06. දිවි මගට එළිය දෙන දහම් පද Flashcards
බෞද්ධයාගේ මුදුන් මල්කඩ ලෙස සැලෙකෙන ග්‍රන්ථය කුමක් ද?
ධම්මපදය
ධම්මපදය හැඳින්වෙන අනෙක් නම් මොනවා ද?
- බෞද්ධයාගේ අත්පොත
- හස්තසාර ග්‍රන්ථය
ධම්මපදය ග්‍රන්ථය අයත් වන පිටකය කුමක් ද?
සූත්‍ර පිටකය
ධම්ම්පදය අයත්වන නිකාය කුමක් ද?
ඛුද්දක නිකාය
ධම්මපදයේ ඇති වර්ග ගණන කීය ද?
26 කි
ධම්ම්පදයේ ඇති ගාථා ගණන කීය ද?
423 කි
ධම්මපදයේ ඇතුළත් නිධාන කතා ගණන කීය ද?
299 කි
ධම්මපදයේ සඳහන් ගාථා දේශනා කර ඇත්තේ විවිධ සිදුවීම් මුල් කරගෙන බව සඳහන් වන මූලාශ්‍රය කුමක් ද?
ධම්මපදට්ඨ කථාව
ධම්ම්පදයේ එන කිසියම් ගාථාවකට හෝ ගාථා කිහිපයකට මුල් වූ සිදුවීම් හඳුන්වන නම කුමක් ද?
නිදාන කතා
’‘අක්කොච්ඡි මං අවධි මං’’ යන ගාථා හා එහි තේරුම ලියා දක්වන්න
අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යේ තං උපනයිහන්ති
වේරං තේසං න සම්මති
අසවලා මට බැන්නේ ය, මට පහර දුන්නේ ය, මා පැරදවූයේ ය, මා සතු දේ පැහැර ගත්තේ ය, යනුවෙන් යම් අය නැවත නැවත සිතමින් වෛර බඳිත් නම් ඔවුන්ගේ වෛරය නො සන්සිඳේ
අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යේ තං න උපනයිහන්ති
වේරං තේසුපසම්මති
අසවලා මට බැන්නේ ය, මට පහර දුන්නේ ය, මා පැරදවූයේ ය, මා සතු දේ පැහැර ගත්තේ ය, යනුවෙන් යම් අය නැවත නැවත සිතමින් ක්‍රෝධ නො බඳිත් නම් ඔවුන්ගේ වෛරය සන්සිඳේ
- (ධම්මපදය - යමක වග්ග)
නතං කම්මං කතං සාධූ යන ගාථාව හා එහි තේරුම ලියා දක්වන්න
නතං කම්මං කතං සාධූ
යං කත්වා අනුතප්පති
යස්සඅස්සුමුඛෝ රෝදං
විපාකං පටිසේවතී
යමක් කිරීමෙන් පසුතැවෙන්නට සිදු වේ ද, යමක විපාකය කඳුළු පිරි මුහුණින් යුතු ව අඬමින් විඳින්නට සිදු වේ ද එබඳු දේ නො කිරීම යහපත් ය
- (ධම්මපදය - බාල වග්ගය)
නතං කම්මං කතං සාධූ යන ගාථාව හා එහි තේරුම ලියන්න
නතං කම්මං කතං සාධූ
යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමනෝ
විපාකං පටිසේවති
යමක් කිරීමෙන් පසු තැවෙන්නට සිදු නො වේ ද, යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුතු ව විඳිය හැකි වේ ද එබඳු ක්‍රියාවල නිරත විය යුතු ය
- (ධම්මපදය - බාල වග්ග)
නතං කම්මං කතං සාධූ ගාථාව ඇතුළත් ධම්මපද වග්ගය කුමක් ද?
බාල වග්ගය
තංච කම්මං කතං සාධූ ගාථාව ඇතුළත් ධම්මපද වග්ගය කුමක් ද?
බාල වග්ගය
අක්කොච්ඡි මං අවධි මං ගාථා දෙපදය ඇතුළත් ධම්මපද වග්ගය කුමක් ද?
යමක වග්ගය
අත්තනාව කතං පාපං ගාථාව හා එහි තේරුම ලියන්න
අත්තනාව කත පාපං
අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං
අත්තනාව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං
නාඤ්ඤෝ අඤ්ඤං විසෝධයේ
යමෙකු පව් කළොත් එයින් ඔහු ම කෙලෙසෙන්නේ ය.
යමෙකු පව් නො කළොත් එයින් ඔහු ම පිරිසිදු වන්නේ ය.
පිරිසිදුකම හා අපිරිසිදුකම පවතින්නේ තමා කෙරෙහි ම ය.
එක් අයෙකුට තවත් අයෙකු පිරිසිදු කළ නො හැකිය
- (ධම්මපදය - අත්ත වග්ග)
අත්තනාව කතං පාපං ගාථාව අයත් වන ධම්මපද වග්ගය කුමක් ද?
අත්ත වග්ගය
සුකරානි අසාධූනී යන ගාථාව ඇතුළත් ධම්මපද වග්ගය කුමක් ද?
අත්ත වග්ගය
සුකරානි අසාධූනී යන ගාථාව හා එහි තේරුම ලියා දක්වන්න
සුකරානි අසාධූනී
අත්තනෝ අහිතානි ච
යං වේ හිතංච සාධුංච
තං වේ පරමදුක්කරං
තමාට අහිත වූ අයහපත් දේ කිරීම ඉතා පහසු ය. යම් දෙයක් තමාට වැඩදායක ද යහපත පිණිස හෝ පවතී ද එවැනි දේ කිරීම ඉතා අපහසු ය
- (ධම්මපදය - අත්ත වග්ගය)
අචරිත්වා බ්‍රහ්මචරියං යන ගාථා යුගලය ලියා එහි තේරුම ලියා දක්වන්න
අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණ කොඤ්චාවඣායන්ති
ඛීන මච්ඡේව පල්ලලෙ
ඇතැම් අය තරුණ වයසේ දී උසස් පිළිවෙත්වල ද නො හැසිර, ලබා ගත හැකි ධනය ද නො ලැබ මහලු වූ පසු මසුන් නැති දිය හිඳුණු විලක් දෙස බලා දුක් වන කොස්වා ලිහිණියන් මෙන් තැවෙති
අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
සෙන්ති චාපාතිඛීණාව
පුරාණානි අනුත්ථුනං
ඇතැම් අය තරුණ වයසේ ලබා ගත හැකි ධනය හෝ වෙනත් ප්‍රතිලාභයක් හෝ නො ලැබ බඹසර නො හැසිර මහලු වූ පසු පෙර කරන ලද යම් යම් දේ සිහි කරමින් දුන්නෙන් මිදී ගොස් වැටුණු ඊතල මෙන් ශෝකයෙන් සුසුම් ලමින් සිටිති
- (ධම්මපදය - ජරා වග්ග)
අචරිත්වා බ්‍රහ්මචරියං යන ගාථා යුගලය අයත් වන ධම්මපද වග්ගය කුමක් ද?
ජරා වග්ගය
බ්‍රහ්ම චර්‍යාව යනු කුමක් ද?
- උසස් හැසිරීම
- යහපත් චරිතයකින් යුක්ත වීම
අචරිත්වා බ්‍රහ්මචරියං යන ගාථා යුගලයෙන් ලබා දෙන අවවාදය කුමක් ද?
ජීවිතයේ අවසාන කාලය හොඳින් ගත කිරීමට නම් තරුණ වයසේ සිට ම උත්සාහ සම්පන්න ව අප්‍රමාදී ව නිවැරදි දිවි පෙවෙතක් ගත කළ යුතු බව
උට්ඨානවතෝ සතිමතෝ යන ගාථාව අයත් ධම්මපද වග්ගය කුමක් ද?
අප්පමාද වග්ගය
උට්ඨානවතෝ සතිමතෝ යන ගාථාව හා එහි තේරුම ලියා දක්වන්න
උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ
අප්පමත්තස්ස යසෝභිවඩ්ඪති
උත්සාහයෙන් ද, නිවැරදි සිහියෙන් ද යුතු, නිදොස් දේ විමසා බලා කරන, තැන්පත් දැහැමි දිවි පැවතුම් ඇති, නො පමා වූ පුද්ගලයාගේ කීර්තිය මනා ව වැඩේ
- (ධම්මපදය - අප්පමාද වග්ග)
යෝනිසෝ මනසිකාරය යනු කුමක් ද?
විමසා බලා කටයුතු කිරීම
උට්ඨානවතෝ සතිමතෝ යන ගාථවෙහි එන පුද්ගලයෙකුගේ දියුණුවට හේතුවන කරුණු හත මොනවා ද?
- උත්සාහය
- නිවැරදි සිහිය
- පිරිසිදු ව කටයුතු කිරීම, පින්කම් හා කුසල් කිරීම
- සිතා විමසා කටයුතු කිරීම
- තැන්පත් බව, සංවර බව
- දැහැමි දිවි පෙවෙත
- අප්‍රමාදී බ