08. ආයෝජනය Flashcards
ආයෝජනය යනු කුමක් ද?
පුද්ගලයෙක් තමා උපයන ආදායමෙන් ඉතිරි කර ගත් මුදල් ප්‍රමාණයක් යම් ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ඵලදායී මාර්ගයක යෙදවීම
ආයෝජන මාර්ග තෝරා ගැනීමේ දී බලපාන සාධක මොනවා ද?
- ආයෝජන අරමුණ
- ආයෝජනයෙහි අවධානම
- ආයෝජනයෙහි ප්‍රතිලාභ
විවිධ ආයෝජන මාර්ග මොනවා ද?
- ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීම
- ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම
- දේපළ මිල දී ගැනීම
- කොටස්වල ආයෝජනය කිරීම
- භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය
- තමාගේ ම ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම
ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?
- තැන්පතු සඳහා පොලී ආදායමක් හිමි වීම
- ත්‍යාග හෝ ලොතරැයි දිනුම් ඇදීම මගින් අමතර ප්‍රතිලාභ ලැබිය හැකි වීම
ආයෝජන මාර්ගයක් ලෙස ස්ථාවර තැන්පතුවක මුදල් තැන්පත් කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?
- ඉතුරුම් ගිණුමකට සාපේක්ෂ ව ඉහළ පොලියක් හිමිවීම
- කල් පිරුණු පසු හෝ ඊට පෙර අවශ්‍ය නම් මුදල් ආපසු ලබා ගත හැකි වීම
- ස්ථාවර තැන්පතු සහතිකය ඇපයට තබා ණය මුදලක් ලබා ගත හැකි වීම
- සුරක්ෂිත ආයෝජන මාර්ගයක් වීම
ආයෝජන මාර්ගයක් ලෙස දේපළ මිල දී ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?
- ස්ථාවර වත්කම් හිමිකරුවෙක් වීම නිසා දේපළ පරිහරණය කළ හැකි වීම
- දේපළ බද්දට හෝ කුලියට දීමෙන් ආදායම් ඉපැයීමට හැකි වීම
- මුදල් අවශ්‍යතාවක් ඇති වුවහොත් දේපළ විකුණා මුදල් ලබා ගත හැකි වීම
- මිල දී ගත් මුදලට ලබා වැඩි මුදලකට විකිණීමෙන් ප්‍රාග්ධන ලාභ ලබා ගත හැකි වීම
- ණය ලබා ගැනීමේ දී ඇප සුරැකුම්පත් ලෙස ඉදිරිපත් කළ හැකි වීම
සාමාන්‍ය කොටස්වල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?
- මිල දී ගත් කොටස් සඳහා ලාභාංශ ආදායම් ලැබිය හැකි වීම
- ගත් මිලට වඩා වැඩි වටිනාකමකට විකිණීමෙන් ප්‍රාග්ධන ලාභ උපයා ගත හැකි වීම
- ඕනෑ ම අවස්ථාවක සාමාන්‍ය කොටස් අලෙවි කර මුදල් ලබා ගැනීමට හැකි වීම
- ණය ලබා ගැනීමේ දී ඇප සුරැකුම්පත් ලෙස ඉදිරිපත් කළ හැකි වීම
- ඡන්දය භාවිත කර අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ හැකියාව
- අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වීම මගින් සමාගම සම්බන්ධ තීරණ ගැනීමට දායක වීම
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මෙහෙයවන ආයතනය කුමක් ද?
කොළඹ කොටස් හුවමාරුව CSE
කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු අධීක්ෂණය සහ විධිමත් කිරීම සඳහා පිහිටුවා ඇති ආයතනය කුමක් ද?
ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව
ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ අරමුණ කුමක් ද?
ආයෝජකයන් ආරක්ෂා කිරීම සඳහා කොටස් වෙළෙඳපොළ කටයුතු විධිමත් ව හා සාධාරණ ව පවත්වා ගෙන යාම
භාණ්ඩාගාර බිල්පත් යනු මොනවා ද?
රජයේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන කෙටි කාලීන සුරැකුම්පත් විශේෂයකි
භාණ්ඩාගාර බිල්පත් සඳහා බොහෝ විට ප්‍රාථමික වෙළෙන්දන් ලෙස කටයුතු කරන්නේ කවු ද?
වාණිජ බැංකු
භාණ්ඩාගාර බිල්පත් පරිණත වන කාල මොනවා ද?
- මාස 03
- මාස 06
- මාස 12
Typically less than a year
භාණ්ඩාගාර බිලපත්වල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?
- ස්ථාවර ප්‍රතිශතයක් යටතේ පොලී ආදායමක් ලබා ගත හැකි වීම
- ඕනෑ ම අවස්ථාවක මුදල් බවට පත් කළ හැකි වීම
- ආයෝජනය කළ පසු මුදල ආපසු ලැබීම සම්බන්ධයෙන් පූර්ණ රාජ්‍ය ආරක්ෂාව හිමි වීම