02. ගුත්තිල වෙණ නද Flashcards
ගුත්තිල වෙණ නද පාඩම උපුටා ගත් ග්‍රන්ථය කුමක් ද?
ගුත්තිල කාව්‍යය
ගුත්තිල කාව්‍යය රචනා කළේ කවු ද?
වෑත්තෑවේ හිමි
වෑත්තෑවේ හිමි උපන් ප්‍රදේශය කුමක් ද?
වයඹ පළාතේ, සත් කෝරළයේ, පහළ දොළොස් පත්‍තුවේ, වෑත්තෑව නම් ගම
ගුත්තිල කාව්‍ය රචනා වූයේ කුමන සාහිත්‍ය යුගයේ ද?
කෝට්ටේ යුගයේ
ගුත්තිල කාව්‍යයේ එන කවි ගණන කීය ද?
511 යි
ගුත්තිල කාව්‍යයේ බස් වහර කෙබඳු ද?
ජන කවියේ භාෂාවට ආසන්න සරල බස් වහරකි
ගුත්‍තිල කාව්‍ය අදාළ වන කාව්‍ය විශේෂය කුමක් ද?
ජාතක කතා කාව්‍ය
ගුත්තිල කාව්‍ය රචනා වූයේ කවර රජ සමයක ද?
සිරි පැරකුම්බා රජ සමයේ
ගුත්තිල කාව්‍ය රචනා කිරීම සඳහා ආරාධනා කළේ කවු ද?
සලාවත ජයපාල මැතිඳුන්
වෑත්තෑවේ හිමියන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ කවු ද?
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්
ගුත්තිල කාව්‍ය රචනා කිරීමට හේතු වූයේ කුමක් ද?
කතුහිමි තමා අකෘතඥයෙකු නොවන බව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට (ගුරු හිමිට) ඇඟවීම සඳහා
ගුත්තිල කවියේ ආරම්භක පද්‍ය ලියා දක්වන්න
සිය පින් සිරින් සරු
දෙතිස් ලකුණෙන් විසිතුරු
කෙලෙසුන් කෙරෙන් දුරු
වඳිම් මුනි උතුමන් තිලෝගුරු
සිය පින් සිරින් සරු ලෙස ගුත්තිල කාව්‍යය ආරම්භ කර ඇත්තේ කුමන ගණයෙන් ද?
ලඝු අකුරු දෙකක් හා ගුරු අකුරකින් යුතු වායු ගණයෙන්
පාඩමට නිර්දිෂ්ට ගුත්තිල කාව්‍යයේ කවි ලියා දක්වන්න
- ගුත්තිල ඇදුරු සඳ
වීණා වයන ලෙස ඉඳ
පසෙක පනවන ලද
සුදුසු අස්නෙක ගොසින් උන් සඳ - නො දැන ම තමා බල
සබයට අවුත් නො පැකිළ
වැඳ රද පද කමල
දෙසෙක මූසිලයා ද උන් කල - සිදු වේ මැයි වෙසෙස
මහ බෝසතුන් අදහස
ඉන් සුරපුරෙන් බැස
අවුත් බෝසත්හු දිනවන ලෙස - කැර මිණි බරණ රැස්
රසින් සුර සැවු සුවහස්
සුරන් සහ සහසැස්
නො කැර සිටියේ අහස් කුස හිස් - දෙදෙන ම ඉඳ දෙපිට
සව් සත සතන් තුටු කොට
සුර ගඳඹුන් ලෙසට
පටන් ගෙන වෙණ ගායනාවට - නවතා ගිගිරියේ
අසන ලෙස සිත් පිරියේ
කැර කන් බිහිරියේ
කරත වෙණ ගායනා සරියේ - අප බෝසතුන් මිස
අනෙකකු නො ම අසන ලෙස
සුර රජ සිට අහස
තතක් සිඳුවයි කී ය එ විගස - ගුත්තිල මහ සිපී
සක්දෙව් බසින් සැතැපී
මින් දිනමැයි දැපී
බමර තත පළමුවෙන් සිඳපී - තත මතු ද සින්දේ
පිළිමල් දප ද සින්දේ
යස දිගත ඇන්දේ
විජය සිරි සඳ ගෙන වැළැන්දේ - සුන් එ තතින් එ සඳ
පසු කැර සුරන් වෙණ නද
දියුණු දියුණු ව නද
නික්ම පැතිරෙත දසත විනිවිද - කෙළෙහි ගුණ සින්දේ
මූසිල අන්ද මන්දේ
ජයෙහි ලොබ බැන්දේ
තමා වීණා තත ද සින්දේ - අනුවණකම් කෙළේ
ගුරුන් ගුණ සිහි නොකෙළේ
නද ඉන් නො පතළේ
අයස ම ය මුළු දියත පතළේ - දෙ වැනි තුන් වැනි තත
සතර වැනි පස් වැනි තත
ස වැනි සත් වැනි තත
මෙසේ සිඳි සඳ මෙ අප බෝසත - දිය දිය ගොස පළ කෙරෙමින් සපැමිණි
ගිය ගිය තැන ඉස්වා රන් මුතු මිණි
ගිය ගිය දිය නද එන මෙන් ගෙන මිණි
සිය සිය ගුණයෙන් වෙණ නද නික්මිණි - පිය සන් නො ව බිඟු දැල් රැඳි කොපුලී
අවසන් නො ව වෙම නදට ම කුහුලී
මද සන්සුන් පියොවින් සිටි නො සැලී
ගජ සෙන් සිතියම් ගජ සිරි කියෙලී - කන්කලු වෙණ නද ඇසුමෙහි ලොබිනේ
රන් රසු දැල් කොලහල වන බියෙනේ
සන්සල නොව එහි පිළි රූ ලෙසිනේ
නන් හය සෙන් සිටියෝ සිටි මතිනේ - නිති නිරිඳුගේ රැකවලෙහි නියුත්තෝ
රුති ලෙස රුපුනොද බිඳ ජයගත්තෝ
පැතිරෙන වෙණ නද බැඳුණු සිතැත්තෝ
අතිනවි ගිලිහෙම බව නො ම දත්තෝ - මන මත් කරවන දන මුළු දෙරණා
රසවත් වන වෙණ නද නද කරනා
සවනොත් සඳ පුරඟන ලොබ දිවුණා
නො දනිත් දරුවන් ඇකයෙන් වැටුණා - පන්සිළු වීණා නද පසු බැස් වූ
මන් පිනවන වෙණ නදයෙන් තොස් වූ
නන් දන කැන් දුටුව ද බිය සිස් වූ
මින් රළ වුත් ගං වෙරළට රැස් වූ - වර වෙණ නද අසමින් සිත සතොසිනි
සර හැර සියොතුන් පියපත් විදමිනි
පුර’ඹර වසමින් දුන් රඟ කුම් වැනි
සුර සෙනගට සුරසුන් පැන වූ වැනි - යොදා සවන් වෙණ නද රස සුලබව
නදා එකඟ සිත් වන නො ම සකොබව
සදා කුලය නො හැර ම එන අසුබව
එදා ගියේ රිලවුන් සන්සල බව - එමා සත්හු වෙණ නද අසමානය
සමා නොවෙති කොවුලෝ උපමානය
තමා නාද මිහිරැයි යන මානය
දමා එයින් වින්දෝ අවමානය - අසන රිසින් නයි කැළ ඔස්ලෝයා
ඔවුන වෙත ම සිටිනා ගුරුළෝයා
වයන එවෙන නද ලොබ ම කළෝයා
එදින වයිර සිත සිහි නො කළෝයා - බැඳි දන මන වැයුමෙහි ඇදුරෝයා
විඳි සත්සර වෙණ සර මධුරෝයා
රැඳි සතොසින් සැනහුණු ඉඳුරෝයා
වැඳි දන සිරි ගත්තුය කිඳුරෝයා - සතොස් කරන වීණා නද ඇසුමට
නොගොස් සිටින පිල්බර ගණ ගොදුරට
වෙසෙස් රුවින් තම මැව්වත් බඹ හට
සඳැස් සවන් නො කළැයි වූ නො සතුට - පැතිරෙන වෙණ නද දිගත පුරායා
අසමින් තුරු හිස රඳන ගිරායා
උමුවෙන් ගත් මී අඹ මියුරායා
දැමුවෙන් වෙණ නද ම ය මියුරායා - රුති වනපෙතිනැවිදින් සුමුවෝයා
නිති මියුරැති වෙණ නදළමුයෝයා
සිතිවිලි නැති රූ විලස මුවෝයා
තැති නො ගනිති මිනිසුන් සමුවෝයා - නො ගොසින් සිට සිටි වන නිබඳේයා
වෙසෙසින් සුර නර සෙන් නො මඳේයා
සතොසින් විඳ විඳ ලොබ නො සිඳේයා
මෙලෙසින් වෙණ නද අසන සඳේයා - පටන් සුරිඳු දුන් උපදෙස් සිහි කොට
ඉටන් බෙලෙන් දැමුවෙන් ගුලි අහසට
තුටන් වඩන සුර අඟනෝ බැස සිට
පටන් ගත්තු නව සියයක් නැටුමට - ළඟ ළඟ වා උනුනට කර වාදය
නො වරදවා වීණා පද වාදය
රඟ අඟවා සුර නරඟන භේදය
සෙද කරවා රජ සබය පබෝදය - යටැසින් ලන බැල්මෙන් සුර විලසී
වෙසෙසින් දන මන මත් කැර එකසී
අහසින් බැස රඟ ගත් රඟ කෙලෙසී
දිසි මෙන් විය විදුලිය සිය දහසී - දිමුතු යසස් වන් කුසුම සරාගේ නුමුතු සුවඳ මල් පැළඳ සරාගේ
දකුතු රඟන රඟන සුරඟන අඟ ලාගේ
උමතු නො වෙද කෙලෙසක සිත කාගේ - රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා
රන් රසේ එක් වන ලෙසේ වෙණ නාදනූ පා තබ තබා
කම් පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා
මම් කෙසේ පවසම් එසේ වර සුර ළඳුන් දුන් රඟ සුබා - පුන් මදාරා මල් දමින් මුදු දිගු සුනිල් වරලස ගොතා
මන් මදා කිතුලුය ලෙසින් උර තුර සරා දිලි මුතු ලතා
මන් නදා වන මිණි මෙවුල් නද වෙණ නදින් එක් කොට ඉතා
උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපත් කවරෙක් පතා