02. ව්‍යාපාර පරිසරය Flashcards
ව්‍යාපාර පරිසරය යනු කුමක් ද?
ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමේ දී ඊට බලපෑම් කරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටාව
ව්‍යාපාර පරිසරය වර්ග කරන ප්‍රධාන කොටස් දෙක මොනවා ද?
- අභ්‍යන්තර පරිසරය
- බාහිර පරිසරය
ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය යනු කුමක් ද?
ව්‍යපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන, ව්‍යාපාරය තුළ ක්‍රියාත්මක වන විවිධ පාර්ශව සහ ව්‍යාපාරය තුළ පවතින අනෙකුත් සාධක
ව්‍යාපාරයක බාහිර පරිසරය යනු කුමක් ද?
ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන, ව්‍යාපාරයෙන් පරිබාහිර ව ක්‍රියාත්මක වන පාර්ශව සහ බලවේග
ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයට අයත් වන පාර්ශව මොනවා ද?
- අයිතිකරුවෝ
- කළමනාකරුවෝ
- සේවකයෝ
ව්‍යාපාරයක බාහිර පරිසරයට අයත් වන පාර්ශව සහ සාධක මොනවා ද?
- ගනුදෙනුකරුවෝ
- සැපයුම්කරුවෝ
- තරගකරුවෝ
- දේශපාලන පරිසරය
- නෛතික පරිසරය
- තාක්ෂණික පරිසරය
- ආර්ථික පරිසරය
- ගෝලීය පරිසරය
තරගකරුවන් ලෙස හැඳින්වෙන්නේ කවු ද?
යම් ව්‍යාපාරයක් විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදිතවලට සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ අලෙවි කිරීම සිදුකරන්නන්
දේශපාලන පරිසරය යනු කුමක් ද?
යම් රටක රජය විසින් ආර්ථික කටයුතු මෙහෙයවීමේ දී අනුගමනය කරන ප්‍රතිපත්ති
දේශපාලන පරිසරයට අයත් සාධක සඳහා උදාහරණ මොනවා ද?
- යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති
- අයවැය ප්‍රතිපත්ති
නෛතික පරිසරය යනු කුමක් ද?
පාරිභෝගිකයන්, දේශීය නිෂ්පාදකයන්, ව්‍යාපාරික ප්‍රජාව සහ පරිසරය ආරක්ෂා කිරීම සඳහා සම්මත අණපනත් හා නීති රීති
නෛතික පරිසරයට අයත් වන අණපනත් සඳහා නිදසුන් මොනවා ද?
- 2007 අංක 07 දරන සමාගම් පනත
- 2003 අංක 09 දරන පාර්භෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත
- 1954 අංක 14 දරන සාප්පු හා කාර්‍යයාල සේවක පනත
නීතිරීති ක්‍රියාත්මක කිරීම සඳහා පනවා ඇති තනතුරු සහ ආයතන මොනවා ද?
- මහජන සෞඛ්‍ය පරීක්ෂක
- සමාගම් රෙජිස්ට්‍රාවරයා
- පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
- මධ්‍යම පරිසර අධිකාරිය
- කම්කරු විනිශ්චය සභා
ආර්ථික පරිසරය යනු කුමක් ද?
ව්‍යාපාර කෙරෙහි බලපාන ආර්ථික සාධක ඇතුළත් පරිසරය වේ
රටක ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීමේ දී ප්‍රධාන වශයෙන් එයට මැදිහත් වන්නේ කුමක් ද?
රජය
ව්‍යාපාරයකට බලපාන ආර්ථික සාධක ලියා දක්වන්න
- පොලී අනුපාතය
- උද්ධමනය
- ආදායම් ව්‍යාප්තිය
- රැකියා නියුක්තිය
- ජාත්‍යන්තර සබඳතා
- විදේශ විනිමය අනුපාතය
- ඉතුරුම්
පොලී අනුපාතය ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
බැංකු තැන්පතු සඳහා ලබා දෙන සහ බැංකු ණය සඳහා අය කරන පොලී අනුපාතය
උද්ධමනය යනු කුමක් ද?
භාණ්ඩ හා සේවා අලෙවියේ දී තීරණය වන පොදු මිල ගණන් අඛණ්ඩ ව ඉහළ යාම
රටක ජාතික ආදායම එරට ජනතාව අතර බෙදී ගොස් ඇති ආකාරය හඳුන්වන නම කුමක් ද?
ආදායම් ව්‍යාප්තිය
පූර්ණ රැකියා නියුක්තිය යනු කුමක් ද?
රටක රැකියා අපේක්ෂා කරන සියලු දෙනා ම රැකියාවක නිරත වීම
ජාත්‍යන්තර සබඳතා ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
- රටක් තවත් රටක් සමග පවත්වන සබඳතා වේ
- වෙළෙඳ කලාප, වෙළෙඳ ගිවිසුම් ආදිය මගින් මෙවැනි සබඳතා ඇති වේ
විදේශ විනිමය අනුපාතය යනු කුමක් ද?
යම් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය
ගෝලීයකරණය යනු කුමක් ද?
ලෝකයේ රටවල් අතර ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් ඇති අන්‍යෝන්‍ය බැඳීම
දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන හිතකර බලපෑම් මොනවා ද?
- විදේශීය ප්‍රාග්ධනය රට තුළට ගලා ඒම
- දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශ වෙළඳපල ලබා ගත හැකි වීම
- ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබා ගත හැකි වීම
- කාර්‍යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලබා ගත හැකි වීම
- නවීන තාක්ෂණය ලබා ගත හැකි වීම
දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් ඇති වන අහිතකර බලපෑම් මොනවා ද?
- දේශීය පුහුණු ශ්‍රමය විදේශවලට ඇදී යාම
- දැඩි තරගකාරිත්වයකට මුහුණ දීමට සිදු වීම
- දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවර වීම
- දේශීය සංස්කෘතියේ අයහපත් වෙනස්කම් ඇති වීම
ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය අධ්‍යනය කිරීමෙන් හඳුනා ගත බලපෑම් බෙදෙන කොටස් දෙක කුමක් ද?
- ශක්ති
- දුර්වලතා
ව්‍යාපාරයක බාහිර පරිසරය අධ්‍යනය කිරීමෙන් හඳුනා ගත බලපෑම් බෙදෙන කොටස් දෙක කුමක් ද?
- අවස්ථා
- තර්ජන
ව්‍යාපාරයක ශක්තීන් සඳහා උදාහරණ මොනවා ද?
- ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම
- කළමනාකරුවන්ගේ අත්දැකීම්
- සේවකයන්ගේ විශේෂිත දැනුම හා කැපවීම
- සුවිශේෂී නිෂ්පාදන ක්‍රම
- පිළිගත් සන්නම් නාමයක් තිබීම
ව්‍යාපාරයක දුර්වලතා සඳහා උදාහරණ මොනවා ද?
- අයිතිකරුවන්ගේ මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නො වීම
- පුහුණු සේවකයන්ගේ හිඟය
- තාක්ෂණික දැනුම යාවත්කාලීන නො වීම
- සේවකයන්ගේ අයහපත් ආකල්ප
- ව්‍යාපාරයේ භූගෝලීය පිහිටීම නුසුදුසු වීම*
ව්‍යාපාරයක අවස්ථා සඳහා උදාහරණ මොනවා ද?
- පාරිභෝහිකයන්ගේ ජීවන රටාව වෙනස් වීම
- රජය විසින් අඩු පොළී ණය ක්‍රම හඳුන්වා දීම
- ව්‍යාපාර සඳහා බදු සහන ලබා දීම
- නව නගර නිර්මාණය
- අධිවේගී මාර්ග ඉදි කිරීම
ව්‍යාපාරයකට ඇති විය හැකි තර්ජන සඳහා නිදසුන් මොනවා ද?
- ස්වභාවික ආපදා
- තරගකරුවන් බිහි වීම
- නව තාක්ෂණික ක්‍රම සඳහා අනුගත වීම දුෂ්කර වීම
- ජාත්‍යන්තර වෙළෙඳ සම්බාධක පැනවීම