21 Flashcards
දිග මනින උපකරණයක ක්‍රමාංකන දෝෂයක් ඇත. එය සෑම සත්‍ය සෙන්ටිමීටරයක් ම 1 mm ක් අඩුවෙන් පෙන්වයි. මෙම උපකරණය මගින් පාදයක සත්‍ය දිග 20 cm වූ සම චතුරස්‍රයක පාදයක දිග මනින ලදී. මෙම මිනුම් ඇසුරින් ගණනය කළ විට සම චතුරස්‍රයේ වර්ගඵලය වනුයේ,
324 cm²
ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සැපයුම පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න.
A - 230 V සැපයුම් වෝල්ටීයතාව ප්‍රමිතියක් වේ.
B 230 V සැපයුම් වෝල්ටීයතාව පිරිවිතරයක් වේ.
C - 230 V සැපයුම් වෝල්ටීයතාව රෙගුලාසියක් වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ
A, B සහ C යන සියල්ලමය
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළ පහත සඳහන් ප්‍රකාශ සලකන්න.
A - දේශීය නිෂ්පාදන අපනයනය, දේශීය ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරයි.
B - ආනයන ආදේශන භාවිතය, දේශීය ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරයි.
C - නිෂ්පාදන අමුද්‍රව්‍ය ආනයන තහනම, දේශීය ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරයි.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
A සහ B පමණි.
2
2
ව්‍යාපාර ක්‍රියාවලියක් තුළ වෙළඳපොළ සමීක්ෂණ පිළිබඳ පහත කරුණු සලකන්න.
A - පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා පිළිබඳ දත්ත ලබා ගැනීම සඳහා ප්‍රශ්නාවලි ඵලදායි ලෙස යොදාගත හැකිය.
B - ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා වෙළඳ පොළ සමීක්ෂණ වාර්තාවක් අවශ්‍ය වේ.
C - සම්මුඛ සාකච්ඡා තුළින් රැස් කරන දත්ත ද්විතීයික දත්ත ලෙස සැලකේ.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ
A පමණි
මූලික කළමනාකරණ ක්‍රියාකාරකම් පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?
නියාමනය යනු අරමුණු සඵල කරගැනීම සඳහා සම්පත් කළමනා කරණය කිරීමයි.
සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න.
A - උවදුරක් යනු ජිවිතයට, සෞඛ්‍යයට, දේපල වලට හෝ පරිසරයට බලපාන අනතුරකි.
B - අනතුරක් ඇති වීමේ සම්භාවිතාව මත අවදානම රඳා පවතී.
C - මනා පුහුණුව මගින් සියලු උවදුරු වළකාගත හැකි ය.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ
B පමණි.
දිගින් වැඩි ගඩොල් බිත්ති බැඳීමේ දී, ගඩොල් බිත්තියේ ව්‍යූහාත්මක ආරක්ෂාව සඳහා සෑම 3.5 m කට වරක් කුඩා පරතරයක් තබනු ලැබේ. මෙයට අදාළ වන ද්‍රව්‍ය ගුණාංගය වනුයේ
ප්‍රසාරණතාව (Expansivity) යි.
කොන්ක්‍රීට් හැඩයම් (Formwork) පිළිබඳ පහත වගන්ති සලකන්න.
A - හැඩයම් බොහෝ වතාවක් පාවිච්චි කළ හැකි පරිදි කල් පැවතිය යුතු ය.
B - කොන් න්ක්‍රීටය සවි වූ පසු එහි පෘෂ්ඨයට හානි වීමකින් තොරව හැඩයම් ඉවත් කිරීමට හැකි විය යුතු ය.
C - කොන්ක්‍රීට් කිරීමේ දී අමු කොන්ක්‍රීට්, උපකරණ සහ වැඩකරුවන් මගින් ඇතිවන භාරයන් හැඩයම් වලට දරා ගැනීමට හැකි විය යුතු ය.
ඉහත වගන්ති අතුරෙන්, නිවැරදි වගන්තිය/ වගන්ති වනුයේ,
B සහ C පමණි.
ගොඩනැගිල්ලක බිත්ති තුළට භුමියේ ඇති ජලය අවශෝෂණය වීම අවහිර කරන සරල අත්තිවාරමක කොටස වනුයේ
තෙත් නිවාරණ වැටියයි.
කුරුලු තුඩ මූට්ටුවක (Birdsmouth joint) ගැඹුර මගින් විශේෂයෙන් බලපෑමක් ඇති කරනුයේ
පරාලයේ භාරයන් දරා ගැනීමේ හැකියාවට ය.
කොන්ක්‍රීට කිරීමේ දී ආවරණ කුā (Cover blocks) තැබීමේ ප්‍රධාන අරමුණ වනුයේ,
කොන්ක්‍රීට් කිරීමේ දී වැරගැන්වුම්වල පිහිටීම තහවුරු කිරීම සඳහාය.
පෙඟවුම් වළ (Soakage pit) පිළිබඳව පහත වගන්ති සලකන්න.
A - පෙඟවුම් වළේ හරස්කඩ වෘත්තාකාර පිය යුතු ය.
B - පෙඟවුම් වළ සුදුසු වන්නේ අපත ජලය සෙමින් උරාගන්නා මැටි සහිත බිම් සඳහාය.
C - පෙඟවුම් වළ භාවිත වන්නේ, භූගත ජල මට්ටම පෙඟවුම් වළේ පතුලට වඩා අවම වශයෙන් 2 m ට වඩා ගැඹුරු විට දී ය.
ඉහත වගන්ති අතුරෙන්, නිවැරදි වගන්තිය/ වගන්ති වනුයේ
A සහ C පමණි.
වතුර ටැංකියක ජලය නියමිත මට්ටමක තබාගැනීම සඳහා භාවිත කළ හැකි කපාට වර්ගය කුමක්ද ?
ඉපිලුම් (Float operated) කපාටය
ඝන කසල කළමනාකරණය පිළිබඳව පහත වගන්ති සලකන්න.
A - පැණි බීම බෝතල්, පොල්තෙල් භාජන ලෙස යොදාගැනීම ප්‍රතිචක්‍රීකරණය ලෙස වර්ග කළ හැකි
B - මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් නිපදවීම ජීර්ණය කිරීම ලෙස වර්ග කළ හැකිය.
C - අවම ඇසුරුම් සහිත ද්‍රව්‍ය මිලදී ගැනීම අඩු භාවිතාව ලෙස වර්ග කළ හැකි ය.
ඉහත වගන්ති අතුරෙන්, සත්‍ය වගන්තිය/ වගන්ති වනුයේ,
B සහ C පමණි
ඉදිකිරීමේ ව්‍යාපාතියක දී කොන්ත්‍රාත්කරු විසින් පොළොවට බිම් උළු යෙදීම සඳහා වර්ග මීටරයට රු, 6,000 ක මුදලක් ඉල්ලා සිටියි. බිම් උළු යෙදිය යුතු බිම් වර්ග ඵලය 150 m කි. කොන්ත්‍රාත්කරුගේ තක්සේරුව අනුව ද්‍රව්‍ය පිරිවැය රු. 300,000 ක්, කම්කරු කුලිය රු. 200,000 ක් සහ උඩිස් වියදම රු. 60,000 ක් වේ. මෙම ව්‍යාපෘතිය මගින් කොන්ත්‍රාත්කරු ලබන ලාභය වනුයේ
රැ. 340,000 ය
යෝජිත ව්‍යාපෘතියක පිරිවැය තක්සේරු කිරීම පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ සලකන්න.
A - එමගින් ව්‍යාපෘතියේ නාස්තිය අවම වනු ඇත.
B - එමගින් ව්‍යාපෘතියේ කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇත.
C - එමගින් ඉදිකරන අවධියේ දී ඉදිකිරීම් ක්‍රම වේද තෝරා ගැනීමේ නම්‍යශීලිත්වය ඉහළ නංවනු ඇත.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය / ප්‍රකාශ වනුයේ,
A සහ B පමණි.
මැනුම් රේඛාවක දිග 25 m වේ. එම රේඛාව 1:500 පරිමාණයට නිරූපණය කළ විට, එහි දිග වනුයේ,
5 cm
2