03. අලෙවිකරණය Flashcards
අලෙවිකරණය යනු කුමක් ද?
මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමින් යුත් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේ සහ පිළිගැන්වීමේ කියාවලිය
අලෙවිකරණයට අයත් කටයුතු මොනවා ද?
- මිනිස් අවශ්‍යතා හා වුවමනා වඩාත් තෘප්තිමත් කළ හැකි භාණ්ඩයක් හෝ සේවාවක් නිර්මාණය කිරීම
- භාණ්ඩය හෝ සේවාව ආකර්ෂණීය ලෙස පාරිභෝගිකයන්ට හඳුන්වා දීම
- සාධාරණ මිලක් ලකුණු කිරීම
- වඩාත් සරල හා යෝග්‍ය පරිදි භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයා අතට පත් කරලීම
- භාණ්ඩය හෝ සේවාව පිළිබඳ පාරිභෝගික ප්‍රතිචාර සොයා බැලීම හා අලෙවියෙන් පසු අවශ්‍ය සේවා සැපයීම
වෙළෙඳපොළක් යන්න හඳුන්වන්න
ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් හමුවන ඕනෑ ම ස්ථානයක්
ඉලක්ක වෙළෙඳපොළ යනු කුමක් ද?
ව්‍යාපාරයකට, වඩාත් ආකර්ෂණීය ලෙස මෙන් ම ලාභදායී ව තෘප්තිමත් කළ හැකි පාර්භෝගිකයන්ගෙන් සමන්විත වෙළෙඳපළ කොටස හෙවත් පාරිභෝගික කොටස
අලෙවිකරණ මිශ්රය යනු කුමක් ද?
ඉලක්ක වෙළෙඳපොළ තුළ ව්‍යාපාරයේ අලෙවිකරණ පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා උපයෝගී කරගන්නා විචල්‍යන් සමූහයකි
අලෙවිකරණ මිශ්රයට අයත් කොටස් නම් කරන්න
- නිෂ්පාදිතය
- මිල
- ස්ථානය
- ප්‍රවර්ධනය
4Ps
අලෙවිකරණ මිශ්‍රයේ නිෂ්පාදිතයට අදාළ අයිතම මොනවා ද?
- ගුණත්වය
- අංගෝපාංග
- මෝස්තරය
- ඇසුරුම
අලෙවිකරණ මිශ්‍රයේ මිලට අදාළ අයිතම මොනවා ද?
- ලැයිස්තු මිල
- වට්ටම්
- දීමනා
- ණය කොන්දේසි
- ගෙවීම් ක්‍රම
අලෙවිකරණ මිශ්‍රයේ ස්ථානයට අදාළ අයිතම මොනවා ද?
- බෙදාහැරීම
- පිහිටීම
- තොග ගබඩා කිරීම
- ප්‍රවාහනය
- ආවරණ ප්‍රදේශ
අලෙවිකරණ මිශ්‍රයේ ප්‍රවර්ධනයට අදාළ අයිතම මොනවා ද?
- ප්‍රචාරණය
- පෞද්ගලික අලෙවිය
- මහජන සම්බන්ධතා
- විකුණුම් ප්‍රවර්ධන