සාහිත්‍ය රසාස්වාදය Flashcards
සාහිත්‍යය ඉතිහාසය කොපමණ කලකට දිව යන්නේ ද?
අවම වශයෙන් අවුරුදු 2000 ක ටත් එහා
ලෝක සාහිත්‍යය පවතින ආකාර දෙක කුමක් ද?
- ලිඛිත
- අලිඛිත (ජනශ්‍රැති)
සාහිත්‍ය ඇත්තේ කුමන අරමුණක් සාධනය කරනු සඳහා ද?
එහි රස ආස්වාදනය සඳහා
ශ්‍රී සුමංගල ශබ්දකෝෂයෙහි වැලිවිටියේ සෝරත හිමි ‘ආස්වාද’ හා ‘ආස්වාදන’ යන වදන් අර්ථ දක්වන්නේ කෙසේ ද?
- ආස්වාද : (රස) විඳීම, සැපය
- ආස්වාදන : රස විඳ ගැනීම
සාහිත්‍යයේ අංග මොනවා ද?
- රචනා විලාසය අනුව
- ගද්‍ය
- පද්‍ය
- චම්පු
- ආකෘතිය අනුව
- නවකතා
- කෙටිකතා
- නාට්‍ය
- ගීත
සාහිත්‍ය නිර්මාණයක් රස වින්දනය හේතුවෙන් සහෘද මනසෙහි ඇති වන විපර්‍යාසය හඳුන්වන නම කුමක් ද?
චමත්කාරය
චමත්කාරය යනු කුමක් ද?
පෙර නොවූ විරූ දෙයක් පිළිබඳ ඇති වන විස්මය
සහිතස්‍යභාවං සාහිත්‍යම් යන්නෙහි අරුත කුමක් ද?
‘සහිත බව ම සාහිත්‍ය වේ’ යන්න
කව්සිළුමිණ රචනා කළේ කවු ද?
දෙවෙනි පැරකුම්බා රජු
කව්සිළුමිණෙහි ආරම්භක කවියක් වන ‘සරසවිය බැලුමසෙක්නි’ යන කවිය ලියා එහි අර්ථය ද ලියන්න
සරසවිය බැලුමසෙක්නි
වෙත්වා කිවි දනෝ
පෙදෙහි රසහව් විඳුනා
දෙනෙතා ඉතා දුලබෝ
'’සරසවියගේ බැලුම් මාත්‍රයකින් වුව, කෙනෙකු කවියකු වනු ඇත. එහෙත් කවියෙහි රස භාව විඳින ජනතාව නම් ඉතා දුලබ ය’’
කවි ශික්ෂාව කෘතිය කාගේ නිර්මාණයක් ද?
මුනිදාස කුමාරතුංගයන්ගේ
කවි ශික්ෂාවෙහි කුමාරතුංගයන් විසින් ‘කවිය’ යන්න අර්ථ දක්වා ඇත්තේ කෙසේ ද?
’‘යමක් කියවූ කලැ, ඇසූ කලැ, විලිබිය ඇතියවුනට රසයක් දැනේ නම්, ඒ කවියෙකි’’
ග්‍රීක භාෂාවේ එන ‘කතාසිස්’ යන වචනය මාර්ටින් වික්‍රමසිංහයන් අර්ථ දක්වන්නේ කෙසේ ද?
භාව විරේචනය ලෙස
භාව විරේචනය යනු?
සිතෙහි ඇති වන රාග, දෝස, මෝහාදී කෙලෙස් ඉවත් කිරීම
සාහිත්‍යයේ සැබෑ චමත්කාරය හෙවත් අග්‍රඵලය කුමක් ද?
සිත පිරිසිදු වීම