Lesson 6 Phone Call, Receiving a visitor, Business hours Flashcards
What are the business hours of the Embassy?
තානාපති කාර්යාලය ඇරලා තියෙන්නේ කීයේ ඉඳලා කීය වෙනකන් ද?
From 8 to 12:30. Again from 2 to 4:45.
අටේ ඉඳලා දොළහමාර වෙනකන්. ආයෙත් දෙකේ ඉඳලා හතරයි හතලිස්පහ වෙනකන්.
I want to get a visa. Should I come about 2?
මට වීසා එකක් ගන්න ඕනෑ. මම දෙකට විතර එන්න ද?
The visa office doesn’t open after noon.
වීසා කන්තෝරුව දවාලට අරින්නේ නෑ.
It is open only from 8:30 to 12:30.
ඇරලා තියෙන්නේ අට හමාරේ ඉඳලා දොළහමාර වෙනකන් විතරයි.
If you want a visa, come before 12:30.
වීසා එකක් ඕනෑනම් දොළහමාරෙන් ඉස්සර එන්න.
If I don’t come before 12:30, how do I get a visa?
මම දොළහමාරට ඉස්සර එන්නේ නැත්තං, වීසා එකක් ගන්නේ කොහොම ද?
I don’t know. I’ll ask and see.
මම දන්නේ නෑ. මම අහලා බලන්නම්.
if
if not
…නම්
…නැත්තං
The office is now closed.
කන්තෝරුව දැන් වහලා.
The embassy is now closed.
තානාපති කාර්යාලය දැන් වහලා.
The post office is now closed.
තැපැල් කන්තෝරුව දැන් වහලා.
Government departments are now closed.
රජයේ දෙපාර්තමේන්තු දැන් වහලා.
Is the Embassy still open?
No. The Embassy is now closed.
තානාපති කාර්යාලය තවම ඇරලා ද?
නෑ. තානාපති කාර්යාලය දැන් වහලා.
Is the bank still open?
No. The bank is now closed.
බැංකුව තවම ඇරලා ද?
නෑ. බැංකුව දැන් වහලා.
What time does the office open?
It opens at 6:30 am.
කන්තෝරුව අරින්නේ කීයට ද?
ඒක අරින්නේ උදේ හය හමාරට.
What time does the library close?
It closes at 7.
පුස්තකාලය වහන්නේ කීයට ද?
ඒක වහන්නේ හතට.
From when till when?
From 5 till 8.
කීයේ ඉඳලා කීය වෙනකන් ද?
පහේ ඉඳලා අට වෙනකන්.
From when till when?
From 6 till 3.
කීයේ ඉඳලා කීය වෙනකන් ද?
හයේ ඉඳලා තුන වෙනකන්.
If you want a visa, sir, come about eight.
මහත්තයාට වීසා එකක් ඕනෑ නම්, අටට විතර එන්න.
If you want a visa, sir, come about two.
මහත්තයාට වීසා එකක් ඕනෑ නම්, දෙකට විතර එන්න.
The gentleman is going home.
The gentleman wants to go home.
මහත්තයා ගෙදර යනවා.
මහත්තයාට ගෙදර යන්න ඕනෑ.
The gentleman works in Sri Lanka.
The gentleman wants to work in Sri Lanka.
මහත්තයා ලංකාවේ වැඩ කරනවා.
මහත්තයාට ලංකාවේ වැඩ කරන්න ඕනෑ.
He is reading the papers again.
If he is reading the papers again, tell me.
එයා පත්තර ආයෙත් කියවනවා.
එයා පත්තර ආයෙත් කියවනවා නම්, මට කියන්න.