09. තාපය Flashcards

1
Q

උෂ්ණත්වය යනු කුමක් ද?

A

වස්තුවක් නිර්මාණය වී ඇති අංශුවල පවතින මධ්‍යන්‍ය චාලක ශක්තිය පිළිබඳ මිනුමකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

උෂ්ණත්වය මැනීම සඳහා යොදා ගන්නා උපකරමැය කුමක් ද?

A

උෂ්ණත්වමානය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ලොව මුල් ම උෂ්ණත්වමානය නිපදවූයේ කවු ද?

A

ක්‍රි. ව. 1600 දී පමණ ගැලීලියෝ ගැලීලි විසින්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

දැනට භාවිත වන විවිධ උෂ්මත්වමාන වර්ග මොනවා ද?

A
  • වීදුරු - රසදිය උෂ්ණත්වමානය
  • වීදුරු - මධ්‍යසාර උෂ්ණත්වමානය
  • සංඛ්‍යාංක උෂ්ණත්වමානය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

වීදුරු - රසදිය උෂ්ණත්වමානයක කොටස් මොනවා ද?

A
  • රසදිය අඩංගු බල්බය
  • කේශික සිදුරක් සහිත වීදුරු කඳ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

උෂ්ණත්වමාන ද්‍රවයක් ලෙස රසදිය භාවිත වීමට හේතු මොනවා ද?

A
  • ප්‍රසාරණය පුළුල් උෂ්ණත්ව පරාසයක් තුළ ඒකාකාරී වීම
  • හොඳින් තාපය සන්නයනය කිරීම
  • පුළුල් උෂ්ණත්ව පරාසයක් තුළ ද්‍රවයක් ලෙස පැවතීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

රසදිය ද්‍රවයක් ලෙස පවතින උෂ්ණත්ව පරාසය කොපමණ ද?

A

-39°C සිට 357°C දක්වා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

වීදුරු - මධ්‍යසාර උෂ්ණත්වමානයක භාවිත වන උෂ්ණත්වමාන ද්‍රවය කුමක් ද?

A

එතිල් (එතනෝල්)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

මද්‍යසාර උෂ්ණත්වමානයකින් මැනිය හැකි උෂ්ණත්ව පරාසය කොපමණ ද?

A

-115°C සිට 100°C දක්වා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

එතිල් මද්‍යසාරයේ ද්‍රවාංකය කොපමණ ද?

A

-115°C

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

මද්‍යසාර උෂ්ණත්වමාන යෝග්‍ය වන්නේ කවර උෂ්ණත්ව මැනීම සඳහා ද?

A

සෙල්සියස් අංශක 0 ට අඩු උෂ්ණත්ව මැනීම සඳහා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

එතනෝල් උෂ්ණත්වමාන ද්‍රවයක් ලෙස භාවිතයට ගැනීම සඳහා හේතු මොනවා ද?

A
  • ද්‍රවාංකය ඉතා පහළ අගයක් (-115°C) ගැනීම නිසා සෙල්සියස් ඍණ අගයක් ගන්නා උෂ්ණත්ව මැනීමට යෝග්‍ය වීම
  • අනෙක් ද්‍රවවලට සාපේක්ෂ ව ප්‍රසාරණය වැඩි වීම
  • ප්‍රසාරණය, උෂ්ණත්වය සමග ඒකාකාරී වීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

සංඛ්‍යාංක උෂ්ණත්වමානයක උෂ්ණත්වය මැනීම සඳහා භාවිත වන ගුණය කුමක් ද?

A

ප්‍රතිරෝධය වැනි උෂ්ණත්වය මත රඳා පවතින විද්‍යුත් ගුණයක්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

වර්තමානයේ භාවිත වන උෂ්ණත්ව පරිමාණ මොනවා ද?

A
  • සෙල්සියස් පරිමාණය
  • ෆැරන්හයිට් පරිමාණය
  • කෙල්වින් පරිමාණය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

සෙල්සියස් පරිමාණය සාදා ඇත්තේ කෙසේ ද?

A

1 atm පීඩනය යටතේ සංශුද්ධ අයිස් ජලය බවට පත්වන උෂ්ණත්වය ශුන්‍ය ලෙසත්, ජලය හුමාලය බවට පත්වන උෂ්ණත්වය 100°C ලෙසටත් ගැනීමෙන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

සෙල්සියස් පරිමාණය සඳහා ජලය අයිස් වන උෂ්ණත්වය හා හුමාලය වන උෂ්ණත්වය තෝරාගෙන ඇත්තේ ඇයි?

A
  • පහසුවෙන් ලබා ගත හැකි උෂ්ණත්ව දෙකක් වීම
  • පීඩනයේ සිදුවම වෙනස්කම් හැරුණු විට වෙනස් නොවන උෂ්ණත්ව වීම
17
Q

උෂ්ණත්ව පරිමාණයක් සකස් කර ගැනීම සඳහා භාවිත කරන වෙනස් නොවන උෂ්ණත්ව හැඳින්වෙන නම කුමක් ද?

A

අචල ලක්ෂ්‍ය

18
Q

ෆැරන්හයිට් පරිමාණය සාදා ඇත්තේ කෙසේ ද?

A

සංශුද්ධ ජලය අයිස්වන උෂ්ණත්වය 32°F ලෙසත්, හුමාලය වන උෂ්ණත්වය 212°F ලෙසත් ගෙන අචල ලක්ෂ්‍ය දෙක අතර පරාසය කොටස් 180 කට බෙදීමෙන්

19
Q

කෙල්වින් පරිමාණය සකස් කළේ කවු ද?

A

කෙල්වින් සාමිවරයා

20
Q

යම් වස්තුවකට තිබිය හැකි අවම උෂ්ණත්වයක් පවතින බව සොයා ගත්තේ කවු ද?

A

කෙල්වින් සාමිවරයා

21
Q

යම් වස්තුවක උෂ්ණත්වයට තිබිය හැකි අවම අගය හඳුන්වන නම කුමක් ද?

A

නිරපේක්ෂ ශුන්‍යය

22
Q

නිරපේක්ෂ ශුන්‍යය සෙල්සියස් පරිමාණයෙන් කොපමණ අගයක් ගනී ද?

A

-273.15°C

23
Q

කෙල්වින් පරිමාණය සාදා ඇත්තේ කෙසේ ද?

A

නිරපේක්ෂ ශුන්‍යයේ උෂ්ණත්වය 0°K ලෙසත්, 1°K ක උෂ්ණත්ව පරාසයක් 1°C ට සමාන වන ලෙසත්

24
Q

උෂ්ණත්වය මැනීමේ ජාත්‍යන්තර ඒකකය කුමක් ද?

A

කෙල්වින් K

25
Q

ජලය අයිස් වන උෂ්ණත්වය කෙල්වින් කොපමණ ද?

A

273 K

26
Q

ජලය නටන උෂ්ණත්වය කෙල්වින් කොපමණ ද?

A

373 K

27
Q

තාපය යනු කුමක් ද?

A

යම් වස්තු දෙකක් අතර පවතින උෂ්ණත්ව වෙනස හේතුවෙන් එක් වස්තුවක සිට අනෙක් වස්තුවට ගලා යන ශක්තිය

28
Q

තාප සංක්‍රාමණය යනු කුමක් ද?

A

එක් වස්තුවක සිට තවත් වස්තුවකට තාපය ගලා යෑම

29
Q

වස්තු දෙකක් අතර උෂ්ණත්වය සමාන වීම නිසා එකිනෙකට තාප සංක්‍රාමණයක් සිදු නොවන අවස්ථාව හඳුන්වන නම කුමක් ද?

A

තාපජ සමතුලිතතාව

30
Q

තාපය මැනීම සඳහා භාවිත වන අන්‍තර්ජාතික ඒකකය කුමක් ද?

A

ජූල් J

31
Q

තාපය මැනීම සඳහා භාවිත වන ඒකක මොනවා ද?

A
  • ජූල්
  • කැලරි
32
Q

තාප ධාරිතාවය යනු කුමක් ද?

A

යම් වස්තුවක උෂ්ණත්වය ඒකක 1 කින් වැඩි කිරීම සඳහා සැපයිය යුතු තාප ප්‍රමාණය, එම වස්තුවේ තාප ධාරිතාවය ලෙස හැඳින්වේ

33
Q

තාප ධාරිතාව මනින අන්තර්ජාතික ඒකකය කුමක් ද?

A
  • කෙල්විනයට ජූල් ( J K-1)
34
Q

තාප ධාරිතාව මනින ඒකක මොනවා ද?

A
  • කෙල්විනයට ජූල් ( J K-1)
  • සෙල්සියස් අංශකයට ජූල් ( J °C-1)
35
Q

යම් වස්තුවක තාප ධාරිතාවය රඳා පවතින සාධක මොනවා ද?

A
  • වස්තුව සාදා ඇති ද්‍රව්‍ය
  • වස්තුවේ ස්කන්ධය
36
Q

යම් ද්‍රව්‍යක තාප ධාරිතාවය දක්වන සංකේතය කුමක් ද?

A

C

37
Q

විශිෂ්ට තාප ධාරිතාව යනු කුමක් ද?

A

යම් ද්‍රව්‍යක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය

38
Q

ද්‍රව්‍යක තාප ධාරිතාව හා සමානුපාතික වන්නේ එම ද්‍රව්‍යයේ කුමන ගුණය ද?

A

ස්කන්ධය

39
Q

වස්තුවක තාප ධාරිතාව ලබා ගැනීමට ඇති සූත්‍රය කුමක් ද?

A

තාප ධාරිතාව = ස්කන්ධය × විශිෂ්ට තාප ධාරිතාව
C = mc