07. මූලික සටහන් පොත් Flashcards

1
Q

මූලික සටහන් පොත් යනු මොනවා ද?

A

ව්‍යාපාරයක සිදුවන සෑම ගනුදෙනුවක් ම ලෙජර ගිණුම්වල සටහන් කිරීමට ප්‍රථම එම ගනුදෙනු සිදු වූ අනුපිළිවෙළින් පොදුවේ පිළිගත් සම්මත ක්‍රමයකට පළමුවෙන් ම සටහන් කරන පොත් වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

මූලික සටහන් පොත් හැඳින්වෙන අනෙක් නම් මොනවා ද?

A
  • උපයෝගී පොත්
  • දෛනික පොත්
  • ජ’නල්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ව්‍යාපාරයක භාවිත කරන මූලික සටහන් පොත් වර්ග මොනවා ද?

A
  • මුදල් පොත
  • සුළු මුදල් පොත
  • බැංකු ගිණුම
  • ගැනුම් ජ’නලය
  • විකුණුම් ජ’නලය
  • පොදු ජ’නලය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

මූලික සටහන් පොත්වල අවශ්‍යතාව ලියා දක්වන්න

A
  • කාලච්ඡේදයකට අයත් එක ම ස්වරූපයේ ගනුදෙනු වර්ග කර සටහන් කිරීමට අවශ්‍ය වීම
  • මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කළ පසු ඒවා ලෙජර ගිණුම්වලට පිටපත් කිරීම විදිමත් හා පහසු වීම
  • එක් එක් මූලික පොත් පිළියෙළ කිරීමේ වගකීම වෙන වෙන ම පුද්ගලයන් වෙත නිශ්චිත ව පැවරිය හැකි වීම හා එමගින් ඇති විය හැකි වැරදි හා වංචා අවම කර ගැනීම
  • මූලික සටහන් පොත්වල එකතු, ගිණුම්වලට පිටපත් කළ හැකි නිසා ලෙජර ගිණුම් තුළ තබන සටහන් සංඛ්‍යාව අඩුවීම මගින් ලෙජරය පවත්වා ගැනීම පහසු වීම
  • ගිනුම්කරණ දෝෂ අවම වීම සහ සිදුවන දෝෂ හඳුනා ගැනීම පහසු වීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

මූලාශ්‍ර ලේඛන යනු මොනවා ද?

A

ව්‍යාපාර ගනුදෙනු සිදු වූ විට එම ගනුදෙනුවට මුල් වී ක්‍රියා කරන අංශය විසින් ගනුදෙනුව පිළිබඳ සියලු විස්තර අන්තර්ගත කොට වගකිවයුතු නිලධාරියකු විසින් අත්සන් කර පිළියෙළ කරන ලියවිලි වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

මූලාශ්‍ර ලේඛනවල අන්තර්ගත වන කරුණු මොනවා ද?

A
  • ව්‍යාපාරයේ නම හා ලිපිනය
  • අනුක්‍රමික අංකය
  • ගනුදෙනුව සිදු වූ දිනය
  • ගනුදෙනුවට සම්බන්ධ අනෙක් පාර්ශවය
  • ගනුදෙනුව සම්බන්ධ විස්තර
  • ගනුදෙනුවේ මූල්‍යමය වටිනාකම
  • ගනුදෙනුව පිළිබඳ වගකීම භාර ගන්නා නිලධාරියාගේ අත්සන
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

මුදල් පොතේ සටහන් තැබීමට ගන්නා මූලාශ්‍ර ලේඛන මොනවා ද?

A
  • ලදුපත
  • ගෙවීම් වවුචරය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

බැංකු ගිණුමේ සටහන් තැබීමට යොදා ගන්නා මූලාශ්‍ර ලේඛන මොනවා ද

A
  • තැන්පත් කිරීමේ කුවිතාන්සි
  • ගෙවීම් වවුචර
  • බැංකු ප්‍රකාශය
  • අගරු චෙක්පත් නිවේදනය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

සුළු මුදල් පොතේ සටහන් තැබීමට යොදා ගන්නා මූලාශ්‍ර ලේඛන මොනවා ද?

A

සුළු මුදල් ගෙවීම් වවුචරය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

ගැනුම් ජ’නලයේ සටහන් තැබීමට යොදා ගන්නා මූලාශ්‍ර ලේඛන මොනවා ද

A

ගැනුම් ඉන්වොයිසිය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

විකුණුම් ජ’නලයේ සටහන් තැබීමට යොදා ගන්නා මූලාශ්‍ර ලේඛන මොනවා ද

A

විකුණුම් ඉන්වොයිසිය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

පොදු ජ’නලයේ සටහන් තැබීමට යොදා ගන්නා මූලාශ්‍ර ලේඛන මොනවා ද

A

ජ’නල් වවුචරය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

මූලාශ්‍ර ලේඛනවල ප්‍රයෝජන මොනවා ද?

A
  • ගනුදෙනුවට අදාළ ආරම්භක ලියවිල්ල ලෙස යොදා ගත හැකි වීම
  • ගනුදෙනුව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂියක් ලෙස භාවිත කළ හැකි වීම
  • ගනුදෙනුව පිළිබඳ අතිරේක විස්තර ලබාගත හැකි වීම
  • ගනුදෙනු මූලික සටහන් පොත්වල ලිවීමේ දී යොදාගත හැකි වීම
  • වගකිවයුතු නිලධාරියෙකු අත්සන් කර ඇති නිසා වගකීම නිශ්චිත ව පැවරිය හැකි වීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly