අසතුටු නොවිය යුතු ය; අමනාප ඇති කර නොගත යුතු ය.එවැනි විටක ඔබ කෝප වුවහොත් අනුන් කියන දේ සත්‍ය ද අසත්‍යය දැයි දැන ගැනීමට නොහැකි ය. එසේ ම මහණෙනි, අනුන් මගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියොත් එයින් ද ඔබ බලවත් ප්‍රීතියට නොපැමිණි ය යුතු ය; සොම්නස් ව ප්‍රීතියෙන් මුසපත් නොවිය යුතු ය’‘
බුදුරජාණන් වහන්සේ නින්දාවට හා අපකීර්තියට පත් කිරීමට ප්‍රයත්න සඳහා උදාහරණ මොනවා ද?
- සුන්දරී පරිබ්‍රාජිකාව හා සම්බන්ධ සිද්ධිය
- මාගන්දියගේ නින්දා අපහාස
- චිංචාමානවිකාවගේ නින්දා අපහස
වාද කර පැරදවීමේ අදහසින් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණි බමුණන් කවු ද?
- අක්කෝස භාරද්වාජ
- කසී භාරද්වාජ
බුදුරජාණන් වහන්සේ ප්‍රශංසාවට ලක් කළ ආගමික නායකයින් කවු ද?
- සෝණදණ්ඩ බමුණා
- චංකි හා පොට්ඨපාද පිරිවැජියන්
බුදුරජාණන් වහන්සේ ඇගයූ උන් වහන්සේගේ ශ්‍රාවක පිරිස් කවු ද?
- අනේපිඬු සිටුතුමා
- විශාඛා උපාසිකාව
- බිම්බිසාර රජු
- කොසොල් රජු
අටලෝ දහමෙන් කම්පා නොවී කටයුතු කිරීම දියුණුවට හේතුවක් බව දක්වා ඇති සූත්‍රය කුමක් ද?
මහා මංගල සූත්‍රය
‘ලාභෝ අලාභෝ අයසෝ යසෝච’ යන ගාථාව හා එහි තේරුම ලියා දක්වන්න
ලාභෝ අලාභෝ අයසෝ යසෝච
නින්දා පසංචාච සුඛංච දුක්ඛං
ඒතේ අනිච්චා මනුජේසු ධම්මා
අසස්සතා විපරිණාම ධම්මා
ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් යන මේ ධර්මයෝ අට දෙන මනුෂ්‍යන් කෙරෙහි අනිත්‍ය ය, ස්ථිර නොවූයේ ය, විපරිණාම ස්වභාවයෙන් යුක්ත වූවෝ ය