08. මුදල් පොත සහ සුළු මුදල් පොත Flashcards

You may prefer our related Brainscape-certified flashcards:
1
Q

මුදල් පොත යනු කුමක් ද?

A

ව්‍යාපාර ගනුදෙනු ආශ්‍රිත ව ව්‍යවහාර මුදලින් සිදුවන මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් වාර්තා කරන මූලික සටහන් පොත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

මුදල් පොතේ ලැබීම් සටහන් කරන්නේ කුමන මූලාශ්‍ර ලේඛනයක් උපයෝගී කර ගෙන ද?

A

ලදුපත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

මුදල් පොතේ ගෙවීම් සටහන් කරන්නේ කුමන මූලාශ්‍ර ලේඛනයක් උපයෝගී කර ගෙන ද?

A

ගෙවීම් වවුචර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ලදුපත යනු කුමක් ද?

A

ව්‍යාපාරයකට යම් මුදලක් ලැබුණ විට එම ලැබීම සනාථ කරමින් ව්‍යාපාර විසින් මුදල් ගෙවූ පාර්ශවය වෙත නිකුත් කෙරෙන කුවිතාන්සිය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ලදුපත හැඳින්වෙන අනෙක් නම් මොනවා ද?

A
  • මුදල් මැමය
  • මුදල් ලැබීමේ කුවිතාන්සිය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ගෙවීම් වවුචරය යනු කුමක් ද?

A

ව්‍යපාර විසින් සෑම මුදල් ගෙවීමක දී ම ඊට අදාළ තොරතුරු ඇතුළත් කර, වග කිවයුතු පුද්ගලයෙකු විසින් අත්සන් කර, ගෙවීම සනාථ කිරීම සඳහා පිළියෙළ කරන ලද ලියවිල්ල

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

මුදල් පොතේ ද්විත්ව කාර්‍යය නම් කරන්න

A
  1. මූලික සටහන් පොතක කාර්‍යය
  2. ලෙජර් ගිණුමක කාර්‍යය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

මුදල් පොතක ආකෘති ලියා දක්වන්න

A
  1. දිනය/ විස්තරය/ ස.පි./ වටිනාකම ×2
  2. දිනය/ ල.අ./ විස්තරය/ ස.පි./ වටිනාකම/ දිනය/ ව.අ./ විස්තරය/ ස.පි./ වටිනාකම
  3. දිනය/ විස්තරය/ ස.පි./ දුන් වට්ටම්/ වටිනාකම/ දිනය/ විස්තරය/ ස.පි./ ලද වට්ටම්/ වටිනාකම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

වට්ටම් යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද?

A

යම් ගනුදෙනුවක් සිදුවීමේ දී එම ගනුදෙනුවේ වටිනාකමින් අඩු කරනු ලබන අගය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

වට්ටම් වර්ග කරන ප්‍රධාන කොටස් දෙක කුමක් ද?

A
  1. වෙළෙඳ වට්ටම්
  2. මුදල් වට්ටම්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

වෙළෙඳ වට්ටම් යනු කුමක් ද? හඳුන්වන්න.

A

භාණ්ඩ විකිණීමේ දී ලකුණු කළ මිලෙන් කිසියම් වටිනාකමක් අඩු කර විකිණීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

වෙළෙඳ වට්ටම් වලට අදාළ ගනුදෙනු ලෙජරයේ වාර්තා කිරීමේ දී සඳහන් කරන්නේ අදාළ වෙළෙඳ භාණ්ඩවල කුමන අගය ද?

A

ශුද්ධ අගය හෙවත් වෙළෙඳ වට්ටම අඩු කළ අගය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ගිණුම්වල සටහන් නොකරන වට්ටම් වර්ගය කුමක් ද?

A

වෙළෙඳ වට්ටම්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

මුදල් වට්ටම් යනු කුමක් ද?

A

නියමිත කාලය තුළ ණය බේරුම් කරන විට අදාල ණය මුදලෙන් කරනු ලබන අඩු කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

මුදල් වට්ටම් ලබා දීමේ අරමුණ කුමක් ද?

A

වෙළෙඳ ගනුදෙනු ණයට සිදු කරන විට ඉක්මනින් ණය බේරුම් කිරීම සඳහා ණයගැතියා පොළඹවා ගැනීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

මුදල් වට්ටම් අදාල වන ගිණුම් වර්ග මොනවා ද?

A

ලද මුදල් වට්ටම් : ආදායම් ගිණුම
දුන් මුදල් වට්ටම් : වියදම් ගිණුම

17
Q

මුදල් පොතට ඇතුළත් කරන වට්ටම් තීරු හැඳින්වෙන නම කුමක් ද?

A

සිහිවටන තීරු

18
Q

මුදල් පොතේ වට්ටම් තීරු, සිහිවටන තීරු ලෙස හැඳින්වෙන්නේ ඇයි?

A

උපයෝගී පොතක (මූලික සටහන් පොතක) කාර්‍යයභාරය පමණක් ඉටු කරන නිසා

19
Q

මුදල් පොතේ සිහිවටන වට්ටම් තීරුවල ඇති ශේෂයන් අදාළ වට්ටම් ගිණුම්වල සටහන් කරන්නේ කුමන අවස්ථාවේ ද?

A

කාලච්ඡේදය අවසානයේ ගිණුම් තුලනය කරන විට

20
Q

සුළු මුදල් පොත යනු කුමක් ද?

A

ව්‍යාපාරයක නිතර නිතර සිදුවන සුළු වටිනාකම් සහිත මුදල් ගෙවීම් පිළිබඳ ගනුදෙනු සටහන් කරනු ලබන මූලික සටහන් පොත

21
Q

සුළු මුදල් පොත භාර තැනැත්තා කවු ද?

A

සුළු මුදල් භාරකරු

22
Q

සුළු මුදල් අග්‍රිමය යනු කුමක් ද?

A

පාලනයකින් යුතු ව සුළු මුදල් වියදම් පවත්වා ගැනීම සඳහා සුළු මුදල් භාරකරුට ලබා දෙන නිශ්චිත මුදල

23
Q

විශ්ලේෂණ තීරු යනු මොනවා ද?

A

සුළු මුදල් පොතේ සමාන වර්ගයේ වියදම් පිටපත් කිරීම සඳහා තබා ඇති තීරු

24
Q

විශ්ලේෂණ තීරුවල සටහන් කළ නො හැකි, වෙන ම අදාළ ගිණුම්වලට පිටපත් කළ යුතු සුළු මුදල් ගෙවීම් මොනවා ද?

A
  • ණය හිමියන්ට ගෙවීම්
  • සුළු වත්කම් මිල දී ගැනීම
  • ගෙන ඒමේ වියදම්
  • පැටවුම් කුලී