08. උතුරෙන් Flashcards
1
Q
උතුරෙන් පද්‍ය පන්තිය කාගේ නිර්මාණයක් ද?
A
සාගර පලන්සූරිය මහතාගේ නිර්මාණයකි
2
Q
සාගර පලන්සූරිය මහතා පුවත්පත්වලට ලිපි සැපයීමේ දී භාවිත කළ අන්වර්ථ නාමය කුමක් ද?
A
කේයස්
KEAS : Kalal Elle Ananda Sagara
3
Q
ඊනොක් ආර්ඩන් කෘතියේ රචකයා කවු ද?
A
ටෙනිසන් නමැති ඉංග්‍රීසි කවියා
4
Q
සාගර පලන්සූරිය මහතාගේ ප්‍රකටතම කෘතිය කුමක් ද?
A
සුදෝ සුදු
5
Q
සුදෝ සුදු කෘතිය රචනා කිරීම සඳහා ආශ්‍රය කර ගෙන ඇති ග්‍රන්ථය කුමක් ද?
A
ඉංග්‍රීසි ජාතික කවියෙකු වන ටෙනිසන්ගේ ඊනොක් ආර්ඩන් කෘතිය
6
Q
සාගර පලන්සූරිය මහතාගේ නිර්මාණ මොනවා ද?
A
- සුදෝ සුදු
- මල් හාමි
- කන්දේ ගෙදර
- කාලකණ්ණියා
- විසිවුණු තරු
- කැලණි විත්ති
- පිළිරුව
- අපේ ඇත්තන්ගෙ විත්ති
7
Q
කේයස්ගේ කවිය යොමු වී තිබුණේ කුමක් කෙරෙහි ද?
A
- මානව දයාව හා ප්‍රේමය කුළුගැන්වීම කෙරෙහි
- පවත්නා සමාජ ක්‍රමය පිළිබඳ සියුම් විරෝධාකල්පමය මතවාදයක් නිරූපණය කිරීම