02. කළමනාකරණය Flashcards
කළමනාකරණය යන්න හඳුන්වන්න
ව්‍යාපාර අරමුණක් සඵලදායී ව ඉටු කර ගැනීම සඳහා, පවතින සම්පත් කාර්‍යක්ෂම ව යොදා ගනිමින් එම ව්‍යාපාරය සැලසුම් කිරීමේ, සංවිධානය කිරීමේ, මෙහෙයවීමේ සහ පාලනය කිරීමේ ක්‍රියාවලිය
සඵලදායකත්වය යනු කුමක් ද?
ව්‍යාපාර අරමුණු අපේක්ෂිත අයුරින් ඉටු කර ගැනීම
කාර්‍යක්ෂමතාව යනු කුමක් ද?
අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි සම්පත් භාවිත කිරීම
ප්‍රධාන කළමනාකරණ ක්‍රියාවලි මොනවා ද?
- සැලසුම්කරණය
- සංවිධානකරණය
- මෙහෙයවීම
- පාලනය
සැලසුම්කරණය යනු කුමක් ද?
ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම සහ අරමුණු ඉටු කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම
සංවිධානකරණය යනු කුමක් ද?
ව්‍යාපාරයක අරමුණු මුදුන් පමුණුවා ගැනීමට සැලසුම් කරන ලද ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය, සම්පත්, තනතුරු හා වැඩ බෙදා හැරීමේ ක්‍රියාවලිය
මෙහෙයවීම යනු කුමක් ද?
සැලසුම් කරන ලද ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමේ දී ව්‍යාපාරයේ මානව සම්පත් නිසි ලෙස හැසිරවීමේ ක්‍රියාවලිය
පාලනය යනු කුමක් ද?
ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කළ ආකාරයෙන් ම සිදු වේ දැයි සොයා බැලීම හා එසේ නොවන්නේ නම් අඩුපාඩු හඳුනා ගෙන ඒවා නිවැරදි කිරීම සම්බන්ධ ක්‍රියාවලිය