20 Flashcards
වර්නියර කැලිපරයක මූලාංක දෝෂයක් ඇති බැවින්, 10 mm ක සත්‍ය දිගක් මැනීමේ දී එය 10.10 mm ලෙස දක්වයි. එමගින් සත්‍ය දිග 20 mm වූ මිනුමක් ගැනීමේ දී දක්වන පාඨාංකය කුමක්ද?
20.10 mm
මෝටර් වාහන එන්ජින් සඳහා ලිහිසි තෙල් තෝරාගැනීමේ දී බහුලව භාවිත වන ප්‍රමිතිය නිරූපණය කරන කෙටි නාමය කුමක්ද?
SAE
සම්ප්‍රදායික ඖෂධීය නිෂ්පාදන දේශීයව නිපදවීම පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න.
A- ඖෂධීය නිෂ්පාදන නිපදවීම සඳහා නව තාක්ෂණය යොදාගත යුතුව ඇත.
B - කාර්ය බහුල ජීවන රටාවට ගැළපෙන ආකාරයෙන් සම්ප්‍රදායික ඖෂධීය නිෂ්පාදන වෙළෙඳ පොළට ඉදිරිපත් කළ යුතුව ඇත.
C- නිෂ්පාදන වල ඖෂධීය ගුණය වැඩි දියුණු කිරීම සඳහා පර්යේෂණ කළ යුතුව ඇත.
ඉහත ප්‍රකාශ අතුරෙන් දේශීයව නිපදවන සම්ප්‍රදායික ඖෂධීය නිෂ්පාදන සඳහා අපනයන වෙළෙඳ පොළක් ගොඩනඟා ගැනීමට වඩාත්ම අදාළ වන ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
A සහ B පමණි.
2
5
ව්‍යාපාරයකට මුහුණ දීමට සිදු විය හැකි අවදා නම් අවම කරගැනීම සඳහා ව්‍යවසායකයෙකු විසින් වැඩිදියුණු කරගත යුතු වඩාත් ම වැදගත් කළමනාකරණ කුසලතාවය කුමක්ද?
සැලසුම් කිරීම
පහත දැක්වෙන කළමනා කරණ ක්‍රියාකාරකම් සලකා බලන්න.
A - ගිණුම්කරණය
B - තරගකාරීත්ව විශ්ලේෂණය
C - නිෂ්පාදන සැලසුම්කරණය
ව්‍යාපාර සැලැස්මක් පිළියෙළ කිරීම සඳහා භාවිත කළ යුතු ක්‍රියාකාරකම/ ක්‍රියාකාරකම් වනුයේ
B සහ C පමණි.
3
SLS ප්‍රමිතියට අනුව, ඉංජිනේරු ගඩොලක දිග සහ අනෙකුත් අදාළ මාන අතර නිවැරදි සම්බන්ධය වනුයේ
දිග = (2 x පළල) + කුස්තුර ඝනකම
කොන්ක්‍රීට් නිෂ්පාදනයේ දී අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්නා රළු සමාහාරකවල පොදු ලක්ෂණයක් වනුයේ,
මනාව ශ්‍රේණිගත වී තිබීම ය.
ගොඩනැගිලි ඉදිකිරීමේ රෙගුලාසිවලට අනුව, ගොඩනැගිලි භාවිත කරන්නන්ට සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීමට අදාළ කරුණක් නොවනුයේ,
(1) ගොඩනැගිල්ල සහ අධිබල විදුලි රැහැන් අතර පරතරය වේ.
(2) ගොඩනැගිල්ලේ කවුළුවල වර්ගඵලය සහ නිර්දේශිත කවුළු වර්ග ඵලය අතර සම්බන්ධය වේ.
(3) ඇලවූ වහලය සහිත කාමරයක අවම උස වේ.
(4)ගොඩනැගිල්ලේ බාල්ක සහ බිම් මට්ටම අතර සිරස් උස වේ.
(5) තරප්පු පෙළෙහි අවම හිස්වාසිය වේ.
ගොඩනැගිල්ලේ කවුළුවල වර්ගඵලය සහ නිර්දේශිත කවුළු වර්ග ඵලය අතර සම්බන්ධය වේ.
ඉදිකිරීම් කර්මාන්තයේ දී විවිධ හැඩතල නිර්මාණය කිරීම සඳහා කොන්ක්‍රීට් ඉතා ප්‍රචලිත වීමට බලපාන කොන්ක්‍රීට් සතු ගුණාංගය වනුයේ
සුවිකාර්ය බවයි.
A
B
පල්දොරු නළ පද්ධතිවල ජල උගුල් භාවිතයේ, ප්‍රධාන අරමුණ වනුයේ,
අපිරිසිදු වායු ගොඩනැගිල්ලේ පරිසරයට එකතු වීම වැළැක්වීමටය.
ගංගා ජලය පිරිපහදුවේ දී සිදු කෙරෙන පියවර කිහිපයක් පහත දක්වා ඇත.
A - ජලයේ දියවී ඇති වායුමය ද්‍රව්‍ය ඉවත් කිරීම.
B ජලයේ අඩංගු බැක්ටීරියා ඉවත් කිරීම.
C - ජලයේ අවලම්භිත ද්‍රව්‍ය ඉවත් කිරීම.
ඉහත A, B සහ C පියවරවල දී භාවිත කරන වඩාත් සුදුසු ක්‍රම අනු පිළිවෙළින්
වාතනය, විෂබීජනාශනය සහ කැටිතිකරණය කර අවසාදනයයි
වර්තමානයේ දී කසළ කළමනා කරණය සඳහා භාවිත වන උපායමාර්ග කිහිපයක් පහත දක්වා ඇත.
A - ප්‍රසිද්ධ ස්ථානවල ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමට බඳුන් තබා තිබීම.
B - ආහාර, මල නොබැඳෙන වානේ භාජන වල ගෙන ඒමට උනන්දු කිරීම.
C - ඉවතලන අපද්‍රව්‍ය අතුරෙන් ජීර්ණය වන කොටස් කොම්පෝස්ට් පොහොර සෑදීම සඳහා වෙන් කර ගැනීම.
ඉහත A, B සහ C උපාය මාර්ග මගින් ක්‍රියාත්මක කිරීමට අදහස් කෙරෙන කසළ කළමනා කරණ ක්‍රම වන්නේ, පිළිවෙළින්,
ප්‍රතිචක්‍රීයකරණය (recycle). නැවත භාවිතය (reuse) සහ පිළිලැබුම (recover) වේ.
ප්‍රමාණ සමීක්ෂකයකු භාවිත කරන ලියකියවිලි හා සම්බන්ධ පහත දක්වා ඇති ප්‍රකාශ සලකා බලන්න.
A - ගැටලු පත්‍රය (query sheet) යනු වැඩබිමෙහි ඇති වන ප්‍රමාද වීම් පිළිබඳ වාර්තා තබන ලියවිල්ලයි.
B - ලුහුඬු පත්‍රය (abstract sheet) යනු මිනුම් පත්‍රයේ (taking-off sheet) සාරාංශය වාර්තා කර තබන
ලියවිල්ලයි.
C - ප්‍රමාණ බිල්පතෙහි (BOQ) පළමු කොටස වන්නේ මිල නියම කිරීමේ පුර්විකාවයි (pricing preamble).
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ
B පමණි.
ප්‍රමාණ සමීක්ෂණයේ දී භාවිත වන ඒකක මිල ගණනය කිරීම හා සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.
A - අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ දී ලැබෙන වට්ටම අඩු වන විට අදාළ ඒකක මිල වැඩි වේ.
B - අමුද්‍රව්‍ය භාවිතයේ දී සිදු වන නාස්තිය වැඩි වීමත් සමග ඒකක මිල වැඩි වේ.
C - යන්ත්‍රෝපකරණ සඳහා වැය වන කුලිය වැඩිවීමත් සමග ඒකක මිල වැඩි වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ
A, B සහ C සියල්ලම ය.
1:10 000 පරිමාණයට අඳින ලද සිතියමක් මත පිහිටන A සහ B ස්ථාන දෙක අතර දුර 10 cm නම්, 1:50 000 සිතියමක් මත එම ස්ථාන දෙක නිරූපණය කළහොත් ඒවා අතර දුර
2 cm වේ
4