05. මුනි සිරිපා සිඹිමින්නේ Flashcards

1
Q

මහින්ද හිමි උපත ලැබුවේ කොහේ ද?

A

ටිබෙට් රට සිකීම් ප්‍රදේශයේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

මහින්ද හිමි උපත ලද වර්ෂය කුමක් ද?

A

1901

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

කුඩා කල මහින්ද හිමියන්ගේ නම කුමක් ද?

A
  • පෙම්පා තෙන්දුප් සර්කි චෙරීන්
  • ඇස්. කේ. තෂිනම්ග්‍යල් (මෙය අන්වර්ථ නාමයක් ලෙස භාවිත වී ඇත)
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

මහින්ද හිමියන් අයත් පෙළපත කුමක් ද?

A

තෂි නම්ග්‍යල් පෙළපත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

මහින්ද හිමි ලංකාවට පැමිණෙන්නේ වයස අවුරුදු කීයේ දී ද?

A

අවුරුදු 12 දී

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

මහින්ද හිමි පැවිදි වීමට පෙර ලංකාවට පැමිණෙන්නේ කවුරුන් සමඟ ද?

A
  • පැවිදි සොයුරු එස්. පුණ්ණජි හිමියන් හා
  • ජර්මන් ජාතික ඤාණතිලෝක හිමි සමඟ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

මහින්ද හිමියන්ගේ පැවිදි සොයුරාගේ නම කුමක් ද?

A

එස්. පුණ්ණජි හිමි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

මහින්ද හිමිගේ පියා කවු ද?

A

භූටියාභාස්ති විහාරයේ ප්‍රධානාචාර්‍යය නිම්පෙන්ජෝ සෙර්කි චෙරීන්

  • මොහු සිකිම් රජ පවුල ළඟින් ඇසුරු කළ අයෙකි
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

තෂි නම්ග්‍යල්, එස්. මහින්ද හිමි ලෙස පැවිදි බව ලබන්නේ කාගෙන් ද?

A

රත්ගම සිරි චූලසුමන හිමිගෙන් අමරපුර නිකායේ භික්ෂුවක් ලෙස

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

එස්. මහින්ද හිමියන් කොළඹ කොම්පඤ්ඤ වීදියේ සෞගත ආවාසය වෙත පැමිණෙන වසර කුමක් ද?

A

1930

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

මහින්ද හිමියන් උපසම්පදා වී ඇති වර්ෂය කුමක් ද?

A

1931

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

සෞගත ආවාසයට පැමිණීමෙන් පසු මහින්ද හිමියන් සියම් නිකායික භික්ෂුවක් ලෙස යළි පැවිදි පැවිදි වූයේ කුමන හිමි නමක් යටතේ ද?

A

ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද හිමියන් යටතේ (පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් අධිපති)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

මහින්ද හිමියන් වැඩ සිටි ආරාම මොනවා ද?

A
  • පොල්ගස්දූව ආරාමය
  • දොඩන්දූවේ ශෛලබිම්බාරාමය
  • කොම්පඤ්ඤ්වීදිය සෞගත ආවාසය
  • පානදුර මහබෙල්ලන ශ්‍රී සුදර්ශනාරාමය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

එස්. මහින්ද හිමි අපවත් වූයේ කවදා ද?

A

1956 මාර්තු 16

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

එස්. මහින්ද හිමියන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කටයුතු කළ කාලය කුමක් ද?

A

1934 - 36

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

එස්. මහින්ද හිමියන් පොල්ගස්දූව ආරාමයේ නැවතී සිටිය දී අධ්‍යාපනය ලැබූ ස්ථාන මොනවා ද?

A
  • කොළඹ විද්‍යෝදය පිරිවෙන
  • මරදාන මහාබෝධි විද්‍යාලය (ඉංග්‍රීසි ඉගෙනීමට)
17
Q

මහින්ද හිමියන්ගේ කවි වර්ග කළ හැකි ප්‍රධාන කාණ්ඩ මොනවා ද?

A
  1. ළමයින් උදෙසා ලියූ කවි
  2. දේශානුරාග හා ජාතිකාභිමාන කවි
  3. බුද්ධාභිවන්දනා කවි
18
Q

මහින්ද හිමියන්ගේ ජනප්‍රිය ජාතිකාභිමාන කාව්‍ය සංග්‍රහ මොනවා ද?

A
  • නිදහසේ දැහැන
  • නිදහසේ මන්ත්‍රය
  • ලංකාමාතා
19
Q

බලවු පොලොන්නරු අනුරාපුර පෙදෙස කවිය සම්පූර්ණ කරන්න

A

බලවු පොලොන්නරු අනුරාපුර පෙදෙස
සිතවු පැවති නිදහස මෙහි පෙර දවස
නගවු තව තවත් තිරසර තරුණ ගොස
වරෙවු යමවු නැගිටිවු නොනිදවු මෙලෙස

20
Q

එස්. මහින්ද හිමියන්ගේ මුල් ම කාව්‍ය ග්‍රන්ථය කුමක් ද?

A

ඔවා මුතු

21
Q

එස්. මහින්ද හිමියන් විසින් රචිත ළමා නිර්මාණ මූලික වශයෙන් අන්තර්ගත වන්නේ කුමන ග්‍රන්ථ තුනේ ද?

A
  • කව්මිණ
  • කව්මුතු
  • ළමා කව් කළඹ
22
Q

නන්දන ගීත නම් ග්‍රන්ථය රචනා කරන්නේ කවු ද?

A

එස්. මහින්ද හිමි

23
Q

මුනි සිරිපා සිඹිමින්නේ පද්‍ය පන්තිය අයත් වන්නේ කුමන කාව්‍ය සංග්‍රහයට ද?

A

දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල පදය පන්තිය

24
Q

ජාතික තොටිල්ල පද්‍ය පන්තියේ විශේෂ ලක්ෂණ මොනවා ද?

A
  • ළමයින් අරමුණු කරගෙන මුළු ජාතිය ම ඇමතීම
  • ඉතිහාස තොරතුරු රැසක් සම්පිණ්ඩනය කිරීම
  • ජාතික සිරිත් විරිත්, ආකල්ප හා චින්තනය කැටි කර ගත් උපදේශාත්මක කාව්‍යක් වීම
25
Q

මහින්ද හිමියන් සමග යටිගල සුමනාරාමයට යමින් සිටියේ කවු ද?

A
  • භදන්ත මංජු හිමි
  • පියදාස පලන්සූරිය
  • ඇම්. ඊ. ප්‍රනාන්දු
26
Q

මුනි සිරිපා සිඹිමින්නේ පද්‍ය පන්තිය රචනා කිරීම ආරම්භ කළ වෙල් යාය කුමක් ද?

A

පල්ලේගම කෝලාන ගමේ වෙල් යාය

27
Q

මුනි සිරිපා සිඹිමින්නේ පද්‍ය පන්තියේ නිර්දිෂ්ට පද්‍ය කොටස් ලියා දක්වන්න

A

මුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නිදියන්නේ

නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත පුත, නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතු වේ

ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුන්දර සුරඹුන්ගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

කරදර දහසක් හමුවේ
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නො කළොත් උඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් ඇතේ

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
උඹයි මගේ පුතා උතුම්

කාටත් හිමි පොදු දේ නම්
නැති-බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩ ගෙන දස්කම්
පෑම තමයි සුරු විරුකම්

මිතුරුකමින් පෙරට එතොත්
දූවිල්ලක් එක්ක වුණත්
මිතුරු වෙයන් පුතේ උඹත්
එයයි ලොවේ ගුණය මහත්

සිනිඳු මොළොක් බව මලෙහී
පිරිසිදු බව පිනි බිඳෙහී
එක් වී මා පුතුගේ ළෙහී
අරක් ගනී හැම දිනෙහී