06. Hydrostatic Pressure and It's Applications Flashcards
පීඩනය යනු කුමක් ද?
ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය
පීඩනය සොයන සූත්‍රය කුමක් ද?
පීඩනය = අභිලම්බ බලය/ වර්ගඵලය
*P = F / A
පීඩනය මැනීමේ ඒකකය කුමක් ද?
- ඒකක වර්ගයට නිව්ටන් Nm-2
Nm-2 යන පීඩන ඒකකය හැඳින්වෙන නම කුමක් ද?
පැස්කල් (Pa)
පැස්කල් යන ඒකකය නම් කර ඇත්තේ කුමන විද්‍යාඥයාට ගෞරවයක් ලෙස ද?
ඉතාලි ජාතික බ්ලේයිස් පැස්කල් විද්‍යාඥයාට ගෞරවයක් ලෙස
පීඩනය කුමන රාශියක් ද?
අදිශ රාශියකි
ද්‍රව පීඩනයේ ගුණාංග මොනවා ද?
- ද්‍රවයක් තුළ යම් ස්ථානයක දී ඇති වන පීඩනය ඊට ඉහළින් ඇති ද්‍රව කඳේ උස මත රඳා පවතී
- ද්‍රවයේ සම මට්ටම්වල දී පීඩන සමාන වේ
- ද්‍රවය තුළ යම් ස්ථානයක දී ඕනෑ ම දිශාවකට පීඩනය එක ම අගයක් ගනී
- ද්‍රව කඳේ පීඩනය ද්‍රව කඳේ උස මත රඳා නො පවතින අතර, ද්‍රව කඳේ සිරස් උස මත පමණක් රඳා පවතී
ද්‍රව පීඩනය සඳහා වන සූත්‍රය කුමක් ද?
ද්‍රව පීඩනය = hpg
- h : height : m
- p : pressure : kgm-3
- g : acceleration due to gravity : ms-2
ද්‍රවයක එක් තැනකට යොදනු ලබන පීඩනය, ද්‍රවයේ තවත් තැනකට සම්ප්‍රේෂණය කළ හැකි වන්නේ ඇයි?
බල යෙදූ විට ද්‍රව සම්පීඩනය නො වන නිසා
ද්‍රව පීඩනය මූලික කරගෙන ක්‍රියාත්මක වන යන්ත්‍ර හැඳින්වෙන නම කුමක් ද?
ද්‍රාව පීඩක යන්ත්‍ර
ද්‍රාව පීඩන ජැක්කුව යොදා ගන්නා මූලධර්මය කුමක් ද?
- ද්‍රව පීඩක මූලධර්මය
- තරල තුලින් පීඩන සම්ප්‍රේෂණය
රථ වාහන තිරිංග පද්ධතියේ කොටස් මොනවා ද?
- පදිකය
- පිස්ටනය
- ප්‍රධාන සිලින්ඩරය
- දාස සිලින්ඩරය
- රෝධක පලු
- රෝධක තැටි
රථ වාහන තිරිංග පද්ධතියේ දී රියදුරා විසින් පාදයෙන් යොදන බලයට වඩා වැඩි බලයක් දාස සිලින්ඩරය වෙතට සම්ප්‍රේෂණය වන්නේ කෙසේ ද?
පදිකයෙන් ප්‍රධාන සිලින්ඩරයට යෙදෙන බලය, තරලය තුලින් වඩා වැඩි හරස්කඩ වර්ගඵලයක් ඇති දාස සිලින්ඩරයට යෙදීමෙන්. මේ නිසා රියදුරා විසින් යොදන බලයට වඩා වැඩි බලයකින් තිරිංග ක්‍රියාත්මක වේ
වායු පීඩනය ඇති විය හැකි ආකාර දෙක කුමක් ද?
- ඉහළින් ඇති වායු කඳක බර නිසා පීඩනයක් ඇති වීම
- සම්පීඩනය කරන ලද වායුවක් ප්‍රසාරණය වීමට දරන උත්සාහය
වායුගෝලීය පීඩනය යනු කුමක් ද?
පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර සිය ගණනක් උසට පිහිටි වායු කඳ නිසා ඇති වන පීඩනය
මුලින් ම වායුගෝලීය පීඩනය මැන්නේ කවු ද?
ඉතාලි ජාතික ටොරිසෙල්ලි නම් විද්‍යාඥයා
ටොරිසෙල්ලි වායු පීඩනය මැනීම සඳහා භාවිත කළේ කුමක් ද?
රසදිය වායු පීඩනමානය
මුහුදු මට්ටමේ දී රසදිය වායු පීඩන මානයෙන් ලැබෙන පාඨාංකය කුමක් ද?
76 cm Hg
වායු පීඩනය වෙනස් විය හැකි හේතු මොනවා ද?
- මුහුදු මට්ටමෙන් ඉහළට යත් ම වායු කඳේ උස අඩුවන නිසා වායුගෝලීය පීඩනය අඩුවේ
- කාලගුණය අනුව
එවරස්ට් කඳු මුදුනේ වායු පීඩනය රසදිය සෙන්ටිමීටර කීය ද?
25 cm Hg
වායුගෝලීය පීඩනය මැනීම සඳහා ද්‍රව භාවිත නො කරන පීඩනමානය හැඳින්වෙන නම කුමක් ද?
නිර්ද්‍රව වායු පීඩනමානය
එදිනෙදා කටයුතු සඳහා වායුගෝලීය පීඩනය යොදා ගන්නා අවස්ථා මොනවා ද?
- බටයක් භාවිතයෙන් බීම පානය
- සයිෆන ක්‍රමයෙන් ටැංකියක ඇති ජලය ඉවත් කිරීම
- රබර් චූෂකයෙහි ක්‍රියාව
මුහුදු මට්ටමේ දී වායුගෝලීය පීඩනය 76 cm Hg වේ. රසදිය වල ඝනත්වය 13 600 kgm-3 ද ගුරුත්වජ ත්වරණය 10 ms-2 ලෙස ද සලකා වායුගෝලීය පීඩනය පැස්කල් වලින් සොයන්න
වායුගෝලීය පීඩනය = hpg
= 76/100m × 13 600 kgm-3 × 10 ms-2
= 103 360 Pa
මුහුදු මට්ටමේ දී වායුගෝලීය පීඩනය 76 cm Hg වේ. රසදිය වල ඝනත්වය 13 600 kgm-3 ද ගුරුත්වජ ත්වරණය 10 ms-2 ලෙස ද සලකා වායුගෝලීය පීඩනය මගින් සංතුලනය කළ හැකි ජල කඳේ උස සොයන්න
ජල කඳේ උස = h
hpg = 103 360
h = 103 360/ 10 000
h = 10.336 m
උඩුකුරු තෙරපුම යනු කුමක් ද?
තරලයක් තුළ සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් ගිල්වා ඇති වස්තුවක් මත තරලය මගින් ඉහළට ඇති කරන බලය
ආකිමිඩිස් මූලධර්මය නම් කරන්න
වස්තුවක් තරලයක් තුළ අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් හෝ ගිලී ඇති විට, එය මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම වස්තුව මඟින් විස්ථාපිත තරලයේ බරට සමාන වේ
වස්තුවක් තරලයක් තුළ සම්පූර්ණයෙන් ගිල් වූ විට ක්‍රියා කරන උඩුකුරු තෙරපුම හා වස්තුවේ බර අතර සම්බන්ධතාව දක්වන්න
උඩුකුරු තෙරපුම,
- වස්තුවේ බරට වඩා අඩු නම්, වස්තුව තරලය තුළ ගිලේ
- වස්තුවේ බරට සමාන නම්, වස්තුව තරලය තුළ සම්පූර්ණයෙන් ගිලී පාවේ
- වස්තුවේ බරට වඩා වැඩි නම්, වස්තුවේ බරට සමාන උඩුකුරු තෙරපුමක් තරලයෙන් ඇති වන සේ වස්තුව තරලය තුළ අර්ධ වශයෙන් ගිලී පාවේ
ද්‍රවමානය භාවිත කරන්නේ කුමක් සඳහා ද?
ද්‍රවවල සහ ද්‍රාවණවල ඝනත්වය මැන ගැනීමට
ද්‍රවමානය සදා ඇත්තේ කෙසේ ද?
- වීදුරුවලින් සාදා ඇත
- සිලින්ඩරාකාර කඳක් හා බල්බයක් ඇත
- ද්‍රව තුළ සිරස් ව පා වීම සඳහා බල්බය තුළ රසදිය හෝ ඊයම් මූනිස්සම් යොදා ඇත
ද්‍රවමානය සාදා ඇත්තේ කුමන නියමය පාදක කර ගෙන ද?
ආකිමිඩිස් නියමය පාදක කරගෙන
විවිධ ඝනත්වයන්ගෙන් යුත් ද්‍රවවල දී ද්‍රවමානයේ හැසිරීම කෙසේ ද?
- වැඩි ඝනත්වයක් සහිත ද්‍රාවණවල අඩුවෙන් ගිලේ
- අඩු ඝනත්වයක් සහිත ද්‍රාවණවල වැඩියෙන් ගිලේ