15 Flashcards
මිලිමීටර වලින් ක්‍රමාංකනය කර ඇති වානේ කෝදුවක් භාවිතයෙන් දිග මැනීමේ දී පාඨාංකය කියවිය යුතු ආසන්නතම අගය වන්නේ
1 mm
මීටර කෝදුවක් මගින් යම් දිගක් මනින ලද අතර එම මිනුම 5m විය. පසුව සොයා බැලීමේ දී කෝදුවෙහි සැබෑ දිග 0.05 m කින් අඩු බව සොයා ගන්නා ලදී. ඒ අනුව මනින ලද දිගෙහි සැබෑ දිග වනුයේ
4.75 m
2
විද්‍යුත් චාප පෑස්සීමේ දී චාපයේ තීව්‍රතාව පාලනය කර ගන්නේ
පෑස්සුම් උපකරණයට ලබා දෙන ධාරාව වෙනස් කිරීමෙනි
කාර්මික විප්ලවය සිදු වූ කාල පරිච්ඡේදය තුළ ඇති වූ තාක්ෂණික සංවර්ධනයෙහි ඵලයක් නො වන්නේ,
ගුවන් ප්‍රවාහනය ඇරඹීමයි
ලාභය බෙදා ගැනීම පිළිබඳ කිසිඳු ගිවිසුමක් හවුල්කරුවන් අතර නොමැති විට දී හවුල් ව්‍යාපාරයක ලාභය බෙදා ගත යුත්තේ
හවුල්කරුවන් සියලු දෙනාටම සමාන වූ අනුපාතයකට අනුව ය
3
3
පංචාස්‍රාකාර කියඩොලයිට්ටු පරික්‍රමණයක් 1 : 1000 පරිමාණයට පිටපත් කළ විට එහි අවසාන දෝෂය 0.12 mm විය. මෙම දෝෂය ප්‍රස්තාරික ක්‍රමයෙන් සියලු මැනුම් ස්ථාන අතර බෙදා හැරිය විට තුන්වන මැනුම් ස්ථානය කොපමණ දුරකින් විතැන් වේද?
0.048 mm
දම්වැල් මැනුමක් සඳහා සිදු කරන පිරික්සුම් ක්‍රියාවලියක දී ගනු ලබන තීරණයක් නො වන්නේ,
මැනුම සඳහා අවශ්‍ය උපකරණ ය.
දම්වැල් මැනුමක් සඳහා ප්‍රධාන මැනුම් රේඛාව තෝරා ගැනීමේ දී සැලකිය යුතු කරුණු කිහිපයක් පහත දක්වා ඇති පරිදි ශිෂ්‍යයකු විසින් සඳහන් කර ඇත
A - තිරස් දුර ඍජුව ම මැනිය හැකි විය යුතු ය.
B - අදාළ ත්‍රිකෝණ, මනාව සැකසුණු ත්‍රිකෝණ විය යුතුය.
C - භූ ලක්ෂණ වැඩි ප්‍රමාණයක් සඳහා මිනුම් ගත හැකි විය යුතුය.
D - මැනුම් ප්‍රදේශයේ මායිමකට ආසන්න ව ගමන් කළ යුතු ය.
ඉහත ප්‍රකාශන වලින් නිවැරදි වනුයේ
A සහ B පමණි.
2
ගොඩනැගිල්ලක බිත්ති නිමහම් කිරීමේ අරමුණු කිහිපයක් පහත දැක්වේ.
A - බිත්ති වලට සුමට පෘෂ්ඨයක් ලබා දීම
B බිත්තියේ ශක්තිමත් බව වැඩි කිරීම
C - බිත්තිය බැඳීමේ දී ඇති වන දෝෂ වසා දැමීම
D - වඩා ආරක්ෂාකාරී මතු පිටක් ලබා දීම
ඉහත ඒවායින් නිවැරදි අරමුණු වනුයේ
C සහ D පමණි
සාමාන්‍ය පරාලය (Common rafter) ය
3
වැරගැන්වූ කොන්ක්‍රීට් කුලුනක දික්කඩක් රූපයේ දැක්වේ. එහි A සහ B යනු පිළිවෙළින්
හුදු ආවරණය හා අතිවැස්මය
ඉංග්‍රීසි බැම්මෙන් බඳින ලද ගඩොල් බැම්මක තිබිය යුතු ලක්ෂණයක් වන්නේ,
අතිවැස්ම ගඩොල් කාලක් විය යුතු ය.
4
ගොඩනැගිල්ලක ප්‍රමාණ බිල්පත්‍රය සකස් කිරීම සඳහා හඳුනාගත් වැඩ අයිතම කිහිපයක් සහ ඒවායේ මිනුම් ඒකක පහත දැක්වේ
A - අත්තිවාරම් කාණු කැපීම
B - අත්තිවාරම් සඳහා කොන්ක්‍රීට් යෙදීම
C - ගඩොල් බැම්ම බැඳීම
D - බිත්ති කපරාරු කිරීම
SLS 573 : 1999 ප්‍රමිතියට අනුව නිවැරදි මිනුම් ඒකක සඳහන් අයිතම වන්නේ
C සහ D ය.
කසළ අපවහන පද්ධතියක් පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නේ,
අපවහන නළ මාර්ගයේ දිශාව වෙනස් කිරීමේ දී මනුබිලක් (manhole) යොදා ගනී.