11. පුද්ගල විසමතා සහ කර්මය Flashcards
බුදු දහමෙහි හොඳ ක්‍රියා හඳුන්වන නම් මොනවා ද?
- පින
- කුසලය
කර්ම යනු මොනවා ද?
චේතනාව මුල් කොට ගත් යහපත් සහ අයහපත් ක්‍රියා දාමයන්
බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳ කළ ප්‍රකට දේශනාව කුමක් ද?
“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.
චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා”
“මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. සිතින් සිතා කයෙන්, වචනයෙන්, මනසින් කර්ම කරයි”
පුනර්භවය පිළිබඳ අත්දැකීමෙන් දැන ගැනීමට උපකාරී වන ඤාණ මොනවා ද?
- පුබ්බේනිවාසානුස්සති ඤාණය
- චුතූපපාත ඤාණය
පුබ්බේ නිවාසානුස්සති ඤාණය යනු කුමක් ද?
පෙර පැවැත්ම දැකීමේ නුවණ
චුතූපපාත ඤාණය යනු කුමක් ද?
සත්ත්වයාගේ මතු පැවැත්ම දකින නුවණ
බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳ සැවැත්නුවර ජේතවනාරාමයේ දී තෝදෙය්‍ය පුත්‍ර සුභ නම් තරුණයාට දේශනා කළ සූත්‍රය කුමක් ද?
චුල්ලකම්ම විභංග සූත්‍රය
තෝදෙය්‍ය පුත්‍ර සුභ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසූ මෙලොව මිනිසුන් අතර දක්නට ලැබෙන විශමතා ගණන කීය ද? ඒ මොනවා ද?
14 කි,
- අඩු ආයුෂ ඇති අය (අප්පායුකා)
- දීර්ඝායුෂ ඇති අය (දීඝායුකා)
- බොහෝ ආබාධ ඇති අය (බහු ආබාධා)
- අල්ප ආබාධ අය (අප්පාබාධා)
- අවලස්සන අය (දුබ්බණ්ණා)
- ලස්සන අය (වණ්ණවන්තා)
- යසස් නැති අය (අප්පේසක්ඛා)
- යසස් ඇති අය (මහේසක්ඛා)
- අල්පභෝග ඇති දුප්පත් අය (අප්ප භෝගා)
- මහත් වූ භෝග වූ පොහොසත් අය (මහා භෝගා)
- පහත් යැයි සම්මත අය (නීච කුලීනා)
- උසස් යැයි සම්මත අය (උච්චා කුලීනා)
- නුවණින් අඩු අය (දුප්පඤ්ඤා)
- නුවණින් යුත් අය (පඤ්ඤාවන්තා)
පුද්ගල විසමතා ඇති වීමට හේතු මොනවා දැයි සුභ මානවකයා ඇසූ පැනයට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර කුමක් ද?
“මානවකය, සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ. කර්මය දායාද කොට ඇත්තාහ. කර්මය කරණ කොට ඇත්තාහ. කර්මය නෑදැකොට ඇත්තාහ. කර්මය පිළිසරණ කොට ඇත්තාහ. කර්මය නිසා මේ පුද්ගලයන්ගේ හීන බව සහ උසස් බව ඇති වේ”
පුද්ගල විසමතා ඇති වීමට බලපාන කර්ම-ඵල සම්බන්ධය ලියා දක්වන්න
- ප්‍රාණඝාත කරන්නා
- අඩු වයසින් මිය යයි
- ප්‍රාණඝාතය නො කරන්නා
- දීර්ඝායුෂ විඳී
- සත්ත්ව හිංසාව සිදු කරන්නා
- බොහෝ ආබාධ සහිත ව උපදී
- සත්ත්ව හිංසාව නො කරන තැනැත්තා
- ආබාධ රහිත ව උපදී
- ද්වේෂයෙන් කටයුතු කරන්නා
- දුර්වර්ණ ව උපදී
- ද්වේෂයෙන් තොර ව කටයුතු කරන්නා
- වර්ණවත් ව උපදී
- අන් සැපතට ඊර්ෂ්‍යා කරන්නා
- අල්පේශාක්‍ය ව උපදී
- අන් සැපතට ඊර්ෂ්‍යා නො කරන්නා
- මහේශාක්‍ය ව උපදී
- තමා සතු කිසිවක් අන් අයට නො දී භුක්ති විඳින්නා
- අල්පභෝගී ව උපදී
- තමා සතු දේ අන් අයට දෙන තැනැත්තා
- මහාභෝගී ව උපදී
- තමා සතු දේ අන් අයට දෙන තැනැත්තා
- ගරු කළ යුත්තන්ට ගරු නො කරන, පිදිය යුත්තන් නො පුදන අධික මානයෙන් යුත් තැනැත්තා
- පහත් යැයි සම්මත කුලවල උපදී
- ගරු කළ යුත්තන්ට ගරු නො කරන, පිදිය යුත්තන් නො පුදන අධික මානයෙන් යුත් තැනැත්තා
- ගරු කළ යුත්තන්ට ගරු කරන, පිදිය යුත්තන් පුදන මානයෙන් තොර වූ තැනැත්තා
- උසස් යැයි සම්මත කුලවල උපදී
- ගරු කළ යුත්තන්ට ගරු කරන, පිදිය යුත්තන් පුදන මානයෙන් තොර වූ තැනැත්තා
- කුසල් මොනවා ද, අකුසල් මොනවා ද, සත්‍ය, අසත්‍ය (ධර්මය) කුමක් දැයි විමසුමක් නො කරන්නා
- ප්‍රඥාව අඩු ව උපදී
- කුසල් මොනවා ද, අකුසල් මොනවා ද, සත්‍ය, අසත්‍ය (ධර්මය) කුමක් දැයි විමසුමක් නො කරන්නා
- කුසල් මොනවා ද, අකුසල් මොනවා ද, සත්‍ය, අසත්‍ය (ධර්මය) කුමක් දැයි පිළිබඳ විමසීම් කරන්නා
- ප්‍රඥාවන්ත ව උපදී
- කුසල් මොනවා ද, අකුසල් මොනවා ද, සත්‍ය, අසත්‍ය (ධර්මය) කුමක් දැයි පිළිබඳ විමසීම් කරන්නා