22 Flashcards
ඉංජිනේරු චිත්‍රයක පරිමාණය 20:1 ක් ලෙස දක්වා ඇත. එම චිත්‍රය මත 200 mm දිග රේඛා ඛණ්ඩයකින් නිරූපණය වන සැබෑ දිග වනුයේ
10 mm
ඉංජිනේරු චිත්‍ර ඇඳීමට ගනු ලබන සම්මත A0 කඩදාසියක ප්‍රමාණය 841 mm x 1189 mm වේ. සම්මත A2 කඩදාසියක ප්‍රමාණය කොපමණ ද?
420 mm x 594 mm
ඉංජිනේරු තාක්ෂණවේදයේ විකාශය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - ට්‍රාන්සිස්ටරය හඳුන්වාදීම ඉංජිනේරු තාක්ෂණ වේදයේ හැරවුම් ලක්ෂ්‍යයකි.
B - දෙවන ලෝක යුද්ධය ඉංජිනේරු තාක්ෂණවේදයේ විකාශය සඳහා බලපා ඇත.
C - සුඛෝපයෝගී විද්‍යාව ඉංජිනේරු තාක්ෂණවේදයේ විකාශය කෙරෙහි බලපා ඇත.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ
A, B සහ C යන සියල්ලම ය.
A සහ B පමණි.
1
සමීක්ෂණ වල දී දත්ත ලබා ගැනීම සඳහා භාවිත කරන ක්‍රම පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - නිරීක්ෂණ, ප්‍රාථමික දත්ත ලබාගත හැකි ක්‍රමයකි.
B - මහ බැංකු වාර්තා, ප්‍රාථමික දත්ත ලබාගත හැකි ක්‍රමයකි.
C - මුල්‍ය ප්‍රකාශන, ද්විතීයික දත්ත ලබාගත හැකි ක්‍රමයකි.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ
A සහ C පමණි
නිෂ්පාදන සැලැස්මක අඩංගු නොවන අයිතමයක් වන්නේ කුමක්ද?
ප්‍රාග්ධන ව්‍යුහය
වැඩ බිමක අවදානම කළමනා කරණය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.
A - හඳුනා ගැනීම, තක්සේරුව සහ පාලනය යනු අවදානම කළමනා කරණයෙහි ප්‍රධාන අංග වේ.
B - අවදානම පාලනය කිරීම සඳහා තාවකාලික විසඳුම් වැඩබිම් පරිසරය තුළ යොදා ගැනේ.
C - අවදානම පිළිබඳව සේවකයින් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ
A, B සහ C සියල්ලම ය.
ඉදිකිරීම් අමුද්‍රව්‍යයක් ලෙස දැව භාවිතයේ වාසිදායක ගුණාංග වනුයේ,
ඉහළ උපයෝගීතාව සහ අඩු තාප සන්නායකතාවයි.
දෙකෙළවර නැවතුම් අන්ත වලින් යුතු. ගඩොල් හතරක දිගකින් වූ ඉංග්‍රීසි බැම්මක ඔළුගල් වරිය සඳහා අවශ්‍ය ගඩොල් ප්‍රමාණ වනුයේ,
ගඩොල් 7 ක් සහ ආනබාන්දු 2 කි
කොන්ක්‍රීට් මනා ලෙස සුසංහසනය නොකිරීම නිසා,
කොන්ක්‍රීටයේ සන්තතික බව අඩු වේ.
ලී වහල රාමුවක ‘අට්ටවාල ‘ (Purlins) කොටස යනු,
මුදුන් යටලීය හා බිත්ති යටලීය අතරමැදි ව පිහිටන තිරස් දැව කොටස්ය.
A, B සහ C පමණි.
ගෘහස්ථ ජල සම්පාදන පද්ධතියේ සිට ප්‍රධාන ජල සැපයුමට ජලය නැවත ගමන් කිරීම වැළැක්වීමට යොදාගන්නා කපාට වර්ගය වනුයේ
අනාගමන කපාටය ය.
ගෘහස්ථ ජල සම්පාදන පද්ධති පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.
A - ඍජු සිසිල් ජල සැපයුම්වල (Direct cold water supply) ජල ටැංකි අත්‍යවශ්‍ය අංගයක් නොවේ.
B - වක්‍රාකාර සිසිල් ජල සැපයුම්වල (Indirect cold water supply), මුළු තැන්ගෙහි දෝවන (Kitchen sinks) ඍජුව ප්‍රධාන සැපයුමට සම්බන්ධ කරනු ලැබේ.
C - වක්‍රාකාර සිසිල් ජල සැපයුම් පද්ධතිවල ප්‍රධාන සැපයුම සම්බන්ධ කරනුයේ උඩිස් ටැංකියෙහි පතුල මට්ටමට මදක් ඉහළිනි.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
A සහ B පමණි.
ගොඩනැගිල්ලක පූතික ටැංකියක විශාලත්වය නිර්ණය කිරීමේ දී සෘජුව ම සලකනු ලබන සාධක මොනවා ද?
පදිංචිකරුවන් සංඛ්‍යාව සහ ගොඩනැගිල්ලේ අරමුණ
වැඩ අයිතමයක ශුද්ධ ඒකක මිල සහ දළ ඒකක මිල සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.
A - ශුද්ධ ඒකක මිලෙහි, ද්‍රව්‍ය සඳහා පිරිවැය අඩංගු වන අතර දළ ඒකක මිලෙහි, ද්‍රව්‍ය හා උපකරණ සඳහා වන පිරිවැය අඩංගු වේ.
B - දළ ඒකක මිල යනු ශුද්ධ ඒකක මිලට උඩිස් වියදම් සහ ලාභය එකතු කළ විට ලැබෙන අගය වේ.
C - ශුද්ධ ඒකක මිල හා ලාභය එකතු කළ විට ලැබෙන අගය, දළ ඒකක මිල හා උඩිස් වියදම් එකතු කළ විට ලැබෙන අගයට සමාන වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ
B පමණි
ප්‍රමාණ බිල් පත්‍රයක අවිනිශ්චිත (Provisional) වියදම් ලෙස ඇතුළත් කරනු ලබන වැඩ අයිතමයක් වන්නේ,
ඉඩම උඩින් දිවෙන අධිවෝල්ටීයතා රැහැන් ඉවත් කිරීම ය.
AB රේඛාවේ දිගංශය 120 ක් වේ. වාමාවර්තව මනින ලද ABC අන්තර්ගත කෝණය 50° ක් නම්, BC රේඛාවේ දිගංශය,
250° ක් වේ
A සහ B හි පමණි