බලය Flashcards
ලක්ෂාකාර වස්තූන් වල බල දෙකක් යටතේ සමතුලිත වීමට එම බල
දෙක,
-විශාලත්වයෙන් සමාන විය යුතුය.
-දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුය.
ලක්ෂාකාර වස්තුවක් බල තුනක් යටතේ සමතුලිත වීමට එම බල තුනෙන්
ඕනෑම බල දෙකක සම්ප්‍රයුක්ත බලය ඉතිරි බලයට,
-විශාලත්වයෙන් සමාන චිය යුතුයි.
-දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි.
දෘස වස්තුවක් බල දෙකක් යටතේ ‘සමතුලිත වීමට නම් එම බල දෙක,
-විශාලත්වයෙන් සමාන විය යුතුයි.
-දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි.
-එකම ක්‍රියා රේඛාවේ පිහිටිය යුතුයි.
දෘස වස්තුවක් බල තුනක් යටතේ සමතුලිත වීමට ඕනෑම බල දෙකක සම්ප්‍රයුක්ත බලය ඉතිරි බලයට,
-විශාලත්වයෙන් සමාන විය යුතුය.
-දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුය.
-එකම ක්‍රියා රේඛාවේ පිහිටිය යුතුය.
දෘස වස්තුවක් යනු _______________________ වස්තූන් වේ.
බාහිර බල හේතුවෙන් හැඩය හා පරිමාව වෙනස්
නොවන
බලය යොදන දුර වැඩිකර යොදන බලය අඩු කරගනිමින් ඝූර්ණ
ප්‍රයෝජනයට ගනු ලබන අවස්ථා,
-අසව් දොරක ඇරීම සහ වැසීම.
-වාහන රෝදයක මුරිච්චිය ගැලවීම.
-නල ළිදකින් වතුර ගැනීමට හැඬලය භාවිතා කිරීම.
බල යුග්මය යනු
විශාලත්වයෙන් සමාන වූ ද දිශාවෙන් ප්‍රතිචිරැද්ධ වූ ද එකම ක්‍රියා රේඛාවේ
නොපිහිටන බල දෙකක් බල යුග්මයක් ලෙස හැඳින්වේ.
ඝූර්ණ මූලධර්මය යනු
සමතුලිතතාවය පවතින බල පද්ධතියක ඕනෑමක ලක්ෂයක් වටා බලයන්ගේ පූර්ණවල වීජීය ඓක්‍ය ශුන්‍ය වේ
බල ඝූර්ණය යනු
යම් ලක්ෂයක් හෝ අක්ෂයක් වටා බලයක ඝූර්ණය යනු, බලයේත් ඝූර්ණය
ගන්නා ලක්ෂයේ/ අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බ දුරහිත්
ගුණිතය වේ.
ස්ථිතික ඝර්ෂණ බලය යනු
වස්තුවක් චලනය වීමට පෙර ක්‍රියා කරන ඝර්ෂණ බලයයි.
සීමාකාරී ඝර්ෂණ බලය යනු
වස්තුවට ලබාදෙන උපරිම ඝර්ෂණ බලයයි.
ගතික ඝර්ෂණ බලය යනු
වස්තුව චලනය වන විට වස්තුව මත ඇතිවන ඝර්ෂණ බලයයි.
ගුරුත්ව කේන්ද්‍රය යනු
යම් වස්තුවක බල ක්‍රියා කරන ලක්ෂය එම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය වේ
නිවුටන්ගේ දෙවන නියමය
වස්තුවක ඇතිවන ත්වරණය එම වස්තුව මත යොදන බාහිර බලයට අනුලෝමව සමානුපාතික වන අතර එම වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.
නිව්ටන්ගේ තෙවන නියමය
සෑම ක්‍රියාවකටම ඊට සමාන වූ ද ප්‍රතිවිරුද්ධ චූ ද ප්‍රතික්‍රියාවක් ඇත.
ගම්‍යතාව යනු
චලනය වන ස්කන්ධයක චලිත ස්වභාවය වෙනස් කිරීමේ පහසු හෝ
අපහසුතාව තීරණය කරන ගුණය ගම්‍යතාව නම් වේ.
බල විභේදනය
යම් බලයක් එකිනෙකට ලම්බක දිශා දෙකක් ඔස්සේ බෙදා ප්‍රකාශ කිරීම
බල විභේදනයයි.
බලය යනු
වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්නා වූ හෝ එසේ කිරීමට පොළඹවන්නා වූ බාහිර කාරකයක් වේ.
නිව්ටන්ගෙ පළමු නියමය
අසංතුලිත බාහිර බලයක් ක්‍රියා කරන තුරු නිශ්චලතාවය පවතින වස්තුවක් නිශ්චලතාවයම පවතින අතර ඒකාකාරී ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක් ඒකාකාරී ප්‍රවේගයෙන්ම චලනය වේ
බලය ______ රාශියක් වන අතර එයට _________ හා _______ පවතී
දෛශික
විශාලත්වයක්
දිශාවක් පවතී