23 Flashcards
1:10 පරිමාණයට ඇඳ ඇති ඉංජිනේරු චිත්‍රයක දැක්වෙන සිලින්ඩරයක මුහුණතක විෂ්කම්භය හා උස පිළිවෙලින් 10 mm හා 20 mm වේ. එම සිලින්ඩරයේ සැබෑ විෂ්කම්භය සහ උස පිළිවෙළින් වනුයේ
100 mm සහ 200 mm
ශ්‍රම ක්ෂමතා උවදුරු පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - එම උවදුරු කෙරෙහි කම්කරුවන්ගේ ඉරියව් බලපායි.
B - එම උවදුරු කෙරෙහි කම්කරුවන් සිය කාර්යය දිගු කලක් තිස්සේ නැවත නැවත සිදු කිරීම බලපායි.
C - එම උවදුරු කෙරෙහි කම්කරුවන්ගේ මානසික මට්ටම බලපායි.
ඉහත ප්‍රකාශ අතුරෙන්, වඩාත් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ.
A, B සහ C යන සියල්ලම ය
පහත සඳහන් ඒවා අතුරෙන් අන්තර්ජාතික ව පිළිගත් සම්මතයක් නොවන්නේ කුමක්ද?
(1) EN
(2) BS
(3) JIS
(4) ZN
(5) ISO
(4) ZN
4
1
පඩි පෙළක් භාවිතා කිරීමේ දී ඇති විය හැකි උවදුරු වළක්වා ගැනීමට යොදාගත නොහැක්කේ කුමක්ද?
(1) පඩි පෙළෙහි අනාරක්ෂිත පැතිවල ආරක්ෂිත වැට ඉදිකිරීම.
(2) පඩිවල සරපාවේ ඉදිරි කොටසෙහි කැපී පෙනෙන වර්ණයක් ආලේප කිරීම.
(3) පඬිවල සරපාවේ පෘෂ්ඨය රළු කිරීම.
(4) පඬිවල සරපාවේ ඉදිරි දාරය චක්‍ර කිරීම.
(5) පඬිවල නැග්ම රළු කිරීම.
(5) පඬිවල නැග්ම රළු කිරීම.
3
A සහ D පමණි
4
කොන්ක්‍රීට් සඳහා යොදාගන්නා සමාහාරකවල හැඩය කෝණිකාකාර (angular) වීම වැදගත් වනුයේ,
සමාහාරක එකිනෙක තදින් බන්ධනය වීම සඳහා ය
කපා ඉවත් කරන ලද පස් විශාල ප්‍රමාණයක් වැඩබිමේ සිට 1 km ක දුරකින් පිහිටි ඉඩමකට ප්‍රවාහනය කිරීමට වඩාත්ම සුදුසු යන්ත්‍රය වනුයේ
ඩම්පරයයි
පෙර ප්‍රත්‍යගත කොන්ක්‍රීට් (prestressed concrete) යනු,
කොන්ක්‍රීටයේ සේවා කාලයේ දී එය මත බලපාන ආතන්‍ය ප්‍රත්‍යා බලයට වඩා වැඩි අගයකින් සම්පීඩනයට ලක් කර ඇති කොන්ක්‍රීට් ය
කොන්ක්‍රීට් බාල්කයක ව්‍යාකෘතික වැරගැන්වුම් (උඩහළු) යොදනුයේ කුමක් වැළැක්වීමට ද?
බාල්කය මගින් ඇති කරන ව්‍යාකෘතික ප්‍රත්‍යාබලය නිසා එය බිඳ වැටීම
ජල වාක්‍රය හා සම්බන්ධ අතුරු කඩනය (interception) ක්‍රියාවලිය යනු
වැසි ජලය පස මතුපිටට ළඟා නොවි ශාක පත්‍ර, අතු සහ තෘණ මතට පතිත වීම ය.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන තුනක් පහත දක්වා ඇත.
A - මධ්‍යම පරිසර අධිකාරිය
B - භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය
C- වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනා කරණ දෙපාර්තමේන්තුව
ජල දූෂණය ඇති කරනු ලබන මානව ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා නියෝග ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ආයතනය/ආයතන වන්නේ,
A සහ C පමණි.
අපවහන පද්ධති නිර්මාණයේ දී අත්දකින අවස්ථා තුනක් පහත දක්වා ඇත.
A - ඉහළ භූගත ජල මට්ටම
B - දිගින් වැඩි අපවහන නළ මාර්ග
C - පොළොවේ ශීඝ්‍ර බෑවුමක්
ඉහත අවස්ථා අතුරෙන් මනුබිල් (manhole) භාවිතය නිර්දේශ කෙරෙන අවස්ථාව අවස්ථා වනුයේ
B සහ C පමණි.
ගඩොල්වල සියල්ල අඩංගු ද්‍රව්‍ය මිල සම්බන්ධව පහත ප්‍රකාශ සලකා බලන්න.
A - ගඩොල් නාස්තිය වැඩි වූ විට එය වැඩි වේ.
B - පැටවුම් කුලිය නිසා එය වැඩිවන අතර, බෑමේ කුලිය නිසා එය අඩු වේ
C - අත්පිට මුදලට සිදු කරන මිලදී ගැනීමේ දී ලැබෙන වට්ටම නිසා එය අඩු වේ
D - ඉදිකිරීම සිදු කරන්නේ ගොඩනැගිල්ලේ කීවෙනි තට්ටුවේ ද යන්න මත එය රඳා පවතී
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශ වනුයේ,
A. C සහ D පමණි.
සම්මත මිනුම් ක්‍රම සඳහා අදාළ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - ඒවා වැඩ අයිතමයන්හි මිනුම් වල ඒකකය දක්වයි
B - ඒවා වැඩ අයිතමයන්හි මිනුම් ලබා ගන්නා ආකාරය දක්වයි
C - ඒවා වැඩ අයිතමයන්හි ඒකක මිල දක්වයි
D -ඒවා වැඩ අයිතම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ දක්වයි
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශ වනුයේ
(1) A සහ B පමණි.
බිම් සැලසුමක් මත එහි පරිමාණය සෙන්ටිමීටර එකකින් (1 cm) එක් කිලෝමීටරයක් (1 km) නිරූපණය වේ ලෙස සඳහන් විය. මෙම පරිමාණයට අදාළ අනුපාතය කුමක්ද”
1:100,000
එක් මැනුම් ස්ථානයක් භාවිතයෙන් සිදු කරන නියඩොල සිට්ටු මැනුමක් හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - සියලුම භූ ලක්ෂණ මැනුම් ස්ථානයට හොඳින් දෘශ්‍ය විය යුතු ය.
B - තියඩොලයිට්ටුවෙහි තාවකාලික සැකසුම් ක්‍රියාවලියේ දී, එය මධ්‍යගත කිරීම, මට්ටම් කිරීම සහ අසම්පාතය ඉවත් කිරීම සිදු කරනු ලැබේ.
C - මෙම මැනුමේ දී භූ ලක්ෂණ සඳහා මිනුම් ගැනීමට අනුලම්භ ක‍්‍රමය යොදාගත හැකි ය.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ
A සහ B පමණි
1
2.0 m සහ 2.5 m කි
අවතර පරිණාමක පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - ඒවා ජාල උපපොළවල යොදා ගැනේ.
B - ඒවා විදුලි බලාගාර වලින් විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ දී වෝල්ටීයතාව වෙනස් කිරීමට යොදා ගැනේ.
C - ඒවායෙහි ද්විතීයික දඟරයේ වට ගණන ප්‍රාථමික දඟරයේ වට ගණනට වඩා අඩු වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශ වනුයේ,
A සහ C පමණි.
4
3
සූර්ය පැනල පද්ධති සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - ගෘහස්ථ සූර්ය පැනල පද්ධති මහා පරිමාණයෙන් සම්බන්ධ කිරීම නිසා දිවා කාලයේ දී අඩු වෝල්ටීයතා බෙදා හැරීමේ මාර්ගවල වෝල්ටීයතාව, නාමික අගය ඉක්මවා ඉහළ යා හැකිය.
B - සුර්ය පැනල පද්ධතියක ප්‍රත්‍යාවර්ත ධාරා (AC) වෝල්ටීයතා ප්‍රදානය, අපවර්තකයක් (inverter) ආධාරයෙන් සරල ධාරා (DC) වෝල්ටීයතා ප්‍රතිදානයක් බවට පරිවර්තනය කර විදුලි බල ජාලයට සම්බන්ධ කරනු ලැබේ.
C - විදුලි පද්ධතියේ සංඛ්‍යාතය 50 Hz අගයෙහි පාලනය කිරීම සඳහා සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ විශාල පරිමාණයේ සූර්ය බලාගාර භාවිත කළ හැකි ය.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ ප්‍රකාශ වනුය
A පමණි.
සමාන්තරගතව සම්බන්ධ කර ඇති 120 V. 100 W සූත්‍රිකා බල්බ දහයක් සඳහා විදුලිය. 1: 2 එතුම් අනුපාතය සහිත එකලා විදුලි පරිණාමකයක ද්විතීයික දඟරය මගින් සැපයෙන විට, එම පරිණාමකයේ ප්‍රාථමික දඟරයේ ධාරාව කොපමණ ද?
16.7 A
විදුලි කේතලයක්, දිගුවන් රැහැනක (extension cord) ආධාරයෙන් කෙවෙනි පිටුවානකට (socket outlet) සම්බන්ධ කර එහි වහරුව ක්‍රියාත්මක කරන ලදී. ඉන්පසු විදුලි කේතලයේ ලෝහ ආවරණය ස්පර්ශ කළ විට විදුලි සැර වැදීමක් ඇති විය.
පුද්ගලයකු මෙම සිදුවීම හා සම්බන්ධව පහත හේතු දක්වා ඇත.
A - කෙවෙනි පිටුවාන සහිත ගෘහස්ථ විදුලි පරිපථයට සම්බන්ධ සිහිත පරිපථ බිඳිනය දෝෂ සහිත වීම
B - දිගුවන් රැහැන විවිධ උපාංග එකවර සම්බන්ධ කිරීම සඳහා මීට පෙර කිහිප වතාවක් භාවිත කර තිබීම
C - දිගුවන් රැහැන සම්බන්ධ කළ කෙවෙනි පිටුවාන නිසි ලෙස භූගත නොකර තිබීම
ඉහත හේතු අතුරෙන්, නිවැරදි හේතුව/හේතු වනුයේ
C පමණි.
සමමුහුර්තක මෝටරයක් (synchronous motor) හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - එහි නියත වේගයක් ඇති අතර එම වේගය භාරයෙන් ස්වායත්ත වේ.
B - එහි ස්ථායුක දඟරයට සරල ධාරා වෝල්ටීයතාවක් සැපයිය යුතු ය.
C - එය විදුලි පද්ධතිවල ජව සාධකය ඉහළ නැංවීම සඳහා යොදාගත හැකි ය.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
A සහ C පමණි.
3
3
1
5
5
2
2
1
1
තරල යන්ත්‍ර සම්බන්ධව පහත ප්‍රකාශ සලකා බලන්න.
A - යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණයට සාපේක්ෂව ද්‍රාව ජව සම්ප්‍රේෂණයේ දී සිදුවන ශක්ති හානිය අඩු වේ.
B - ද්‍රාව ජව සම්ප්‍රේෂණයේ දී ද්‍රාව දිශානතිය, සහන කපාට මගින් පාලනය කළ හැකිය.
C - අවශ්‍ය විට දී ද්‍රවය පීඩනයට ලක් කරමින් ද්‍රාව පොම්පය ක්‍රියාත්මක වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය ප්‍රකාශ වනුයේ
A සහ C පමණි
සිසිල්ව ඇති පුලිගු ජ්වලන එන්ජිමක් පණගැන්වීමේ දී, දහනය පහසු කිරීම සඳහා සරු මිශ්‍රණයක් ලබාදිය යුතු ය. මේ සඳහා රියදුරු විසින් ක්‍රියාකරවිය යුතු උපාංගය වනුයේ,
වාත රෝධක කපාටය වේ.
මෝටර් රථයක ටයර සහ රථය ගමන් කරන පෘෂ්ඨය අතර ඇති ඝර්ෂණය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද?
ඇතිල්ලුම් ඝර්ෂණය උපරිම විය යුතු අතර පෙරලුම් ඝර්ෂණය අවම විය යුතු ය.
හදිසි තිරිංග (හෝ අත් තිරිංග) පද්ධතියක් ක්‍රියාත්මක කරවීම සඳහා බහුල වශයෙන් යොදා ගැනෙන විශ්වාසනීයම ජව සම්ප්‍රේෂණ ක්‍රමය වනුයේ
යාන්ත්‍රික (mechanical) ජව සම්ප්‍රේෂණයයි.
නැව් නිෂ්පාදන සමාගමක භාවිතයට ගන්නා දොඹකරයකට දැරිය හැකි උපරිම භාරය 5 Mt වේ. නමුත් මෙම දොඹකරය මගින් එසවිමට නිෂ්පාදකයා විසින් අනුමත කර ඇති භාරය 2 Mt ලෙස සඳහන් කර ඇත. එහි නිරාපද සාධකය කොපමණ ද?
2.5
ලෝහ හැඩයම් කිරීම් (forming) සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - ඇතැම් ලෝහ කාමර උෂ්ණත්වයේ දී හැඩයම් කර ගත හැකි ය.
B - ඇතැම් ලෝහ ඉහළ උෂ්ණත්වවල දී හැඩයම් කර ගත හැකි ය.
C - වැඩ කොටසක් හැඩයම් කිරීමට එහි ද්‍රව්‍ය ගුණ වැදගත් වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
A, B සහ C සියල්ලම ය.
සංඛ්‍යාංක පාලන යන්ත්‍ර (CNC) පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - CNC යන්ත්‍ර යොදාගෙන වැඩ කොටස් කැපීම යම් සමුද්දේශ ලක්ෂ්‍යයකට සාපේක්ෂව සිදු කළ යුතු ය.
B - CNC යන්ත්‍ර ක්‍රියාකාරිත්වයට අදාළ ක්‍රමලේඛ සකස් කිරීමට යන්ත්‍රයේ යතුරු පුවරුව භාවිත කළ හැකිය.
C - අතින් ක්‍රියා කළ හැකි ලේ යනයකට වඩා CNC ලේයනයක කැපීම් සිදු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි ය.
ඉහට ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ ප්‍රකාශ වනුයේ
A, B සහ C සියල්ලම ය.
ලේයත් යන්ත්‍ර වල භාවිත වන කැපුම් දියරය මගින් සිදුකරනු ලබන කාර්යයන් පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - කැපුම් කලාපය සිසිලනය කිරීම
B - කැපුම් කලාපය ස්නේහනය කිරීම
C - කැපීම් ක්‍රියාවලියේ දී ඉවත්වන ලෝහ කුඩු සෝදා හැරීම
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ ප්‍රකාශ වනුයේ,
A, B සහ C යන සියල්ලම ය.
මන්නා පිහියක කැපුම් දාරය රත් පිළියම් (heat treatment) කිරීම මගින් එහි කුමන ද්‍රව්‍ය ගුණය වර්ධනය වේ ද?
දැඩි බව
සිව්පහර එන්ජිමක බල පහරේ දී ලබාදෙන ශක්තිය, ඉතිරි පහර තුන සඳහා ගබඩා කර තබා ගැනීමට භාවිත කරනුයේ කුමන උපාංගය ද?
ජව රෝදය
අභ්‍යන්තර දහන එන්ජිමක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පහත ක්‍රියාමාර්ග යොදා ගත හැකි බව සිසුවකු පවසන ලදී.
A - බල වර්ධකයක් (super charger) යොදා ගැනීම
B - බමන සම්පීඩකයක් (turbocharger) යොදා ගැනීම
C - පහරේ දිග (stroke length) අඩු කිරීම
ඉහත ක්‍රියාමාර්ග අතුරෙන්, නිවැරදි ක්‍රියාමාර්ගය ක්‍රියාමාගේ වනුයේ,
A සහ B පමණි.
වාහනයක රියදුරා විසින් වංගුවක් ගෙන සුක්කානම අත්හල විට එහි ඉදිරිපස රෝද නිරායාසයෙන් කෙලින් වේ.
මෙයට උපකාරී වනුයේ,
අනුගාමී කෝණය (caster angle) යි.