01. නූතන සාහිත්‍යාංග කිහිපයක් Flashcards
කෙටිකතාව යනු කුමක් ද?
මූලික අදහසක් ඉදිරිපත් වන සේ අත්දැකීමක් හා බැඳුණු සංසිද්ධියක් ඉස්මතු කරන කලා නිර්මාණයකි
කෙටිකතාව සඳහා රුසියානු ජාතික Anton Chekhov විසින් ලබා දී ඇති කෙටි අර්ථකථනය කුමක් ද?
“කෙටි කතාව වූ කලී ජීවිතයෙන් පෙත්තකි”
ලෝක සාහිත්‍යයේ එන දීර්ඝ කෙටි කතා මොනවා ද?
Anton Chekhov ගේ,
- හයේ වාට්ටුව
- පළඟැටියා
කේතුමතී හෝටලයේ රාත්‍රියක් රචනා කළේ කවු ද?
දයාසේන ගුණසිංහයන්
නූතන කෙටිකතාකරුවෙකු වන දයාසේන ගුණසිංහයන් කෙටිකතාව නිර්වචනය කර ඇත්තේ කෙසේ ද?
“කෙටිකතාව යනු කවරේ දැයි එකම වැකියකින් පවසන ලෙස යමකු මට කිවහොත්, කෙටිකතාව යනු ජීවිතයේ සමීප රූපයකැයි මම කියන්නෙමි. නිර්වචනයක් වශයෙන් ඒ කියමන කිසිසේත් ම පරිපූර්ණ නො වන බවට විවාදයක් නැත. එහෙත් කෙටිකතාවේ සමස්ත ස්වභාවය පිළිබඳ ඉඟියක්, ඒ තුළ ගැබ් ව ඇතැයි සිතමි”
කෙටිකතාව පිළිබඳ ඇති වෙනත් අර්ථකථන මොනවා ද?
“සමාජ ජිවිතයෙන් අංශු මාත්‍රයක් නිරූපණය කරන රචනය කෙටිකතාව වේ”
- කේ. ජයතිලක
“අර්ථවත් ලෙස චරිතාංගයක් හෝ චරිතයක් මතු කරන ප්‍රබල අවස්ථාව කෙටිකතාව වේ”
- ඒ.වී. සුරවීර
වර්තමාන කෙටිකතාවේ පූර්වගාමී අවස්ථා මොනවා ද?
- බෞද්ධ ජාතක කථා
- හිතෝපදේශයේ උපමා කථා
- පංච තන්ත්‍රයේ උපමා කථා
- මිසර කතාන්දර (2000 BC)
- ග්‍රීසියේ කෙටි ප්‍රේම වෘත්තාන්‍ත
- ඊසොප්ගේ උපමා කතා (6th century BC)
- අරාබි නිසොල්ලාසයේ කතා
වර්තමාන කෙටිකතාවට සමීප වන මෑත කාලයේ දී කරන ලද නිර්මාණ මොනවා ද?
- Geoffrey Chaucer ගේ කැන්ටබරි කතා
- Giovanni Boccaccio ගේ දිකැමරන්
‘වහල්ලු’ යන කෙටි කතා සංග්‍රහය රචනා කළේ කවු ද?
මාර්ටින් වික්‍රමසිංහ @1951
බටහිර විචාරකයන් කෙටිකතාවක් ලෙස හඳුන්වන නිර්මාණ මොනවා ද?
- එක ම සිදුවීමක් මුල් කොට ගෙන රචිත කථාව
- චරිතාංගයක් නිරූපණය සඳහා ලියන ලද ආඛ්‍යායිකාව
- සිදුවීම් කිහිපයක් ඇසුරින් රචිත කථාව
- කිසියම් අවස්ථාවක මිනිසෙකුගේ සිතට නැඟුණු හැඟීමක් විවරණය කරනු සඳහා කරන ලද රචනය
- කෙනෙකුගේ යටි සිතෙහි සැඟවුණු හැඟීමක් හෙළි කෙරෙන විවරණය
- මායා කථාව හා උපහාසය
Joseph Berg Esenwein නම් ඉංග්‍රීසි විචාරකයා පවසන අකාරයට හොඳ කෙටිකතාවක තිබිය යුතු ලක්ෂණ මොනවා ද?
- සියල්ල අභිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක් තිබිය යුතු ය
- ඉස්මතු වී පෙනෙන එක් ප්‍රබල චරිතයක් තිබිය යුතු ය
- නිර්මාණකරුගේ පරිකල්පනයෙන් බිහි වන නිර්මාණයක් විය යුතු ය
- කථා වින්‍යාසයක් තිබිය යුතු ය
- කතාවේ සිද්ධි මාලාව එකට කැටි වී තිබිය යුතු ය
- කතාවේ සංවිධානාත්මක බව තිබිය යුතු ය
- ධාරණාවේ ඒකීයත්වයක් තිබිය යුතු ය
Joseph Berg Esenwein විචාරයකයා කෙටි කතාවක ලක්ෂණ නොවන්නේ යැයි දක්වන ලද්දේ මොනවා ද?
- කෙටිකතාව සංක්ෂිප්ත නවකතාවක් නො වේ
- එය උපාඛ්‍යානයක් ද නොවේ
- එය කෙටුම්පතක් හෝ දළ සටහනක් හෝ නො වේ
- එය චරිත කථාවක් ද නො වේ
- එය හුදු චරිතාලේඛයක් ද නො වේ
- එය හුදු කතාන්දරයක් ද නො වේ
Joseph Berg Esenwein කෙටිකතාව සඳහා කර ඇති නිර්වචනය කුමක් ද?
“කෙටිකතාව වූ කලී අනෙක් සියලු සිද්ධීන් අභිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක් සහ ඉස්මතු වී පෙනෙන එක ප්‍රධාන චරිතයක් අනාවරණය කරන්නා වූ ද, එකට කැටි වී සිටින කථා වින්‍යාසයකින් යුක්ත වූ ද, මනා අවයව සංවිධානයක් ඇත්තා වූ ද, ඒකත්වයෙන් යුක්ත ධාරණාවක් ඇත්තා වූ ද කෙටි, කල්පිත ආඛ්‍යානයකි”
‘Techniques of Fiction Writing’ නම් ග්‍රන්ථයෙහි කතුවරයා කවු ද?
Leon Surmelian
සාර්ථක කෙටිකතාවක තිබිය යුතු ඒකීයත්වය පිළිබඳ Leon Surmelian නම් විචාරකයා සිය කෘතියෙහි දක්වා ඇත්තේ කුමක් ද?
“එක් සිද්ධියක් අනෙක් තැනකට දැමූ කල්හි හෝ ඉවත් කළ කල්හි හෝ, කතාවේ ඒකීයභාවය හෝ පරිසමාප්තිය වන පරිද්දෙන් කථා වින්‍යාසයේ අවයව සංස්ථානය සිද්ධ කළ මනා ය. යම් සිද්ධියක් ඇතුළු වීම හෝ නො වීම හේතු කොට ගෙන, කතාවේ ප්‍රකට ලෙස වෙනසක් ඇති වන්නේ නම්, ඒ සිද්ධිය සමස්තයේ නියම ඉන්ද්‍රියයක් නො වන්නේ ය.”
කතාවක් ඉදිරිපත් කිරීමේ ක්‍රම දෙක කුමක් ද?
- කථනය (කතාන්දරයක ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම)
- රූපණය (පාඨකයාට කතාව දැන ගැනීමට සැලැස්වීම)
කෙටිකතාකරුවා අනුගමනය කළ යුත්තේ කථන ක්‍රමය ද? රූපණ ක්‍රමය ද?
රූපණ ක්‍රමය
නවකතාව යනු කුමක් ද?
කිසි යම් කතාවස්තුවක රාමුවක් තුළ සිදු වන අවස්ථාවන්ගේ සහ චරිතයන්ගේ නිරූපණයක් වන ගද්‍යමය ප්‍රබන්ධයකි
වර්තමාන නවකතාවේ මූලික ලක්ෂණ මොනවා ද?
- චරිත හා අවස්ථා නිරූපණය
- ප්‍රබන්ධ හෙවත් කල්පිත කතාන්දර ස්වරූපය
- ගද්‍ය ලේඛනයක් වීම
සංකල්පනාත්මක හෙවත් කල්පිත ප්‍රබන්ධකරණයේ අවස්ථා මොනවා ද?
- වීර කාව්‍ය
- ප්‍රේම කාව්‍ය
- නවකතා
වීර කාව්‍ය සඳහා උදහාරණ මොනවා ද?
- මහා භාරතය
- රාමායණය
- ඉලියඩ්
- ඔඩිසි
‘මහා භාරතය’ රචනා කළේ කවු ද?
ව්‍යාස ඍෂි
‘රාමායනය’ රචනා කළේ කවු ද?
වාල්මිකී ඍෂි
‘ඉලියඩ්’ සහ ‘ඔඩිසි’ යන මහා කාව්‍ය රචනා කළේ කවු ද?
ග්‍රීසියේ හෝමර්
ලතින් භාෂාවේ ‘Novellus’ යන වචනය ඉංග්‍රීසි භාෂාවට එක් වන්නේ කෙසේ ද?
Novel ලෙස
Giovanni Boccaccio ගේ ‘දිකැමරන්’ යන කෘතිය හඳුන්වන ලද්දේ කෙසේ ද?
‘Novella’ යන වදනින්
‘Novel’ යන පදය ඉංග්‍රීසි භාෂාවෙහි භාවිතයට පැමිණියේ කෙසේ ද?
Giovanni Boccaccio ගේ දිකැමරන් (Novella) කතන්දර ඉංග්‍රීසි භාෂාවට නැඟීමත් සමඟ
දශ කුමාර චරිතය රචනා කළේ කවු ද?
හයවැනි සියවසේ අග භාගයේ විසූ සංස්කෘත පඬිවරයෙකු වන ‘දණ්ඩීන්’
බොහෝ විද්වතුන් මුල් ම නවකතාව ලෙස සලකන්නේ කුමක් ද?
ගෙංජි කතාන්දරය
ගෙංජි කතාන්දරය ලිවුවේ කවු ද?
ජපන් කතුවරියක වන ‘මුරසකි ෂිකිබු’ ආර්‍යාව (11th century AD)
1935 දී ගෙංජි කතාන්දරය ඉංග්‍රීසියට නැඟුණේ කුමන නමින් ද?
‘The Tale of Genji’ යන නමින්
සිංහල පාඨකයන්ට නවකතාව පිළිබඳ දැන් ගැනීමට ලැබෙන්නේ කුමන සියවසේ ද?
19 වන සියවසේ
සිංහල නව කතාවේ වර්තමාන ස්වරූපයේ පුරෝගාමී ග්‍රන්ථය කුමක් ද?
‘මීනා’ කෘතිය
මීනා රචනා කරන්නේ කවු ද?
අලුත්ගමගේ සයිමන් ද සිල්වා, 1905
අලුත්ගමගේ සයිමන් ද සිල්වාගේ නවකතා මොනවා ද?
- මීනා (1905)
- තෙරීසා
- අපේ ආගම
‘මීනා’ ග්‍රන්ථය (1905) පළ වීමෙන් වසරකට පසු පළ වූ සුප්‍රසිද්ධ ග්‍රන්ථය කුමක් ද?
ජයතිස්ස සහ රොස්ලින්
ජයතිස්ස සහ රොස්ලින් නවකතාව රචනා කරන්නේ කවු ද?
පියදාස සිරිසේන
ඉංග්‍රීසි නවකතාවේ ආදි කර්තෘවරයා ලෙස සැලකෙන්නේ කවු ද?
Samuel Richardson
පියදාස සිරිසේනයන්ගේ දෙවන නවකතාව කුමක් ද?
අපට වෙච්ච දේ
පියදාස සිරිසේනයන් රචිත නවකතා මොනවා ද?
- ජයතිස්ස සහ රොස්ලින්
- අපට වෙච්ච දේ
- තරුණියකගේ ප්‍රේමය
- ඩිංගිරි මැණිකා
- මහේශ්වරී
- ඩෙබර කෙල්ල
- වලව්වක පළහිලව්ව
- විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
පියදාස සිරිසේනයන්ට සුළු කලකට පසු ව නවකතාකරණයට පිවිසෙන මීළඟ කතුවරයා කවු ද?
ඩබ්ලියු. ඒ. සිල්වා
ඩබ්ලියු. ඒ. සිල්වා මහතාගේ මුල් ම නවකතාව කුමක් ද?
සිරියලතා නොහොත් අනාථ තරුණිය (1909)
සිල්වා මහතා මුල් ම නවකතාව පළ කරන විට ඔහුගේ වයස කීය ද?
අවුරුදු 19 කි
ඩබ්ලියු. ඒ. සිල්වා මහතාගේ නවකතා මොනවා ද?
- සිරියලතා නොහොත් අනාථ තරුණිය
- ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජිණිය
- සුනේත්‍රා හෙවත් අවිචාර සමය
- කැලෑ හඳ
- හිඟන කොල්ලා
- දෛවයෝගය
- විජයබා කොල්ලය
- ජූලි හත
- රිදී හවඩිය
මාර්ටින් වික්‍රමසිංහ නවකතාකරණයට අවතීර්ණ වන්නේ කුමන කෘතියෙන් ද?
1914 දී රචනා කළ ‘ලීලා’ නම් කෘතියෙන්
‘ලීලා’ කෘතියේ අරමුණ වූයේ කුමක් ද?
ජනතාව අතර පැවති මිත්‍යා මත සහ ළාමක අදහස් මුලිනුපුටා දැමීමෙන්, සමාජයේ පැවැත්මට ද පාරම්පරික කුල ධර්මවලට ද හානි නො වන ආකාරයේ ප්‍රේම කතාවක් ගොඩනැගීම
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ප්‍රතිභාව නිරූපණය වන්නේ ඔහුගේ කුමන කෘතියෙන් ද?
1925 දී පළ වූ මිරිඟුව නවකතාවෙන්
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘මිරිඟුව’ නවකතාව මුලින් ම පළ වූ නම කුමක් ද?
මිරිඟු දිය
සිංහල නවකතාව කලාත්මක මඟකට ගත් ග්‍රන්ථය කුමක් ද?
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘ගම්පෙරළිය’
ගම්පෙරළිය ග්‍රන්ථයෙන් සිංහල නවකතාවට සිදු වූ සේවය කුමක් ද?
- නවකතාවේ විෂය පුළුල් කිරීම
- එය සියුම් කලාත්මක නිර්මාණයක් ලෙස අගය කිරීමට සැලැස්වීම
තුන් ඈඳුතු නවකතා මොනවා ද?
- ගම්පෙරළිය
- කලියුගය
- යුගාන්තය
මාර්ටින් වික්‍රමසිංහයන් පරිණාමවාදය පිළිබඳ දැරූ දාර්ශනික මත වාද නිර්මාණාත්මක ලෙස ප්‍රකාශ කරන ලද ග්‍රන්ථාවලිය කුමක් ද?
තුන් ඈඳුතු නවකතාව
මාර්ටින් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද, ‘අරවින්ද’ නම් චරිතය ඇතුළත් නවකතාව කුමක් ද?
විරාගය (1956)
විරාගය හා තරමක් දුරට සමාන සන්දර්භයක් සහිත ගුණදාස අමරසේකරයන් විසින් රචිත නවකතාව කුමක් ද?
කරුමක්කාරයෝ (1955)
කරුමක්කාරයෝ සහ විරාගය යන ග්‍රන්ථ අනුව යමින් ජීවිතය යථාවත් ව විවරණය කිරීමට ගත් අසාර්ථක වෑයම් සඳහා උදාහරණ මොනවා ද?
- කරුමක්කාරයෝ රචිත ගුණදාස අමරසේකරයන්ගේ ම තවත් ග්‍රන්ථයක් වන යළි උපන්නෙමි(1960)
- මඩවල එස්. රත්නායකගේ පානෙන් අඳුරට (1963)
සංස්කෘතික ගැටීම් නිරූපණය කරන නවකතා මොනවා ද?
- මළගිය ඇත්තෝ (1959)
- හෙවනැල්ල (1960)
- වල්මත් වී හසරක් නුදුටිමි (1962)
- අප්‍රසන්න කතාවක් (1963)
එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නවකතා මොනවා ද?
- මළගිය ඇත්තෝ
- මළවුන්ගේ අවුරුදු දා
- වල්මත් වී හසරක් නුදුටිමි
- හෙට එච්චර කළුවර නෑ
- විලාසිනියකගේ ප්‍රේමය නම් චම්පු කාව්‍යය
‘හෙවනැල්ල’ නවකතාව රචනා කරන්නේ කවු ද?
සිරි ගුනසිංහ
කේ. ජයතිලකයන්ගේ ග්‍රන්ථ මොනවා ද?
- අප්‍රසන්න කතාවක් (සංස්කෘතික ගැටුම)
- චරිත තුනක් (ලිංගිකත්වය මුසු කතා ප්‍රවාහය)
- පුංචිරාළ
- පුංචිරාළගේ මරණය
- මායා මාලිගා
- කාලෝ අයං තේ
- දෙලොවට නැති අය
- පරාජිතයෝ
- පිතාමහ
- රාජපක්ෂ වලව්ව
- මතු සම්බන්ධයි
ලිංගික ජීවිතය හා සම්බන්ධ නවකතා මොනවා ද?
- අක්කර පහ
- පෙත්සම
- අත්සන
- චරිත තුනක්
මඩවල එස්. රත්නායකයන්ගේ ග්‍රන්ථ මොනවා ද?
- අක්කර පහ (1959)
- පානෙන් අඳුරට (1963)
ලීල් ගුණසේකරයන්ගේ ග්‍රන්ථ මොනවා ද?
- පෙත්සම (1961)
- අත්සන (1963)
හැටේ දශකයේ දී සාහිත්‍යයට එක් වී සිංහල නවකතාවෙහි විෂය පථය පුළුල් කළ ග්‍රන්ථ මොනවා ද?
- කරුවල ගෙදර (1963)
- මේධා (1964)
- චාරුමුඛ
- වරදත්ත
- දෙලොවට නැති අය (1964)
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නව කතා මොනවා ද?
- ලීලා
- ගම්පෙරළිය
- කලියුගය
- යුගාන්තය
- මිරිඟුව
- විරාගය
- කරුවල ගෙදර
ජී. බී. සේනානායකයන්ගේ නවකතා මොනවා ද?
- මේධා
- චාරුමුඛ
- වරදත්ත
- විඳිමි
- රුව
- දැල් කවුළුව
- අවරගිර
- රළබිඳුම
- කැකෑරිල්ල
- මළ පුඩුව
- ජල ගැල්ම
- බැඳුම
- උරගල
- මධුපාණී
- කෙලෙස් සයුර
- එකට එක
නූතන සිංහල කවියේ ආරම්භය විස්තර කරන්න
- විදේශීය බලපෑම හා පුද්ගල ආත්ම සංවර්ධනය, දේශානුරාගයෙන් භරිත ජනතාවක් බිහි කිරීම වැනි තත්කාලීන දේශපාලනික, සමාජයීය, සංස්කෘතික අවශ්‍යතා මුල් කරගෙන 19 වන සියවසේ අග භාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ දී පමණ නූතන සිංහල කවියේ ආරම්භය සිදු විය.
සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යයේ දැකිය හැකි ලක්ෂණ මොනවා ද?
- ආගමික මුහුණුවර
- පූර්ව නිශ්චිත කාව්‍ය ආකෘතිය
- භාෂාව හා අලංකාර භාවිතයෙහි වූ නියමයන්
සම්භාව්‍ය සිංහල කවියෙහි ලක්ෂණ නූතන සිංහල කවියේ දී වෙනස්වීම්වලට ලක් වූ ආකාරය පැහැදිලි කරන්න.
- කවියේ ආගමික මුහුණුවර ඉවත් වී, පොදු ජනයාගේ ලෞකික අත්දැකීම් සහ හැඟීම් ප්‍රතිනිර්මාණය සඳහා භාවිත කිරීම
- සම්භාව්‍ය කවියේ වූ විදග්ධ භාවය ක්‍රමයෙන් එදිනෙදා භාවිත වන ව්‍යවහාරික භාෂාවට සමීප වීම
- භාෂාව හා අලංකාර භාවිතයෙහි වූ නියමයන් වෙනුවට පොදු ජන සුඛාවබෝධය හා අරමුණු සාධනය උදෙසා වූ අලංකාර හා රීතීන් භාවිතයට ගැනීම
නූතන කවියේ ප්‍රථම භාගය නිරූපණය කරන කවීන් කවු ද?
- පියදාස සිරිසේන
- ආනන්ද රාජකරුණා
- ජී. එච්. පෙරේරා
- එස්. මහින්ද හිමි
නූතන කවියේ ප්‍රථම භාගයේ පරමාර්ථය වූයේ කුමක් ද?
යටත් විජිතකරණ මානසිකත්වයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා ජාත්‍යානුරාගය වඩවන කාව්‍ය කිරීම
නූතන කවියේ දෙවෙනි භාගය නියෝජනය කරන කවීන් කවු ද?
- සාගර පලන්සූරිය
- විමලරත්න කුමාරගම
- පී. බී. අල්විස් පෙරේරා
- බී. එච්. අමරසේන
- මීමන ප්‍රේමතිලක
- එච්. එම්. කුඩලිගම
- ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
දෙවන යුගයේ කවියෙහි වූ විශේෂ ලක්ෂණ මොනවා ද?
- වස්තු විෂය විවිධ වීම
- සරල, සුගම භාෂාව
- භාව ගෝචර උපමා හා රූපක භාවිතය
- *ස්ත්‍රී පුරුෂ ප්‍රේමය සෞන්දර්‍යයාත්මක ව නිරූපණය
- පුද්ගල හා සමාජ අත්දැකීම් මානව දයාවෙන් යුක්තව ප්‍රතිනිර්මාණය කිරීම*
හෙළ හවුල යනු කුමක් ද?
කුමාරතුංග මුනිදාසයන් විසින් පිහිටුවන ලද ව්‍යාකරණ ශාස්ත්‍රය සම්බන්ධ දැඩිමතධාරී ගුරු කුලයකි
හෙළ හවුලට අයත් කවීන් නම් කරන්න
- කුමාරතුංග මුනිදාස
- අරිසෙන් අහුබුදු
- රැයිපියල් තෙන්නකෝන්
සිංහල කවියට ‘නිදහස් පද්‍ය ආකෘතිය’ හඳුන්වා දුන්නේ කවු ද?
ජී. බී. සේනානායක
ජී. බී. සේනානායකයන් නිසඳැස් කාවය ආකෘතිය හඳුන්වා දුන්නේ කෙසේ ද?
1948 දී නිකුත් වූ ඔහුගේ කෙටි කතා සංග්‍රහයක් වන ‘පලි ගැනීම’ නම් කෘතියට අන්තර්ගත කළ ගද්‍යත් පද්‍යත් අතර රචනා විශේෂයක් ලෙස
‘මස් ලේ නැති ඇට’ (1956) ග්‍රන්ථය රචනා කළේ කවු ද?
සිරි ගුණසිංහ
සිරි ගුනසිංහයන් නිස්ඳැස් කාව්‍ය හඳුන්වන්නේ කෙසේ ද?
බුද්ධි ගෝචර කාව්‍ය ලෙස
“කවියෙහි ඇත්තේ බුද්ධියෙන් ග්‍රහණය කර ගත යුතු හැඟීම් හා අදහස් ය”
නූතනය දක්වා සිංහල කවිය රැගෙන ඒමට පුරෝගාමී වූ කවීන් ලෙස හැඳින්විය හැකි පුද්ගලයන් කවු ද?
- ගුණදාස අමරසේකර
- මහගම සේකර
මහගම සේකරයන් අනුගමනය කළ පසුකාලීන කවියන් කවු ද?
- රත්න ශ්‍රී විජේසිංහ
- දයාසේන ගුණසිංහ
- පරාක්‍රම කොඩිතුවක්කු
- මොනිකා රුවන්පතිරණ
නූතනයෙහි කාව්‍යකරණයෙහි යෙදුණ කවියන් හා කිවිඳියන් කවු ද?
- නන්දන වීරසිංහ
- යමුනා මාලිනී පෙරේරා
- එරික් ඉලයප් ආරච්චි
වර්තමානයේ කාව්‍යකරණයේ යෙදෙන තරුණ කවීන් නම් කරන්න
- ලක්ශාන්ත අතුකෝරළ
- මංජුල වෙඩිවර්ධන
- මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
- සුහර්ෂණී ධර්මරත්න