04. වෙසක් පහන Flashcards
වෙසක් පහන කෙටි කතාවේ රචකයා කවු ද?
ජී. බී. සේනානායක මහතා
ජී. බී. සේනානායකයන්ගේ සම්පූර්ණ නම කුමක් ද?
ගුණතිලක බණ්ඩාර සේනානායක
ජී. බී. සේනානායකයන් උපත ලැබූ වර්ෂය කුමක් ද? ඒ කොහේදී ද?
1913 ජුලි මස මුල්ලේරියාවේ දී
ජී. බී. සේනානායකයන්ගේ මුල් ම සාහිත්‍ය කෘතිය කුමක් ද?
දුප්පතුන් නැති ලෝකය (1945)
කෙටි කතා සංග්‍රහයකි
ජී. බී. සේනානායකයන්ගේ දෙවෙනි කෙටි කතාව කුමක් ද?
පළිගැනීම
පළිගැනීම කෙටිකතා පොතේ දක්නට ලැබෙන විශේෂත්වය කුමක් ද?
කෙටිකතා අතර ඇති නිසඳැස් පද්‍ය
ජී. බී. සේනානායකයන්ගේ ස්වයං ලිඛිත ආත්ම කතාව කුමක් ද?
විනිවිඳිමි අඳුර
සිංහල පද්‍ය සාහිත්‍යයේ නිසඳැස් කාව්‍ය යුගය ආරම්භ වීමට මූලික වූ ග්‍රන්ථය කුමක් ද?
පළිගැනීම කෙටිකතා සංග්‍රහය
ජී. බී. සේනානායකයන් විසින් රචිත නවකතා මොනවා ද?
- මේධා
- චාරුමුඛ
- වරදත්ත
- අවරගිර
- රළ බිඳුම
- මලපුඬුව
- කැකෑරිල්ල
- මුදුපාණි
- කෙලෙස් සයුර
- එකට එක
ජී. බී. සේනානායකයන්ගේ කෙටි කතා නිර්මාණ මොනවා ද?
- දුප්පතුන් නැති ලෝකය
- පළිගැනීම
- මිතුරිය
- ඈත බැලුම
- ගමන
- නැටුම
ජී. බී. සේනානායක මහතා විසින් රචිත කාව්‍ය කෘතීන් මොනවා ද?
- විඳිමි
- දැල් කවුළුව
ජී. බී. සේනානායක මහතාගේ අවසාන කාව්‍ය නිර්මාණය කුමක් ද?
රාත්‍රිය පද්‍ය පන්තිය
ජී. බී. සේනානායකයන්ගේ කෙටි කතා කෙරෙහි බලපා ඇත්තේ කාගේ කෘතීන් ද?
ගී ද මෝපසාං නම් ප්‍රංශ ලේකඛයාගේ කෘති
වර්තමාන සිංහල පද්‍යයේ නව නිදහස් රීතියේ පුරෝගාමියා ලෙස සැලකෙනුයේ කවු ද?
ජී. බී. සේනානායක මහතා
රුබයියාට් කාව්‍යය කාගේ නිර්මාණයක් ද?
පර්සියානු ලේඛක ඕමාර් ඛයියාම් ගේ
ජී. බී. සේනානායකයන් විසින් නිසඳැස් රීතියට අනුව සිංහලයට පරිවර්තනය කරන ලද ග්‍රන්ථය කුමක් ද?
පර්සියානු ලේඛක ඕමාර් ඛයියාම්ගේ රුබයියාට් කාව්‍යය
සිංහල සාහිත්‍ය පිළිබඳ රචනා වී ඇති ජී. බී. සේනානායකයන්ගේ කෘති මොනවා ද?
- සාහිත්‍ය සේසත්
- සාහිත්‍ය විග්‍රහය
- සාහිත්‍ය ධර්මතාව
- සාහිත්‍ය දර්ශන සිතුවිලි
ජී. බී. සේනානායකයන් විසින් රචිත සුරංගනා කතා යටතට ගැනෙන් නිර්මාණ මොනවා ද?
- මල් කුමාරි
- හාල්මැස්සා
- රත්හඳුන් රූපය
- හීනය
- අඹකතාව
- මහලෝභයා
ජී. බී. සේනානායකයන්ගේ චරිතාපදාන කෘතීන් මොනවා ද?
- විනිවිදිමි අඳුර
- මගේ සිතුම් පැතුම්
- මම එදා සහ අද
ජී. බී. සේනානායකයන් විසින් රචිත ශාස්ත්‍රීය කෘති මොනවා ද?
- නවකතා කලාව
- බටහිර ශ්‍රේෂ්ඨ නවකතා
- විචාර ප්‍රවේශය
වෙසක් පහන කෙටි කතාව උපුටා ගන්නා ලද ග්‍රන්ථය කුමක් ද?
දුප්පතුන් නැති ලෝකය (1945)
වෙසක් පහන කෙටි කතාවේ එන ප්‍රධාන චරිත මොනවා ද?
- මල්ලී (කථකයා)
- අයියා
- නංගී