09. උග්ගසේන නම් සිටුපුත්හුගේ වස්තුව Flashcards
සද්ධර්මරත්නාවලිය රචනා කරන්නේ කවු ද?
ධර්මසේන හිමි
පූජාවලිය රචනා කරන්නේ කවු ද?
මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමි
කව්සිළුමිණ රචනා කරන්නේ කවු ද?
දෙවන පරාක්‍රමබාහු රජු
සිදත් සඟරාව රචනා කරන්නේ කවු ද?
වේදේහ හිමි
එළු සඳැස් ලකුණ රචනා කරන්නේ කවු ද?
භද්‍ර හිමි
සද්ධම්මට්ඨිති මිච්ඡන්තො යන පාඨය සම්පූර්ණ කරන්න
සද්ධම්මට්ඨිති මිච්ඡන්තො
ධම්මසේන යතිස්සරෝ
ආකාසි පවරං ඒතං
සද්ධම්ම රත්නාවලිං
සද්ධර්මයෙහි චිරස්ථිතිය කැමැත්තා වූ ධර්මසේන නම් වූ යතිවර කෙනෙක් මේ උත්තම වූ සද්ධර්මරත්නාවලිය කළේ ය
සද්ධර්මරත්නාවලිය යන්නෙහි අදහස කුමක් ද?
සද්ධර්ම රත්න ආවලිය
ශ්‍රී සද්ධර්මය නමැති මිණි කැට අමුණන ලද මාලය
සද්ධර්මරත්නාවලිය ලිවීම සඳහා ධර්මසේන හිමි මූලාශ්‍ර කරගත් ග්‍රන්ථය කුමක් ද?
ධම්මපදට්ඨකථාව
සද්ධර්මරත්නාවලියේ එන කතා ගණන කීය ද
310
සද්ධර්මරත්නාවලිය රචනා වූ යුගය කුමක් ද?
දඹදෙණි යුගය
සද්ධර්මරත්නාවලිය රචනා වූයේ කුමන රජ සමයේ ද?
දෙවන පැරකුම්බා රජ සමයේ
සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේ අරමුණ ග්‍රන්ථාරම්භයේ කතු හිමියන් දක්වා ඇත්තේ කෙසේ ද?
…යම් කෙනෙක් නුවණ මඳ වත් කුසලච්ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින් කමැ හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්මරත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරම්හ.
ධම්මපදට්ඨකථාව යනු කුමක් ද?
ධම්මපද නම් ගාථා සංග්‍රහයට ලියන ලද පාලි අටුවා ග්‍රන්ථය
සද්ධර්මරත්නාවලිය රචනා කිරීම සඳහා ධර්මසේන හිමියන් හිමියන් විසින් ධම්මපදට්ඨකථාව පරිහරණය කළ ආකාරය දක්වා ඇති පාඨය ලියන්න
පාලි ක්‍රමය හැර අර්ථය පමණක් ගෙන අප කළා වූ ප්‍රබන්ධයෙහි ක්‍රම විලංඝණාධි වූ අඩු වැඩි ඇතත් එය නොසලකා..
බණ කතා රීතිය යනු කුමක් ද?
පාලි කතා වස්තූන් මුල් කොට ගෙන සිංහලෙන් කතා කීමේ ශෛලිය