03. බුදුකුරු දම් පුරා - දිවිමග ගනිමු සපුරා Flashcards
‘පාර’ යන්නෙහි අර්ථය කුමක් ද?
- පරතෙර
- ගංගා සමුද්‍ර ආදියෙහි පරතෙර
-නිවන සසරේ පරතෙර හෙයින් එයට ද ‘පාර’ යැයි කියයි
පාරමිතා යන්නට දී ඇති අර්ථ දැක්වීම් දෙක කුමක් ද?
- නිවනට පමුණුවන පිළිවෙත්
- බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් විසින් පුරනු ලබන උතුම් පිළිවෙත්
දස පාරමිතාවලට හඳුන්වනු ලබන අනෙක් නම කුමක් ද?
බුද්ධකාරක ධර්ම හෙවත් බුදුකුරු දහම්
පාරමිතා දහය නම් කරන්න
- දාන (දාන)
- ශීල (සීල)
- නෙක්ඛම්ම (නෙක්ඛම්ම)
- ප්‍රඥා (පඤ්ඤා)
- වීර්ය (විරිය)
- ක්ෂාන්ති (ඛන්ති)
- සත්‍ය (සච්ච)
- අධිෂ්ඨාන (අධිට්ඨාන)
- මෛත්‍රී (මෙත්තා)
- උපේක්ෂා (උපෙක්ඛා)
‘දානං සීලං ච නෙක්ඛම්මං’ යන ගාථාව ලියා දක්වන්න
දානං සීලං ච නෙක්ඛම්මං
පඤ්ඤා වීරියේන පංචමං
ඛන්ති සච්චමධිට්ඨානං
මෙත්තුපෙක්ඛාතිමේ දස
පාරමිතා ගුණ ධර්ම පුහුණු කරන්නෙක් ඒවා පිරීමේදී අත් හැරිය යුතු කරුණු මොනවා ද?
- තණ්හාව
- මානය
- මිත්‍යා දෘෂ්ටිය
පාරමිතා ගුණ ධර්ම පුහුණු කරන්නෙක් ඒවා පිරීමේ දී ජීවිතයට එක් කළ යුතු අංග මොනවා ද?
- කරුණාව
- උපාය කෞශල්‍ය ඥානය
පාරමිතාවක් බෙදෙන කොටස් තුන කුමක් ද?
- පාරමී
- උප පාරමී
- පරමත්ථ පාරමී
තුන්තරා බෝධිය නම් කරන්න
- බුදු (සම්මා සම්බුද්ධ)
- පසේ බුදු (පච්චේක බුද්ධ)
- මහ රහත් (අරහන්ත)
තිස් වැදෑරුම් පාරමිතා පූරණය කළ යුතු වන්නේ කුමන බෝධියකින් නිවන් දැකීම සඳහා ද?
බුද්ධත්වය ලබා ගැනීම සඳහා
පසේ බුදුවරයෙක් වීම සඳහා සම්පූර්ණ කළ යුතු පාරමිතා ගණන කීය ද? ඒ මොනවා ද?
- විස්සකි
- පාරමිතා දහය සහ උප පාරමිතා දහය
අරහත් ඵලය හෙවත් රහත් බවට පත් වීම සඳහා ප්‍රගුණ කළ යුත්තේ කුමන පාරමිතා ධර්ම ද?
මූලික පාරමිතා දහය
දානය යනු කුමක් ?
තමන්ට අයත් දෙයක් පූජාවක් වශයෙන් හෝ අනුග්‍රහයක් වශයෙන් හෝ තම අයිතිය අත් හැර අපේක්ෂාවකින් තොර ව දීම දානය යි
දානයේ ආකාර දෙක කුමක් ද?
- පූජා බුද්ධියෙන් දෙන දානය
- අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය
පූජා බුද්ධියෙන් දෙන දානය යනු කුමක් ද?
තමන්ට වඩා උසස් සීලා දී ගුණ ධර්මවලින් යුක්ත අයට පරිත්‍යාග කිරීම
අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය යනු කුමක් ද?
කෙනෙකුගේ අසරණකම ගැන සිතා ඔහුට උපකාරයක් වශයෙන් කරුණාවෙන්, අනුකම්පාවෙන් යමක් පරිත්‍යග කිරීම
දානය පාරමිතාවක් වීමට නම් එය සිදු කළ යුතු ආකාරය දක්වන්න
තණ්හාවෙන්, මානයෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොර ව කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් එය සිදු කළ යුතු ය
බුදුරජාණන් වහන්සේ දාන පාරමිතාව සම්පූර්ණ කළ ආකාරය පිළිබඳ ව කියවෙන ජාතක කතාව කුමක් ද?
වෙස්සන්තර ජාතකය
බුදුරජාණන් වහන්සේ දාන උපපාරමී පිරීම පිළිබඳ සඳහන් වන ජාතක කතාව කුමක් ද?
සිවි ජාතකය
බුදුරජාණන් වහන්සේ දාන පරමත්ථ පාරමී පිරීම පිළිබඳ සඳහන් වන ජාතක කතාව කුමක් ද?
සස ජාතකය
සීලය යනු කුමක් ද?
- කය වචනය දෙකෙහි සංවරය
- කායික හා වාචසික වශයෙන් අයහපත් ක්‍රියාවලින් වැළකී යහපත් ක්‍රියාවල යෙදීම
කායික සීල සංවරයට අයත් වන්නේ කුමන අකුසලයන්ගෙන් වැළකීම ද?
- ප්‍රාණඝාතය
- අදත්තාදානය
- කාම මිථ්‍යාචාරය
වාචසික සීල සංවරයට අයත් වන්නේ කුමන අකුසලයන්ගෙන් වැළකීම ද?
- මුසාවාද
- පිසුණාවාච
- පරුසාවාච
- සම්පප්පලාප
සීල පාරමිතාව පිරිය යුත්තේ කෙසේ ද?
තණ්හාවෙන්, මානයෙන් හා මිථ්‍යාදෘෂ්ටියෙන් තොර ව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතු ව සීලය ආරක්ෂා කිරීම මගින්
බෝසතාණන් වහන්සේ සීල පාරමිතාව පිරූ ආකාරය සඳහන් වන ජාතක කතාව කුමක් ද?
සීල වීමංසා ජාතකය
නෙක්ඛම්ම පාරමිතාව යනු කුමක්ද?
පංච ඉන්ද්‍රියයන් පිනවීමට ඇති ආශාවෙන් ඉවත් වීම
නෙක්ඛම්ම සංකල්පනාව හෙවත් පස්කම් සැපතින් ඉවත් වීමේ කල්පනාව ඇති වන ආකාරය පැහැදිලි කරන්න
- බෝසත්වරු පළමු කොට අන්‍යයන්ට හානියක් නොවන ලෙස පසිඳුරන් පිනවයි
- දෙවනු ව ඉන්ද්‍රියයන් පිනවීමේ ආදීනව සහ තාවකාලික ව විඳින සැප වෙනුවෙන් වෙහෙසෙන ආකාරය සිහිපත් කරයි
- අවසානයේ පසිඳුරන් පිනවීම කෙරෙහි ඇති ආශාව ශුන්‍ය වේ
නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ කළ යුත්තේ කෙසේ ද?
තණ්හාවෙන්, මානයෙන් සහ මිථ්‍යාදෘෂ්ටියෙන් මිදී කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් යුක්ත ව පංචකාම සම්පත්‍තියෙන් ඉවත් වීම මගින්
බෝසතාණන් වහන්සේ නෙක්ඛම්ම පාරමිතාව පිරූ ආකාරය සඳහන් වන ජාතක කතාව කුමක්ද?
මඛාදේව ජාතකය
ප්‍රඥාව යනු කුමක් ද?
ජීවිතය හා ලෝකය පිළිබඳ ඇති තතු හෙවත් යථා තත්ත්වය වටහා ගැනීම
දෙවැදෑරුම් ප්‍රඥාව නම් කරන්න
- ලෞකික ප්‍රඥාව
- ලෝකෝත්තර ප්‍රඥාව
ප්‍රඥාව දියුණු කර ගත හැකි ක්‍රම තුන කුමක් ද?
- සිතීමෙන් (චින්තාමය)
- සවන් දීමෙන්, පොත පත කියවීමෙන් (සුතමය)
- භාවනාවෙන් (භාවනාමය)
නෙක්ඛම්ම පාරමිතාව නම් කරන්න
තම බාහිර වස්තු, අඹු දරුවන් අත් හැරීම නෙක්ඛම්ම පාරමිතාවයි
ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කළ හැකි ආකාර තුන ලියා දක්වන්න
- සියලු භෞතික වස්තු කෙරෙහි බැඳීම් නැතිව ප්‍රඥාව දියුණු කිරීම (ප්‍රඥා පාරමී)
- ශරීරාවයව ගැන නොසලකා ප්‍රඥාව දියුණු කිරීම (ප්‍රඥා උප පාරමී)
- ජීවිතය ගැන නොසලකා ප්‍රඥාව දියුණු කිරීම (ප්‍රඥා පරමත්ථ පාරමී)
බෝසතාණන් වහන්සේ ප්‍රඥා පාරමිතාව පිරීන පිළිබඳ සඳහන් වන ජාතක කතාව කුමක් ද?
උම්මග්ග ජාතකය
වීර්ය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද?
උතුම් බලාපොරොත්තුවක් ඉටුවන තුරු නොපසුබට උත්සාහයෙන් කටයුතු කිරීම
යම් කාර්‍යයක් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය තෙයාකාර වීර්‍යය නම් කරන්න
- ආරම්භ කිරීමේ දී ඇති කරගත යුතු වීර්‍යය (ආරම්භ ධාතු)
- ඉදිරිපත් වීමේ දී ඇති කර ගත යුතු වීර්‍යය (නික්කම ධාතු)
- නිරත වීමේ දී ඇති කර ගත යුතු වීර්‍යය (පරක්කම ධාතු)
වීර්‍යය පාරමිතාව සම්පූර්ණ කළ හැකි ආකාර තුන ලියා දක්වන්න
- බාහිර වස්තූන්ට ආශාවෙන් අත් නොහරින වීර්‍යය (වීර්‍ය පාරමිතා)
- ශරීරාවයවයන්ට ආශාවෙන් අත් නොහරින වීර්‍යය (වීර්‍ය උප පාරමිතා)
- ජීවීතයට ආශාවෙන් අත් නොහරින වීර්‍යය (වීර්‍ය පරමත්ථ පාරමිතා)
බෝසතාණන් වහන්සේ වීර්‍යය පාරමිතාව පිරූ ආකාරය දැක්වෙන ජාතක කතාව කුමක් ද?
වණ්ණුපථ ජාතකය
ඛන්ති හෙවත් ක්ෂාන්තිය යනු කුමක් ද?
ඉවසීම
බෝසතාණන් වහන්සේ ඛන්ති පාරමිතාව පිරූ ආකාරය සඳහන් වන ජාතකය කුමක් ද?
ක්ෂාන්තිවාදී ජාතකය
ඛන්ති පාරමිතාව නම් කරන්න
සියලු බාහිර වස්තුවලට සිදුවන හානි නොසලකා ඉවසීම
සත්‍ය යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද?
කිසිවකු නොරවටා, මුළා නොකර සත්‍යගරුක ව ක්‍රියා කිරීම
සත්‍යයේ පිහිටා ක්‍රියා කළ යුතු ආකාර තුන කුමක් ද?
- වාග් දුශ්චරිතයෙන් වැළකීම
- පොරොන්දු කඩ නොකිරීම
- ඇත්ත කීම
සත්‍ය පාරමිතාව සම්පූර්ණ කළ යුත්තේ කෙසේ ද?
තණ්හාවෙන්, මානයෙන් හා මිථ්‍යාදෘෂ්ටියෙන් මිදී කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුක්ත ව සත්‍යවාදී භාවය ප්‍රගුණ කිරීම
බෝසතාණන් වහන්සේ සත්‍ය පාරමිතාව පිරූ ආකාරය පිළිබඳ සඳහ වන ජාතක කතාව කුමක් ද?
වට්ටක ජාතකය
අධිෂ්ඨානය යනු කුමක් ද?
යහපත් අභිමතාර්ථයක් මුදුන් පමුණුවා ගැනීමට උපදවා ගත් සිත වෙනස් නොකොට ඒ අයුරින් ම පවත්වා ගැනීම
බෝසතාණන් වහන්සේ අධිෂ්ඨාන පාරමිතාව පූරණය කළ ආකාරය දැක්වෙන ජාතකය කුමක් ද?
තේමිය ජාතකය
අධිෂ්ඨාන පරමත්ථ පාරමිතාව ලියා දක්වන්න
ජීවිතය විනාශ වුව ද අත් නො හරින අධිෂ්ඨානය
මෛත්‍රිය යනු කුමක් ද?
- ඇසුරු කරන්නන් පිළිබඳ ව මෛත්‍රියෙන් යුක්ත වීම
- කිසිවකු කෙරෙව් වෛරයක්, ද්වේෂයක් ඇති නො කොට “සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා” යි සිත පුරුදු කිරීම
මෛත්‍රි පාරමිතාව සම්පූර්ණ කිරීම සඳහා වැඩිය යුතු තුන් ආකාර මෛත්‍රිය මොනවා ද?
- මෛත්‍රී සහගත කාය කර්ම
- මෛත්‍රී සහගත වචී කර්ම
- මෛත්‍රී සහගත මනෝ කර්ම
බෝසතාණන් වහන්සේ මෙත් වැඩූ ආකාරය සඳහන් වන ජාතක කතා මොනවා ද?
- මහා කපි ජාතකය
- මඝ මානවක ජාතකය
මෙත් වැඩීමේ ආනිසංස එකොළහ ලියා දක්වන්න
- සුව සේ නිදයි
- සුව සේ පුබුදියි
- පාපී සිහින නොදකියි
- මිනිසුන්ට ප්‍රිය වේ
- නොමිනිසුන්ට ප්‍රිය වේ
- දේව රැකවරණය ලබයි
- ගින්නෙන්, වස විස ආදියෙන් අනතුරු නො වේ
- සිත සමාධිගත වේ
- පෙනුම පැහැපත් වේ
- නුමුළාව මිය යයි
- මරණින් මතු බඹ ලොව උපදියි
උපේක්ෂාව යනු කුමක් ද?
- මැදහත් බව
- විශේෂ ඇල්මක් හෝ පිළිකුලක් ඇති කර නො ගෙන සම සිත පැවැත්වීම
බෝසතාණන් වහන්සේ උපේක්ෂා පාරමිතාව පිරූ ආකාරය සඳහන් වන ජාතක කතාව කුමක් ද?
ලෝමහංස ජාතකය