17 Flashcards
චුම්බක ස්‍රාවය මනින සම්මත ඒකකය කුමක්ද
වෙබර්(weber)
වෘත්තාකාර සිලින්ඩරයක බාහිර විෂ්කම්භය නිර්ණය කිරීමේ දී පහත දැක්වෙන දෝෂ බලපෑ හැකි ය.
A - මිනුම් උපකරණයේ මූලාංක දෝෂය
B - සිලින්ඩරයේ වෘත්තාකාර භාවයේ තිබිය හැකි දෝෂ
C - මිනුම් ලබා ගන්නා ආකාරය නිසා ඇති විය හැකි දෝෂ
පාඨාංක කිහිපයක් ලබාගෙන සාමාන්‍ය අගය ගණනය කිරීම මගින් අවම කරගත හැකි දෝෂය හෝ දෝෂ මොනවාද?
B සහ C පමණි
1
5
ගෘහ විදුලි පිහිටැවුමක විදුලි කාන්දුවක් සිදු වූ විට විදුලි සැපයුම ක්ෂණිකව විසන්ධි වීම සඳහා යොදා ගැනෙන පරිපථ උපාංගය කුමක්ක්ද
ශේෂ ධාරා පරිපථ බිඳිනය (RCCB)
ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සැපයුම් ජාලයෙන් එකලා ගෘහ සැපයුමකට ලබා ගැනීමට අවසර දී තිබෙන උපරිම ධාරාව කොපමණ ද?
30 A
ශ්‍රේණිගත ලෙස සම්බන්ධ කර ඇති 6 pF වන ධාරිත්‍රක හයක සමක ධාරිතාව කොපමණ ද?
1 pF
ශ්‍රී ලංකාවේ ජාතික සැපයුම් ජාලයෙහි, තෙකලා විදුලි සැපයුමෙහි මං වෝල්ටීයතාව (Line voltage) සහ සංඛ්‍යාතය (Frequency) කොපමණද?
400 V 50 Hz
සාමාන්‍ය පුද්ගලයකුගේ ක්ෂණික මරණයට හේතු විය හැකි අවම ප්‍රත්‍යාවර්ත ධාරාවෙහි විශාලත්වය කොපමණ ද?
0.1 A
වොට් පැය මීටරයෙන් (Watt-hour meter) පසු ශේෂ ධාරා පරිපථ බිඳිනය (RCCB), සිඟිති පරිපථ බිඳිනය (MCB) සහ වෙන්කරනය (Isolator) සම්බන්ධ කළ යුතු නිවැරදි අනුපිළිවෙළ කුමක්ද?
වෙන්කරනය, RCCB, MCB
පහත දක්වා ඇත්තේ කේන්ද්‍රාපසාරී පොම්පයක් හා සම්බන්ධ පරාමිති තුනකි
A - පොම්පකරණ තරලයේ ගැලීම් ශීඝ්‍රතාව
B - පොම්ප කරණ හිස
C - පොම්ප කරණ තරලයේ ඝනත්වය
ඉහත පරාමිති අතුරෙන් කේන්ද්‍රාපසාරී පොම්පයක් පරිභෝජනය කරන ජව ප්‍රමාණය රඳා පවතිනුයේ
A, B සහ C සියල්ල ම මතය
1
ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර පරිපථයක, ද්වාරය (Gate) සහ ප්‍රභවය (Source) අතර වොල්ටීයතාව (Vgs) ශුන්‍යව පවතින විට, සොරොව් ධාරාව (1) නියත අගයක් ලබනුයේ, සොරොව්ව (Drain) සහ ප්‍රභවය අතර වොල්ටීයතාවයේ (VDs) පහත දැක්වෙන කුමන සංඛ්‍යාත්මක අගයක් ඉක්මවා ගිය විට දීද ?
Vp (පින්ව ඕෆ් වොල්ටීයතාව/pinch off voltage
2
4
5
සංඛ්‍යාත මූර්ජනයේ දී, සංඥාවේ විස්තාරය අනුව වෙනස් කෙරෙන පරාමිතිය/ පරාමිති මොනවාද?
සංඛ්‍යාතය පමණි
විදුලි සංඥා සම්ප්‍රේෂණ මාර්ගයක (signal transmission line) ප්‍රාථමික සාධකයක් නොවන්නේ කුමක්ද?
විකිරණය
5
සාර්ථක ව්‍යාපාර බිහි වීම නිසා ලැබෙන වාසි කිහිපයක් පහත දැක්වේ.
A - බදු ආදායම ඉහළ නැගීම
B නව්‍යකරණය කරන ලද භාණ්ඩ සහ සේවා භාවිත කිරීමට හැකියාව ලැබීම
C - ඉහළ ආදායම් ඉපැයීමට අවස්ථා ලැබීම
D - විදේශ වෙළෙඳ පොළට බලපෑම් කිරීමට හැකි වීම
E - විරැකියාවට විසඳුමක් ලැබීම
ඉහත වාසි අතුරෙන් සමාජයට ලැබිය හැකි සෘජු වාසි තුන වනුයේ,
B, C සහ Eය
ව්‍යවසායකයකු තුළ දැකිය හැකි ගුණාංග කිහිපයක් පහත දැක්වේ
A - අනුගාමිකයන්ට නිවැරදි මඟ පෙන්වීම
B අනුගාමිකයන්ට ස්ව කැමැත්ත පරිදි ම කටයුතු කිරීමට නිදහස දීම
C - අනුගාමිකයන්ගේ සහයෝගය ලබා ගැනීමේ හැකියාව
D-ව්‍යාපාරයට නිවැරදි අරමුණු පිහිටුවීමේ හැකියාව
E - ව්‍යාපාරික අරමුණු කෙසේ හෝ ඉටු කරවා ගැනීමේ හැකියාව
ඉහත දැක්වෙන ගුණාංග අතුරෙන් නායකත්ව ගුණාංග තුන වනුයේ
A, C ,D
3
4
තිරිංග ක්‍රියාත්මක කරන විට වාහනයක් පැත්තකට ඇදී යයි. පහත සඳහන් කරුණු අතුරෙන් මේ සඳහා හේතු නොවිය හැකි කරුණ කුමක්ද?
(1) තිරිංග තරලය කාන්දු වීම
(2) රෝද පීඩනය අසමාන වීම
(3) තිරිංග කැලිපර සිර වීම
(4) අවලම්බන පද්ධතියේ සංරචක ගෙවී තිබීම
(5) තිරිංග පද්ධතියේ ප්‍රධාන සිලින්ඩරය ගෙවී තිබීම
5
1
මෝටර් රථයක සුක්කානම් පද්ධතිය (steering system) පිළිබඳ වැරදි ප්‍රකාශය කුමක්ද?
ප්‍රතිසංසරණ බෝල ගියර පෙට්ටිය (recirculating ball gearbox) බහුලව භාවිත වන්නේ දැති තලව්ව සහ දව රෝදය සහිත සුක්කානම් යාන්ත්‍රණය සමඟ ය.
මෝටර් රථයක සිසිලන පද්ධතිය පිළිබඳව නිවැරදි වගන්තිය කුමක් ද
පිටාර ටැංකියේ කාර්යය වනුයේ සිසිලන ද්‍රවයේ ප්‍රසාරණය සහ සංකෝචනය සංතුලනය කිරීමයි
එන්ජිමක් පණගැන්වීමේ දී පණගැන්නුම් මෝටරය කරකැවෙන නමුත් දඟර කඳ නොකැරකේ. මෙයට හේතුවක් වන්නේ දෝෂ සහිත
බෙන්ඩික්ස් යාන්ත්‍රණයයි
කැපුම් ආවුද සඳහා යෝග්‍ය නොවන ගුණයක් වන්නේ,
තන්‍යතාව (Ductility) ය.
කැපුම් ආවුදයේ අනුවැටුම් චලිතය භාවිතයෙන් ද්‍රව්‍ය ඉවත් කෙරෙන යන්ත්‍රය කුමක්ද
හැඩගාන (Shaping) යන්ත්‍ර
1
3
ශීතකරණවල භාවිත වන වාෂ්පීකාරකයේ (evaporator) නළ වටා වරල් යෙදීමේ අරමුණ කුමක්ක්ද?
කාර්යක්ෂම ලෙස තාපය සංක්‍රාමණය කිරීම
වාෂ්ප සම්පීඩන ශිතකරණ ක්‍රියාවලියේ දී, සම්පීඩකයේ (compressor) කාර්යය කුමක්ද?
ඒ තුළින් ගලා යන වායුමය ශීතකාරකයේ පීඩනය වැඩි කිරීම
1
5
මූලප්පරාලයක් (hip rafter) සහ බිත්ති යටලීයක් (wall plate) යා කරන අවයවය හැඳින්වෙන්නේ
කෙටි පරාලයක් (short span rafter/jack rafter) නමින් ය.
ගොඩනැගිලි සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - පදිංචිය සඳහා වූ ඒකකයක, කාමර එකකට වඩා ඇති විට සියලුම කාමරවල අවම අභ්‍යන්තර බිම වර්ග ඵලය 8.5m² විය යුතු ය.
B - වීථි දෙකක් හමුවන මංසන්ධියක කොනක පිහිටා ඇති අධි උසැති (high-rise) ගොඩනැගිල්ලක උස තීරණය වනුයේ වඩා පළල් වීථිය මගිනි.
C - වාසස්ථානයක ඒකාබද්ධ නාන කාමරය සහ වැසිකිලිය සහිත ඒකකයක අවම අභ්‍යන්තර පළල 0.9 m විය යුතුය.
දැනට බලපවත්වන 2009 සංශෝධනයට යටත්ව 1986 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ ගොඩනැගිලි නියෝග වලට (රෙගුලාසි) අනුව ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ
B සහ C පමණි.
5
විලක් වැනි ස්වාභාවික ජල මූලාශ්‍රයක ඇති ජලයේ දූෂිත බව නිශ්චිතව හඳුනාගත හැකි ලක්ෂණ පමණක් අඩංගු කාණ්ඩය තෝරන්න
අම්හිරි රස, තෙල් ස්තරයක් සහිත වීම සහ පෙණ සහිත වීම
ජල පවිත්‍ර කරණ ක්‍රියාවලියේ දී ජලයට ඇලම් Alum) එක් කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ,
අවලම්බිත අංශු ඉවත් කිරීමය
4
පූතික ටැංකියක ක්‍රියාකාරිත්වය සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න.
A - පූතික ටැංකියේ අපවාහ කෙළින් ම භූගත ජලයට නිදහස් කළ හැකි ය.
B - බොර සහ උඩ පාවෙන මංඩි පූතික ටැංකියේ රැඳේ.
C - පුතික ටැංකිය තුළ ඇති ඝන සහ ද්‍රව අපද්‍රව්‍ය බැක්ටීරියා මගින් වියෝජනය වෙයි.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
B සහ C පමණි
බිම් මැනුම සහ මට්ටම් ගැනීම සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - බිම් මැනුමේ දී, භූ ලක්ෂණ වල සාපේක්ෂ පිහිටීම නිර්ණය කරනු ලැබේ.
B - කුඩා පරිමාණයේ සිතියම් නිර්මාණය සඳහා සිදු කරනු ලබන මැනුම් ක්‍රියාවලියේ දී පමණක් ‘ පූර්ණයේ සිට කොටස දක්වා මැනීමේ’ මූලධර්මය භාවිත කරනු ලැබේ.
C - මට්ටම් රේඛාව පිල් ලකුණකින් (BM) හෝ තාවකාලික පිල් ලකුණකින් (TBM) ආරම්භ සහ අවසාන කළ යුතුය.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
A සහ C පමණි.
තියොඩොලයිටුවක් භාවිත වන මැනුම් ක්‍රියාවලියක දී මනින ලද මැනුම් රේඛාවක සිරස් කෝණය 120° ද, එහි ඇල දිග 50 m ද විය. එම රේඛාවේ තිරස් දිග කොපමණ ද?
50 x cos 30° m
1
දෙන ලද බණ්ඩාංක පද්ධතියකට සාපේක්ෂව A නම් ලක්ෂ්‍යයක නැගෙනහිර සහ උතුර ඛණ්ඩාංක පිළිවෙළින් (1000 m, 1000 m) විය. උතුරු අක්ෂය 1000 m කින් නැගෙනහිර දිශාවට ද, නැගෙනහිර අක්ෂය 500 m කින් උතුරු දිශාවට ද විතැන් කරන ලද්දේ නම්, A ලක්ෂ්‍යයෙහි නව නැගෙනහිර සහ උතුරු ඛණ්ඩාංක පිළිවෙළින් වනුයේ
(0 m, 500 m)
සිවිල් ඉංජිනේරු ඉදිකිරීමේ ව්‍යාපෘතියක ප්‍රමාණ බිල් පත්‍රයේ (BOQ) ප්‍රාථමික (Preliminaries) ගණයට අයත් මිල අයිතම මොනවාද
ආරක්ෂක කටයුතු, වැඩබිමෙහි ගමනාගමනය, විදුලිය සහ නවාතැන් පහසුකම්
4
ඉදිකිරීම් කම්කරුවකුගේ වැටුප් පතෙහි සඳහන් අයිතම කිහිපයක් පහත දැක්වේ.
A - සේවාදායකයා විසින් ගෙවනු ලබන සේවක අර්ථසාධක අරමුදලේ (EPF) දායකත්වය
B - සේවාදායකයා විසින් ගෙවනු ලබන සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ (ETF) දායකත්වය
C - සේවාදායකයා විසින් ගෙවනු ලබන සේවක රක්ෂණ ගාස්තු
D - සේවාදායකයා විසින් සේවකයාගේ වැටුපෙන් අඩු කර ගන්නා ණය වාරික
E - සේවාදායකයා විසින් සේවකයාගේ වැටුපෙන් අඩු කර ගන්නා ආදායම් බදු
ඉහත අයිතම අතුරෙන් සේවකයකුට ශ්‍රමය සඳහා සියල්ල අඩංගු මිල (All in labour rate) ගණනය කිරීමේ දී ඇතුළත් වන අයිතම වනුයේ,
A, B හා C පමණි