18 Flashcards
වාහනයක භාවිත වන ඉන්ධන වල තාප ජනන්න අගය (calorific value) සඳහා නිවැරදි මිනුම් ඒකක මොනවාද ?
kJ/kg සහ kcal/kg
A, B, C හා D ලෙස නම් කරන ලද වෝල්ට්ස්මාන හතරක විශ්වාසනීයත්වය පරීක්ෂා කිරීම සඳහා ඒවා එකිනෙක භාවිතයෙන් සම්මත 110 V සරල ධාරා (DC) වෝල්ටීයතාවයක් තුන්වර බැගින් මනින ලදී. ලබාගත් පාඨාංක පහත දැක්වේ.
A - 107 V, 109 V, 111 V
B - 107 V, 108 V, 109 V
C - 108 V, 112 V, 116 V
D - 104 V, 107 V, 110 V
ඉහත වෝල්ට්ස්මාන අතුරින් වඩාත්ම නිරවද්‍ය (accurate) සහ වඩාත්ම යථාතථ්‍ය (precise) වන වෝල්ට්ස්මාන දෙක පිළිවෙළින්
A සහ B ය
1
සිව් පහර (four stroke) පුළිඟු දහන (spark ignition) එන්ජිමක පහර හතර අනු පිළිවෙළින්,
චූෂණ, සම්පීඩන, බල සහ පිටාර වේ.
විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ සම්බන්ධව පහත දැක්වෙන කරුණු සලකා බලන්න.
A - අමතර කොටස් හිඟවීම
B - බැටරි නැවත ආරෝපණය කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා
C - ඒකක දුරක් ගමන් කිරීමේ පිරිවැය වැඩිවීම
ඉහත දැක්වෙන කරුණු අතුරින්, ශ්‍රී ලංකාව තුළ විදුලි මෝටර් රථ අඩු වශයෙන් ජනප්‍රිය වීමට බලපාන හේතුව/ හේතු වනුයේ
A සහ B පමණි
2
ව්‍යාපාරයක වර්තමාන වෙළෙඳ පොළ තත්ත්වය අධ්‍යයනය කිරීම පිළිබඳ පහත දැක්වෙන අරමුණු සලකා බලන්න.
A - වෙළෙඳ පොළෙහි පවතින තත්ත්වය පාලනය කිරීම
B වෙළෙඳ පොළට සුදුසු අලෙවිකරණ උපායමාර්ග තීරණය කිරීම
C - අලෙවිකරණය සඳහා ව්‍යාපාරය සතු හැකියාවන් හඳුනා ගැනීම
D - පාරිභෝගිකයන්ගේ රුචි අරුචිකම් හඳුනා ගැනීම
ඉහත අරමුණු අතරින් ව්‍යාපාරය සඳහා අලෙවිකරණ සැලසුමක් සකස් කිරීමේ දී වර්තමාන වෙළෙඳ පොළ අධ්‍යයනය කිරීමේ ප්‍රධාන අරමුණු දෙකක් වනුයේ
B සහ D පමණි
ඝන සිමෙන්ති බ්ලොක් ගල් (solid cement blocks) සහ කෝෂ සිමෙන්ති බ්ලොක් ගල් (cellular cement blocks)
භාවිතයෙන් ඉදිකරන ලද බිත්ති සම්බන්ධයෙන් පහත දී ඇති ප්‍රකාශ සලකා බලන්න.
A- කෝෂ සිමෙන්ති බ්ලොක් ගල් බිත්ති, ඝන සීමෙහි බ්ලොක් ගල් බිත්ති වලට වඩා හොඳ ශබ්ද සහ තාප පරිවාරක වේ.
B - කෝෂ සිමෙන්ති බලොක් ගල් බිත්ති, ඝන සිමෙන්ති බිලොක් ගල් බිත්ති වලට වඩා ස්ව බරින් අඩුය.
C - කෝෂ සිමෙන්ති බබ්ලොක් ගල් භාවිතයේ දී කෝෂයේ විවර උඩු අතට සිටින පරිදි බිත්ති බඳිනු ලැබේ.
ඉහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය/ ප්‍රකාශ වන්නේ කුමක්ද
A සහ B පමණි.
4
නිවාස ඒකකයක් පිළිබඳව පහත දැක්වෙන පරාමිති සලකා බලන්න
A - නිවාස ඒකකයේ මුළුතැන්ගෙයි ගෙබිම් වර්ග ඵලය
B- ගොඩනැගිල්ලක වාතාශ්‍රය
C - නිවාස ඒකකයේ උස
D කාමරයක වාසය කළ හැකි පුද්ගලයන් සංඛ්‍යාව
රජයේ 1986.03.10 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනයේ අඩංගු වන නාගරික සංවර්ධන අධිකාරියේ (UDA). සැලසුම් සහ ගොඩනැගිලි නියෝග මගින් පාලනය වනුයේ
A, B සහ C පමණි.
ගොඩනැගිල්ලක වහලයක් පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - වැහි පිළි සවිකිරීම සඳහා බාජු ලෑල්ල (barge board) ආධාර වේ.
B - වඩිම්බු ලෑලි (valance board) මගින් පරාල නෙත්ති තෙතමනයෙන් ආරක්ෂා වේ.
C - වහල ආවරණය සවි කිරීම සඳහා පරාල මත රීප්ප සවි වේ.
ඉහත ප්‍රකාශ අකුරෙන් නිවැරදි වනුයේ,
B සහ C පමණි
ජල පිරිපහදු ක්‍රියාවලියේ දී වාතනය (aeration) මගින් සිදු කෙරෙන ප්‍රධාන කාර්ය කුමක්ද?
වාෂ්පශීලී අන්තර්ගතයන් ඉවත් කිරීම සහ යකඩ සහ මැංගනීස් අවක්ෂේප කිරීම
3
ගෘහාශ්‍රිත ජල සැපයුම් පද්ධති ඉදිකිරීම සඳහා නිර්දේශිත ද්‍රව්‍ය වනුයේ,
පොලි බියුටිලීන්, PVC, තඹ සහ පිත්තල ය.
උදළු තල වැනි ආවුද, නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා වානේ රත් හැඩයම් කිරීම හේතුවෙන් ඇති වන තත්ත්ව සම්බන්ධව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න
A - වික්‍රියාව (strain) නිසා ඇති වන දැඩි බව අඩු වෙයි.
B - ලෝහයේ කන්‍යතාව (ductility) අඩු වෙයි.
C - අවනති ප්‍රබලතාව (yield strength) අඩු වීම නිසා හැඩයම් කිරීම පහසු වේ.
D - ලෝහයේ ශක්තිතාව (toughness) වැඩිවෙයි.
ඉහත ප්‍රකාශ අතරින් නිවැරදි වනුයේ
A සහ C පමණි.
බිත්ති ඉදිකිරීමේ දී ගඩොල් භාවිතයට ගැනීමට පෙර, ඒවා ජලයේ පොගවා භාවිත කිරීම අවශ්‍ය වනුයේ
වියලි ගඩොල් මගින් සිමෙන්ති බදාමයේ ඇති ජලය උරාගැනීම වැලැක්වීම සඳහාය
ඌනිත උස 100.30m වන ස්ථානයක් පොළොව මත පිහිටුවීම සඳහා සරල මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් සිදුකරන ලදී. මෙහි දී ඌනිත උස 100.00m වන තාවකාලික පිල් ලකුණ (TBM) මත මට්ටම් යටි පාඨාංකය 1.80 m වූයේ නම්, පිහිටු විය යුතු ස්ථානය මත මට්ටම් යටි පාඨාංකය විය යුත්තේ,
1.50 m
දම්වැල් මැනුමක දී යොදා ගන්නා ලද දිගින් වැඩිම වන මැනුම් රේඛාවේ දිග 100m විය. මෙම මැනුමේ මිනුම් යොදා ගනිමින් අදාළ ඉඩමේ බිම් සැලැස්ම, A4 (210 mm x 297 mm) ප්‍රමාණයේ කඩදාසියක් මත ඇඳීම සඳහා වඩාත් ම සුදුසු පරිමාණයක් වනුයේ,
1:500
බිම් මැනුමේ දී සිදුවන දෝෂ පිළිබඳව පහත ප්‍රකාශ සලකා බලන්න.
A - දෝෂ එකතු වෙමින් ඉදිරියට යාම වැලැක්වීමට පාලන ලක්ෂ්‍ය (control points) යොදා ගැනේ.
B - මැනුම් ස්ථාන වැඩි ගණනක් යොදා ගැනීමෙන් මැනුමේ දෝෂය අවම කළ හැකි ය.
C - දම්වැල් මැනුමේ සිදුවන දෝෂය නිර්ණය කිරීමට ඇල අනුලම්බ රේඛා යොදා ගැනේ.
ඉහත ප්‍රකාශ අතුරින් නිවැරදි වනුයේ
A පමණි
තියඩොලයිට්ටු පරික්‍රමණ (traverses) සම්බන්ධ පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න.
A - තියඩොලයිට්ටුවේ තාවකාලික සැකසුම් ක්‍රියාවලිය සිදු කරනුයේ පළමු මැනුම් ස්ථානයේ දී පමණක්ය.
B දුරේක්ෂය සංක්‍රාන්ති කිරීම මගින් සෑම මැනුම් ස්ථානයක දී ම සමාන්තර උතුරු දිශා පිහිටුවිය හැකි ය
C - පරික්‍රමණ සැමවිටම සංවෘත විය යුතු ය.
ඉහත ප්‍රකාශ අතුරින් නිවැරදි වනුයේ
B පමණි
මිනුම් පත්‍රයක (TDS sheet) මිනුම් ඇතුළත් කිරීම පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක් වේ.
A - මිනුම් ඇතුළත් කරන්නේ මීටර සහ මිලිමීටර වශයෙන් දිග X පළල X උස පිළිවෙලට ය.
B - එකම මිනුම වාර කිහිපයක් නැවත නැවත යෙදෙන විට එම වාර ගණන වාර තීරුවේ (T) සඳහන් කළ යුතුය.
C - මිනුම් 3 ක් මිනුම් තීරුවේ සඳහන් වන්නේ පරිමාව මනින අවස්ථාවක දීය.
ඉහත ප්‍රකාශ අතුරින් නිවැරදි වනුයේ,
B සහ C පමණි
ගොඩනැගිල්ලක දෙවන මහලේ පිහිටි අතළුවක (slab) කොන්ක්‍රීට් යෙදීම සඳහා ශුද්ධ ඒකක මිල ගණනය කිරීමේ දී
ඇතුළත් විය යුතු මිල අයිතම මොනවාද?
කොන්ක්‍රීට් සඳහා පිරිවැය, කොන්ක්‍රීට් යන්ත්‍ර සඳහා කුලිය සහ මේසන්වරුන්ගේ වේතන
නිෂ්පාදිත සඳහා ප්‍රමිති භාවිත කිරීමට හේතු කිහිපයක් පහත දී ඇත.
A - නිෂ්පාදිතයක ගුණාත්මක බව තහවුරු කිරීම
B - නිෂ්පාදිතයේ පිරිවිතර යථාතථ්‍ය ලෙස සන්නිවේදනය කිරීම C - නිෂ්පාදන ක්‍රියාවලියේ පිරිවැය අඩු කරගැනීම
ඉහත A, B සහ C අතුරින් නිවැරදි හේතුව / හේතු වනුයේ,
A, B සහ C සියල්ලම ය.
ද්‍රව්‍යවල ගුණාංග කිහිපයක් පහත දැක්වේ.
A තන්‍යතාව (Ductility)
C- ශක්තිතාව (Toughness)
D භංගුරතාව (Brittleness)
B - ආහන්‍යතාව (Malleability)
දොඹකර යොතක් (crane cable) නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය වල තිබිය යුතු ප්‍රධාන ගුණාංග දෙකක් වනුයේ
A සහ C ය
ගැල්වනීකෘත කොටු කම්බි දැල් නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු පැස්චුම් ක්‍රමය වනුයේ
තිත් විද්‍යුත් පැස්සීම් (Arc-spot welding) ය
පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් ඩීසල් එන්ජින් සම්බන්ධව වැරදි ප්‍රකාශය කුමක්ද?
(1) එකම සම්පීඩන අනුපාතයක දී (compression ratio) ඩීසල් එන්ජිමක තාප කාර්යක්ෂමතාවය පෙට්‍රල් එන්ජිමක තාප කාර්යක්ෂමතාවයට වඩා වැඩි ය.
(2) සාමාන්‍යයෙන් ඩීසල් එන්ජින්වල සම්පීඩන අනුපාත පෙට්‍රල් එන්ජින්වල සම්පීඩන අනුපාත වලට වඩා වැඩිය.
(3) සාමාන්‍යයෙන් ඩීසල් එන්ජින් පෙට්‍රල් එන්ජින්වලට වඩා බරින් වැඩිය.
(4) ඩීසල් එන්ජිමක සැමවිට සිව් පහර (four-stroke) ක්‍රියාකාරී චක්‍රයක් ඇත.
(5) ඩීසල් ස්කන්ධ ඒකකයක අඩංගු ශක්ති ප්‍රමාණය පෙට්‍රල්වල ඇති ශක්ති ප්‍රමාණයට වඩා අඩුය
ඩීසල් එන්ජිමක සැමවිට සිව් පහර (four-stroke) ක්‍රියාකාරී චක්‍රයක් ඇත.
1
සාමාන්‍ය ඩීසල් එන්ජිමක සම්පීඩන අනුපාතය වනුයේ
15:1 සහ 25:1 අතර ය
සම්පීඩන චාලකය (turbo-charger) සහ බලවර්ධකය (super-charger),
වැඩි වාත ප්‍රමාණයක් එන්ජිම තුළට ගෙන එයි
මෝටර් රථ එන්ජිමක කපාට සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය කුමක්ද?
(1) ඇතුලු වීමේ කපාට වල හිසෙහි විෂ්කම්භය, පිටාර කපාටවල හිසෙහි විෂ්කම්භයට වඩා වැඩි ය.
(2) එන්ජිමක සිලින්ඩරයක් සඳහා අඩුම තරමේ කපාට දෙකක් ඇත.
(3) සැමවිටම එන්ජින් සිලින්ඩරයක ඇති කපාට සංඛ්‍යාව ඉරට්ටේ අගයක් වේ.
(4) පිටාර කපාටවල කඳෙහි විෂ්කම්භය, ඇතුළු වීමේ කපාටවල කඳෙහි විෂ්කම්භයට වඩා විශාල වේ
(5) පිට වීමේ කපාටය ඇතුළු වීමේ කපාටයට වඩා වැඩි උෂ්ණත්වයක පවතී
සැමවිටම එන්ජින් සිලින්ඩරයක ඇති කපාට සංඛ්‍යාව ඉරට්ටේ අගයක් වේ
සිව්පහර (four-stroke) එන්ජිමක කැමි දණ්ඩේ (camshaft) භ්‍රමණ වේගය (x) සහ දහර දණ්ඩේ (crankshaft) භ්‍රමණ වේගය (y) අතර අනුපාතය (x :y) වනුයේ
1:2
සිව්ව්පහර (four-stroke) එන්ජිමක දඟර දණ්ඩ මිනිත්තුවකට වට 1500 ක් කරකැවේ. මෙම එන් න්ජිමේ මිනිත්තුවකට ඇතිවන බල පහර සංඛ්‍යාව කීයද?
1500
ගෘහ ශීත කරණවල බහුලව භාවිත වන සම්පීඩක (compressor) වර්ගය වනුයේ,
පිස්ටන් (piston) වර්ගයේ සංවෘත (hermetic) සම්පීඩකය
කාර්බියුරේටරයක වෙන්චූරිය හරහා වාතය ගමන් කිරීමේ දී,
වාතයේ වේගය වැඩි වී පීඩනය අඩු වේ
4
ඩිසල් එන්ජිමක පිස දමන පරිමාව (swept volume) සහ සහන පරිමාව (clearance volume) පිළිවෙලින් 1125 cm ³ සහ 75 cm කි. එන්ජිමේ සම්පීඩන අනුපාතය වනුයේ
16:1
3
3
විදුලි ධාරා කාන්දුවකින් ආරක්ෂා වීම සඳහා විදුලි ඉංජිනේරු ආයතනයේ (IEE) රෙගුලාසි අනුව අනිවාර්යයෙන්ම තිබිය යුත්තේ කුමක්ද?
ශේෂ ධාරා පරිපථ බිඳිනය (RCCB)
සම මුහුර්ත (synchronous) මෝටර් භාවිත වනුයේ,
වේගය නියතව පවත්වා ගැනීමට අවශ්‍ය වන විටය
2
විදුලි මෝටරයක විදුලි ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කිරීම හා සම්බන්ධ නියමයක් වනුයේ
ෆ්ලෙමින්ගේ වමත් නියමය යි.
ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක් (Field Effect Transistor- FET) හා සම්බන්ධ පහත සඳහන් කුමන වගන්තිය වේද?
ද්වාරය සහ ප්‍රභවය (Gate to Source) අතර PN සන්ධිය සැමවිටම පසු නැඹුරු විය යුතු ය.
3
පෙර නැඹුරු ඩයෝඩයක් හා සම්බන්ධ පහත සඳහන් කුමන වගන්තිය සත්‍ය වේද?
ගලායන ධාරාව කුහර හා ඉලෙක්ට්‍රොන නිසාවෙනි.
3
3
2
1
පහත සඳහන් ශක්ති ප්‍රභව අතුරෙන් විදුලිය ජනනය කිරීම සඳහා පුනර්ජනනීය (renewable) ශක්ති ප්‍රභවයක් ලෙස සැලකිය හැකිවන්නේ කුමක්ද ?
ජෛව ස්කන්ධ