01. ව්‍යාපාර පසුබිම Flashcards
භාණ්ඩ අතිරික්තය අනෙකුත් පුද්ගලයන් සමග හුවමාරු කර ගනිමින් අවශ්‍ය අනෙකුත් භාණ්ඩ ලබා ගැනීමේ ක්‍රමය හඳුන්වන නම කුමක් ද?
බාටර් ක්‍රමය
ව්‍යාපාරයක් යනු කුමක් ද?
මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තකි
ව්‍යාපාර හා ගනුදෙනු කිරීමේ දී පාරිභෝගිකයාගේ අරමුණු මොනවා ද?
- තත්ත්වයෙන් උසස් නිෂ්පාදනයක් සාධාරණ මිලට ලබා ගැනීම
ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල අරමුණු මොනවා ද?
- ලාභ ඉපැයීම
- පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම
ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල ඉලක්ක මොනවා ද?
- භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම
- රැකියා උත්පාදනය
- සේවක සුභ සාධනය
අවශ්‍යතා යනු මොනවා ද?
ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්‍යයෙන් සපුරා ගත යුතු දෑ
මූලික මිනිස් අවශ්‍යතා මොනවා ද?
- ආහාර
- නිවාස
- ඇඳුම්
මූලික මිනිස් අවශ්‍යතාවන්ට අමතර ව වර්තමාන සමාජයේ දැකිය හැකි වෙනත් අවශ්‍යතා මොනවා ද?
- අධ්‍යාපනය
- සෞඛ්‍යය
- ආරක්ෂාව
- ප්‍රවාහනය
- සන්නිවේදනය
- විනෝදය
අවශ්‍යතාවල ලක්ෂණ මොනවා ද?
- අත්‍යවශ්‍ය වීම
- පොදු වීම
- නිර්මාණය කළ නො හැකි වීම
- සීමිත වීම
වුවමනා යනු කුමක් ද?
මිනිසා අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර වේ
වුවමනාවල ලක්ෂණ මොනවා ද?
- අත්‍යවශ්‍ය නො වීම
- විවිධ වීම
- නිර්මාණය කළ හැකි වීම
- සංකීර්ණ වීම
- අසීමිත වීම
නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග කර දැක්වෙන කොටස් මොනවා ද?
- භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර
- සේවා සැපයීමේ ව්‍යාපාර
ව්‍යාපාර වෙළෙඳ භාණ්ඩ වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ දී සලකා බලන කරුණු මොනවා ද?
- පාරිභෝගිකයන්ගේ රුචිකත්වය
- පාරිභෝගිකයන්ගේ ආදායම් මට්ටම
- පාරිභෝගිකයන්ගේ සමාජ තත්ත්වය
සේවා සැපයීමේ ව්‍යාපාර සඳහා උදාහරණ මොනවා ද?
- වෙළෙඳ ආයතන
- රූපලාවණ්‍ය ආයතන
- අධ්‍යපන ආයත
- රක්ෂණ ආයතන
- බැංකු ආයතන
සේවාවක් යනු කුමක් ද?
ව්‍යාපාරයක් විසින් පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා පාරිභෝගිකයන් වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් වේ
භාණ්ඩ යනු මොනවා ද?
ස්පර්ෂ කළ හැකි භෞතික පැවැත්මක් ඇති දේ
නිෂ්පාදන සාධක යනු කුමක් ද?
භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපාරවලට අවශ්‍යවන සම්පත්
මූලික නිෂ්පාදන සාධක නම් කරන්න
- භූමිය
- ශ්‍රමය
- ප්‍රාග්ධනය
- ව්‍යවසාය
භූමිය යන කොටසට අයත් වන නිෂ්පාදන සාධක මොනවා ද?
- ස්වභාවධර්මයෙන් ලැබී ඇති සියලු සම්පත්
ව්‍යාපාරයක නිෂ්පාදන සාධක අතුරින් ශ්‍රමය ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
ව්‍යාපාරය සඳහා යෙදවෙන කායික, මානසික දායකත්වය
නිෂ්පාදන සාධක අතරින් ප්‍රාග්ධනය ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
නිෂ්පාදනයේ දී ආධාර කර ගන්නා මිනිසා විසින් සකස් කරන ලද දේ
ව්‍යවසාය යනු කුමක් ද?
නිෂ්පාදනය සඳහා අවශ්‍ය භූමිය, ශ්‍රමය හා ප්‍රාග්ධනය වැනි නිෂ්පාදන සාධක සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වා ගෙන යාම
ව්‍යාපාරයක ඇල්මැති පාර්ශව යනු කවු ද?
ව්‍යාපාරයක කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශව
ව්‍යාපාරයක විවිධ ඇල්මැති පාර්ශව කරන්න
- අයිතිකරුවෝ
- කළමනාකරුවෝ
- සේවකයෝ
- ගනුදෙනුකරුවෝ
- සැපයුම්කරුවෝ
- තරගකරුවෝ
- මූල්‍ය ආයතන
- රජය
- ප්‍රජාව
- අනාගත ආයෝජකයෝ
ව්‍යාපාරයක තරඟකරුවන් ලෙස හැඳින්වෙන්නේ කවු ද?
යම් ව්‍යාපාරයක නිෂ්පාදනය කරන නිෂ්පාදිතවලට සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ අලෙවි කිරීම සිදු කරන්නෝ
ව්‍යාපාරවල ඇල්මැති පාර්ශවවල අරමුණු දක්වන්න
- අයිතිකරුවෝ
- ආයෝජනයේ සුරක්ෂිතතාව
- ප්‍රමාණවත් ලාභයක් ලැබීම
- ව්‍යාපාරයේ අනාගත සංවර්ධනය
- කළමනාකරුවෝ
- ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය කළමනාකරණ තීරණ ගැනීම හා එම තීරණ ක්‍රියාත්මක කිරීම
- රැකියා වර්ධනය හා රැකියා තෘප්තිය
- සේවකයෝ
- සාධාරණ වැටුප් ලබා ගැනීම
- රැකියා සුරක්ෂිතතාව
- ගනුදෙනුකරුවෝ
- නිෂ්පාදිත සාධාරණ මිලට ලබා ගැනීම
- ගුණාත්මක නිෂ්පාදිත ලබා ගැනීම
- සැපයුම්කරුවෝ
- අඛණ්ඩ ව ඇණවුම් ලබා ගැනීම
- නිසි පරිදි මුදල් ලබා ගැනීම
- මූල්‍ය ආයතන
- දෙන ලද ණය අයකර ගැනීම
- තව දුරටත් ණය සැපයීම
- රජය
- ලැබිය යුතු බදු ආදායම් නිසි ලෙස ලබා ගැනීම
- රැකියා අවස්ථා උත්පාදනය කිරීම
- ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ගැනීම
- තරගකරුවෝ
- තම නිෂ්පාදිතවල මිල තීරණය කිරීම
- තරගයට මුහුණ දීම
- ප්‍රජාව
- පරිසර හිතකාමී ව ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යන්නේ දැයි විමසා බැලීම
- සමාජ සුභ සාධනයට දායක වන්නේ දැයි විමසා බැලීම
- අනාගත ආයෝජකයෝ
- ආයෝජන පිළිබඳ තීරණ ගැනීම සඳහා
ඇල්මැති පාර්ශව මගින් ව්‍යාපාර අපේක්ෂිත දායකත්වය සඳහා උදාහරණ මොනවා ද?
- අයිතිකරුවෝ
- ප්‍රමාණවත් ප්‍රාග්ධන දායකත්වයක් ලබා දීම
- ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුව හා කැපවීම
- ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය
- කළමනාකරුවෝ
- ව්‍යාපාර සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම
- නිවැරදි තීරණ ගැනීම
- සේවකයෝ
- පවරන ලද කාර්‍යය නිසි ලෙස ඉටු කිරීම
- ශ්‍රම ඵලදායීතාව වැඩි කිරීම
- සැපයුම්කරුවෝ
- ගුණාත්මක අමුද්‍රව්‍ය දිගින් දිගට ම සැපයීම
- කලට වේලාවට අමුද්‍රව්‍ය සැපයීම
- රජය
- ව්‍යාපාර සඳහා හිතකර විවිධ දිරි ගැන්වීම් ලබා දීම