02. සරල රේඛීය චලිතය Flashcards
විස්ථාපනය යනු කුමක් ද?
- එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා යම් දිශාවකට සිදු වන සරල රේඛීය ඈත් වීම
‘අදිශ රාශි’ යනු කුමක් ද?
විශාලත්වයක් පමණක් ඇති/ විශාලත්වය පමණක් ප්‍රකාශ කිරීම සෑහෙන භෞතික රාශි
‘දෛශික රාශි’ යනු කුමක් ද?
රාශියක අගය ප්‍රකාශ කිරීමේ දී බලයෙහි විශාලත්වය සහ දිශාව යන දෙක ම අවශ්‍ය වන රාශි
අදිශ රාශි සඳහා උදාහරණ මොනවා ද?
- දුර
- වේගය
- කාලය
- ස්කන්ධය
දෛශික රාශි සඳහා උදාහරණ මොනවා ද?
- විස්ථාපනය
- ප්‍රවේගය
- ත්වරණය
- බර
X ලක්ෂ්‍යයේ සිට 200m ක සරල රේඛීය දුරකින්, උතුරෙන් අංශක 60ක් නැගෙනහිර දිශාවෙහි Y ලක්ෂ්‍ය පිහිටා ඇත. X හා Y අතර ඇති විස්ථාපනය ලියන්න.
උතුරෙන් 60° ක් නැගෙනහිරට 200m
‘වේගය’ යනු කුමක් ද?
- දුර ගෙවා යාමේ ශීඝ්‍රතාවය
- ඒකක කාලයක දී වස්තුවක් චලනය වන දුර
වේගය සොයන සූත්‍රය කුමක් ද?
වේගය = දුර / කාලය
සෑම ඒකක කාලයකට ම සමාන දුරක් ගමන් කරන වස්තුවක වේගය හඳුන්වන නම කුමක් ද?
නියත වේගය, ඒකාකාර වේගය
වේගය මනින ඒකකය කුමක් ද?
ms^-1
Meters per second
මධ්‍යක වේගය හඳුන්වන අනෙක් නම කුමක් ද?
සාමාන්‍ය වේගය
මධ්‍යක වේගය සොයන සූත්‍රය කුමක් ද?
මධ්‍යයක වේගය = ගමන් කළ මුළු දුර ÷ ගත වූ මුළු කාලය
‘ප්‍රවේගය’ යනු කුමක් ද?
විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය යි
ප්‍රවේගය සොයන සූත්‍රය කුමක් ද?
ප්‍රවේගය = විස්ථාපනය ÷ කාලය
විස්ථාපනය ඒකාකාරී ලෙස උත්ක්‍රමණය වන වස්තුවක ප්‍රවේගය පිළිබඳ කුමක් කිව හැකි ද?
වස්තුව ඒකාකාරී හෙවත් නියත ප්‍රවේගයකින් චලනය වේ
නියත ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක ලක්ෂණ මොනවා ද?
- ප්‍රවේගයේ විශාලත්වය (වේගය) වෙනස් නොවේ
- දිශාව වෙනස් නොවේ
A change in direction of a moving object, even without a change of it’s speed still affects velocity as it increases total distance to the destination. (Hence, reducing the velocity)
මධ්‍යක ප්‍රවේගය සොයන සූත්‍රය කුමක් ද?
මධ්‍යක ප්‍රවේගය = මුළු විස්ථාපනය ÷ මුළු කාලය
චලිතයක දෙන ලද කාල අන්තරයක් තුළ දී සිදුවන ප්‍රවේගය ගණනය කිරීමේ සූත්‍රය කුමක් ද?
Ex : Find the rate of change in displacement in the first 6 seconds.
විස්ථාපන වෙනස ÷ කාලය
‘ත්වරණය’ යනු කුමක් ද?
- ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය
- ඒකක කාලයක් තුළ සිදුවන ප්‍රවේග වෙනස
ත්වරණය දක්වනු ලබන ඒකකය කුමක් ද?
තත්පර වර්ගයට මීටර් (ms^-2)
කාලය සමග ප්‍රවේගය අඩුවීම හෙවත් ‘ඍණ ත්වරණය’ හඳුන්වන නම කුමක් ද?
මන්දනය
විස්ථාපන - කාල ප්‍රස්තාර මගින් නිරූපණය වන්නේ කුමක් ද?
කාලය අනුව යම් වස්තුවක විස්ථාපනය සිදු වන අයුරු
විස්ථාපන - කාල ප්‍රස්ථාරයක x හා y අක්ෂ නම් කරන්න.
X axis : time (t)
Y axis : diaplacement (d)
විස්ථාපන - කාල ප්‍රස්තාරයක අනුක්‍රමණය මගින් නිරූපණය වන්නේ කුමක් ද?
කාල අන්තරයක සිදු වූ විස්ථාපනය හෙවත් ප්‍රවේගයයි
විස්ථාපන - කාල ප්‍රස්තාරයක සරල රේඛීය ශ්‍රිතයක් ලැබෙන්නේ කුමන විට ද?
වස්තුව නියත ප්‍රවේගයෙන් චලනය වන විට
ප්‍රවේග - කාල ප්‍රස්තාර මගින් නිරූපණය වන්නේ කුමක් ද?
කාලය සමඟ ප්‍රවේගය විචලනය වන ආකාරය
ප්‍රවේග - කාල ප්‍රස්ථාරයක x හා y අක්ෂ නම් කරන්න.
X axis : time (t)
Y axis : velocity (v)
ප්‍රවේග - කාල ප්‍රස්තාරයක ශ්‍රිතය සරල රේඛීය වන්නේ කුමන විට ද?
ඒකාකාර ත්වරණයක් ඇති විට
ප්‍රවේග - කාල ප්‍රස්තාරයක ශ්‍රිතයේ අනුක්‍රමණය මගින් නිරූපණය වන්නේ කුමක් ද?
කාල අන්තරයක දී සිදුවන ප්‍රවේග වෙනස හෙවත් ත්වරණය
ප්‍රවේග - කාල ප්‍රස්තාරයක ශ්‍රිතය මගින් ආවරණය වන වර්ගඵලයෙන් නිරූපණය වන්නේ කුමක් ද?
විස්ථාපනය
‘ගුරුත්වජ ත්වරණය’ යනු කුමක් ද?
ගුරුත්වාකර්ෂණ බලය නිසා හටගන්නා ත්වරණය
ගුරුත්වජ ත්වරණයේ සංකේතය කුමක් ද?
g
මුහුදු මට්ටමේ දී ගුරුත්වජ ත්වරණයේ සාමාන්‍ය අගය කුමක් ද?
9.8 ms^-1
මුහුදු මට්ටමේ සිට වස්තුවක් සිරස් ව ඉහළට ගමන් කරන විට එහි ත්වරණය කුමක් ද?
-9.8 ms^-2
9.8 ms^-2 ක මන්දනය