14. තොරොක්කෝව Flashcards
තොරොක්කෝව කෙටිකතාව රචනා කළේ කවු ද?
ජපන් ජාතික ර්යුනොසුකේ අකුතගාවා
ර්යුනොසුකේ අකුතගාවා උපන් ප්‍රදේශය කුමක් ද?
ජපානයේ ටෝකියෝ අගනුවර, කියෝබෂි දිස්ත්‍රික්කයේ
තොරොක්කෝව කෙටිකතාව සිංහලයට පරිවර්තනය කළේ කවු ද?
ජයන්ත විමලසේන
තොරොක්කෝව කෙටිකතාවේ සිංහල පරිවර්තනය එන්නේ කුමන ග්‍රන්ථයේ ද?
ජයන්ත විමලසේනයන් විසින් පරිවර්තිත හදවත පාළුයි නම් කෙටිකතා එකතුවේ
තොරොක්කෝව කෙටි කතාවේ ප්‍රධාන චරිතය කවු ද?
අවුරුදු අටක කුඩා ර්යෝහෙයි
ද කොකේසියන් චෝක් සර්කල් නම් නාට්‍යය රචනා කරන්නේ කවු ද?
විසිවන සියවසේ දී ජර්මනියේ විසූ බර්ටෝල්ට් බ්රෙෂ්ට්
ද කොකේසියන් චෝක් සර්කල් සිංහලයට පරිවර්තනය වූ නම කුමක් ද?
හුණුවටයේ කතාව
ද කොකේසියන් චෝක් සර්කල් සිංහලයට පරිවර්තනය කළේ කවු ද?
හෙන්රි ජයසේන
සතර අභිනය නම් කරන්න
- ආංගික අභිනය : අංග චලන මාර්ගයෙන් අදහස් ප්‍රකාශ කිරීම
- වාචික අභිනය : වචන මගින් අදහස් ප්‍රකාශ කිරීම
- සාත්වික අභිනය : මුහුණේ ඉරියවු මගින් අදහස් ප්‍රකාශනය
- ආහාර්‍ය අභිනය : ඇඳුම් පැලඳුම්, සංගීතය, වේදිකා පසුතල නිර්මාණය, රංගාලෝකනය, වේශ නිරූපණය ආදී සියලු දේ මගින් අදහස් නිරූපණය
දුන්න දුනුගමුවේ නාට්‍යය කාගේ නිර්මාණයක් ද?
සුගතපාල ද සිල්වා මහතාගේ
**ජයලත් මනෝරත්නයන්* විසින් රචිත නාට්‍ය දෙකක් නම් කරන්න
- ගුරු තරුව
- තලමල පිපිලා
මනමේ නාට්‍ය සඳහා පාදක වී ඇති ජාතක කතාව කුමක් ද?
චුල්ලධනුද්ධර ජාතකය
සුබ සහ යස නාට්‍ය නිර්මාණය කරන්නේ කවු ද?
සයිමන් නවත්තේගම මහතා
ප්‍රධාන නාට්‍ය ශෛලි දෙක කුමක් ද?
- ලෝක ධර්මී (ස්වාභාවික ශෛලිය)
- නාට්‍ය ධර්මී (ශෛලිගත සම්ප්‍රදාය)