04. සමාධිගත සිතක මහිම Flashcards
සිත අපිරිසිදු වන්නේ කුමන සිතිවිලි නිසා ද?
වෛරය, ක්‍රෝධය හා පළිගැනීම වැනි අකුසල් සිතිවිලි නිසා
‘දූරංගමං ඒකචරං’ යන ගාථාව හා එහි තේරුම ලියා දක්වන්න
දූරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා
දුර ගමන් කරන, තනි ව හැසිරෙන, ශරීරයක් නැති, ගුහාවක වෙසෙන සිත දමනය කර ගන්නා තැනැත්තෝ මාරයාගේ බැම්මෙන් මිදෙති
- ධම්මපදය
බුදුරජාණන් වහන්සේ විසින් දිවා රෑ භාවනා කරන පුද්ගලයන් පිළිබඳ ව පවසා ඇත්තේ කුමක් ද?
'’දිවා රෑ දෙකෙහි ම භාවනාවට යොමු කළ සිත් ඇති බුදු සව්වෝ නිරතුරු ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරති’‘
ප්‍රබුද්ධ ජීවිතය යනු කුමක් ද?
අලසකමින්, උදාසීනමින් හා අසහනයෙන් තොර ජීවිතයකි
බුදු දහමෙහි භාවනාව ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
- කුසල් දහම් වැඩි කරන මානසික අභ්‍යාසය
- මානසික නිරෝගිතාවය, මානසික නිවැරදි බව, මානසික දක්ෂතාව දියුණු කරන විධිමත් ක්‍රියා පිළිවෙළ
කුසල් යන්නෙහි අදහස් තුන මොනවා ද?
- නිරෝගි
- නිවැරදි
- දක්ෂ
බුදු දහමේ සඳහන් වන දෙයාකාර භාවනා මොනවා ද?
- සමථ භාවනාව
- විපස්සනා භාවනාව
සමථය යන්නෙහි අර්ථය කුමක් ද?
සංසිඳුවීම, සංවර කිරීම, සමාදාන කිරීම
සමථ භාවනාව යනු කුමක් ද?
කුසල් අරමුණක සිත එකඟ කරන භාවනාව
සමථ භාවනාව හැඳින්වෙන අනෙක් නම කුමක් ද?
චිත්ත භාවනාව
පංච නීවරණ නම් කරන්න
- කාමච්ඡන්ද : කම් සැප විඳීමට ඇති කැමැත්ත
- ව්‍යාපාද : තරහව
- ථිනමිද්ධ : සිත කය දෙකෙහි උදාසීන බව
- උද්ධච්ච කුක්කුච්ච : සිතෙහි නොසන්සුන්කම සහ පසුතැවිල්ල
- විචිකිච්ඡා : සැකය
කාමච්ඡන්ද නීවරණය ණයගැතියෙකු ණයහිමිට ඇතිවන බැඳීමකට සමාන කර දක්වා ඇති සූත්‍ර දේශනාව කුමක් ද?
සාමඤ්ඤඵල සූත්‍රය
සාමඤ්ඤඵල සූත්‍රයේ කාමච්ඡන්ද නීවරණය පෙන්වා දී ඇත්තේ කෙසේ ද?
’‘ණයගැතියකු ණයහිමිට යම් බැඳීමක් ඇති ද, එවිට වහලෙකු මෙන් යටත් වේ’’ ලෙස
ව්‍යාපාද යනු කුමක් ද?
යම් කිසි පුද්ගලයෙක්, වස්තුවක් හෝ ක්‍රියාවක් පිළිබඳ ව ඇති අප්‍රිය ස්වභාවය, විරුද්ධ ස්වභාවය
ව්‍යාපාදය දුරු කළ හැක්කේ කෙසේ ද?
- ව්‍යාපාද වශයෙන් සිතෙහි ඇති වන දූෂිත ස්වාභාවය මනා කොට මෙනෙහි කිරීම
- එවැනි තත්ත්වයක් ඇති වීමට හේතු හා
- ඉන් දුරු වීම පිළිබඳ සිතීම
ව්‍යාපාදය පහළ වීම දුරු කළ හැක්කේ කෙසේ ද?
- මෛත්‍රී භාවනාවේ යෙදීමෙන්
- කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන්